
අද උදෑසන රූපවාහිනී සාකච්ඡාවකට එක්වෙමින් මෙරට එන්නත්කරණය යටතේ ඉදිරි සති දෙක තුළ ස්පුට්නික් එන්නත් මාත්‍රා 65000ක් ලැබීමට නියමිත බව යුදහමුදාපතිවරයා පවසයි.
ඔහු පැවසුවේ එම සංඛ්‍යාව කොළඹ දිස්ත්‍රික්කයේ ස්පුට්නික් පළමු මාත්‍රාව ලබාගත් 15000දෙනාගේ දෙවන මාත්‍රාව සඳහා යොදාගන්නා බවයි.
ඉතිරි එන්නත් මාත්‍රා 50,000 මහනුවර දිස්ත්‍රික්කයේ එන්නත්කරණය ආරම්භ කිරීමට යොදාගන්නා බවද කීය.
පසුව සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ පහක් ලබන අඟහරුවාදා මෙරටට ලැබෙන බවත් ඒවා
මෙතෙක් කොළඹ දිස්ත්‍රික්කයේ එන්නත්කරණය කළ 595000ට දෙවන මාත්‍රාව සඳහා ඒවා ලබා දෙන බව කීය.
මීට අමතරව ගම්පහ කලුතර කුරුණෑගල ,රත්නපුර සග ගාල්ල මාතර දිස්ත්‍රික්ක සඳහා සයිනොෆාම් එන්නත් මාත්‍රා තොගයක් වෙන් කර ඇතැයිද පැවසීය.
සයිනොෆාම් එන්නත් මාත්‍රා තවත් ලක්ෂ 30ක් ලබන ජූනි මාසයේ දී ලැබෙන අතර
ස්පුට්නික් එන්නත් මාත්‍රා ලක්ෂ 13ක් පමණ මෙරටට මේ වන විට ඇණවුම් කර තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval