
සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් අද (26) අලුයම ශ්‍රී ලංකාවට ලැබී තිබෙයි.
චීන රජයේ ප්‍රදානයක් වන මෙම එන්නත් ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානයකින් කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙන පැමිණ තිබුණි.
සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග සහ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන යන මහත්ම මහත්මීන් ඇතුළු මැති ඇමතිවරු කිහිප දෙනෙක් මේ අවස්ථාවට එක්වූ අතර මෙරට චීන තානාපතිවරයා විසින් අදාළ එන්නත් ශ්‍රී ලංකා රජයට නිල වශයෙන් භාරදීම සිදු විය..
මෙහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා කියා සිටියේ චීනයේ නිපදවන සයිනෝවැක් එන්නත ඉදිරි මාස දෙක තුළ මෙරට දී නිපදවීම සඳහා කටයුතු අරඹන බවයි.





Comments
Post a Comment
Your comment will be visible after approval