සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ වසංගත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපා ගමගේ වෛද්‍යවරිය සමග කළ සම්මුඛ සාකච්ඡාවක් මේ සමග පළවේ.
වසංගතයක් එක්ක අපේ පරිස්සම තමයි වඩාත් වැදගත් වෙන්නේ .ඉතින් මේ ප්‍රතිශක්තිකරණය ගැනත් අපි නිතරම කතාබහ කරනවා. දැන් මේ එන්නත ගත්ත අයටත් ගත්තෙ නැති අයටත් ගොඩක් ප්‍රශ්න තියෙනවා. සමහර වෙලාවට සීනි වෙනුවෙන් බෙහෙත් ගන්නවා, කොලොස්ට්‍රෝල් වෙනුවෙන් බෙහෙත් ගන්නවා ,එහෙම නැත්නම් pressure වෙනුවෙන් බෙහෙත් ගන්නවා. මේවා නවත්තන්න ඕනේ ද? වැනි ප්‍රශ්න ගැන අපි විමසා දැනගමු
මුලින්ම මේ දීප ව්‍යාප්තව කරගෙන යන වැඩපිළිවෙළ ගැන අපි මූලිකව දැනගමු. තියෙන එන්නත් වර්ග මොනවද කියල මේ කොරෝනා වෛරසය එක්ක සටන් කරන්න?
එන්නත් වර්ග කියලා බැලුවොත් අපිට ලෝකේ පුරාම විවිධ එන්නත් තියෙනවා මේක අලුත් රෝගයක් නිසා අලුත් එන්නත් බොහොමයක් නිපදවන්න පටන් අරන් තියෙනවා දැන් අපේ රටට ආව ඒක ගැන කතා කළොත් අපිට මුලින්ම ලෝකෙන් ඒන්නත් දෙන්න පටන් ගත්තේ දෙසැම්බර් මාසයේ. දෙසැම්බර් මාසේ දෙන්න පටන් ගත්තා. මාසයක් විතර යද්දි ජනවාරි මස අග වෙද්දී ලංකාවට එන්නත් ගෙන්න ගන්න පුළුවන් වුණා. ඒක ඇත්තටම රාජතාන්ත්‍රික මට්ටමේ කරන කතාබහක් අනුව ලංකාවට කරන ප්‍රදානයක් විදියට තමයි covishield එන්නත ලැබුණේ .ඉතින් මේ covishield එන්නත ජනවාරි අග ඉඳන් පටන්ගෙන අප්‍රේල් මස මුල අප්‍රේල් ්10 වෙනකම් විවිධ කණ්ඩායම් වලට දීලා තියෙනවා. මුලින්ම සෞඛ්‍ය ක්ෂේත්රයේ සහ ප්රමුඛ පෙළ කණ්ඩායම් වලට ලබා දීලා ඊට පස්සේ ක්‍රමක්‍රමයෙන් ප්‍රජාවටත් ලබා දුන්නා. විශේෂයෙන් බස්නාහිර පළාතට දුන්නා ඒකට හේතුව මොකද මේ රෝගය ව්‍යාප්තවීමට අවදානම තියෙන්නෙ සහ වැඩියෙන්ම වාර්තා වුණු ප්‍රදේශවල මේ රෝගයෙන් මිය යාමට බරපතළ රෝග තත්ත්වයන් ඇතිවීමට සහ රෝගව්යාප්තියට කියන අවදානම අඩු කිරීම සඳහා තමයි එන්නත් ලබා දුන්නේ.
එතකොට මුල් අවස්ථාවේදී අපිට මිලියනයක් ලක්ෂ 5ක දෙකක් ලැබුණා. ඊට පස්සේ අපිට අර covax facility කයලා තියෙනවා ලෝක සෞඛ්‍ය සංවිධානය සහ gavi ආයතනය සහ අනිකුත් මූලික ආයතන එක්ව පිහිටුවා ගෙන රටවල් වලට එන්නත් ලබාදීමේ ක්‍රමවේදයක් තියෙන. ඒ හරහාත් ලක්ෂ දෙකයි හැටපහක ප්‍රමාණයක් ලැබුනා. ඉතින් මේ ප්‍රමාණය තමයි පළවෙනි එන්නත් මාත්‍රාව ලබා දීලා දෙවන එන්නත් මාත්‍රා වේ මුළු කොටසට දැන් ලබාදී ගෙනයන්නේ. එතකොට ඒකෙ තව asrtrazeneca කියන එකම තමයි covishiled එන්නත. අපි මේ covishiled එන්නතින් මුල අවස්ථාවේ ලබා දුන්නා ලක්ෂ නමයයි විසිපහක පමණ ප්‍රමාණයකට .ඒකෙන් දැන් දී ගෙන යන ප්‍රමාණය හැරුණු කොට තවත් ලක්ෂ හයක ප්‍රමාණයක් අපිට එන්නත් ලැබීමටත් නියමිතයි .ඉතින් එන්නත් මාත්‍රා ලැබුණට පසුව ඔවුන්ගෙන් ඉතිරි පුද්ගලයන්ටත් එන්නත් ලබා දෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.
දැන් මතයක් තියෙනවා astrazeneca පළමු එන්නත ලබා දුන්නම දෙවැනි එන්නත වෙනත් එන්නත් මාත්‍රාවක් ලබා දෙන්න පුළුවන් කමක් නෑ ඒ එන්නත ම ලබා දෙන්න ඕන කියලා යම් ප්‍රමාදයක් තියෙනවද?
එන්නත් වර්ග මාරු කරලා දෙන්න පුලුවන්ද කියන එක පර්යේෂණ කරනවා .අනිකුත් රටවල් වල. දැන් මේ පරීක්ෂණවල සාක්ෂි පැහැදිලිව ඉදිරිපත් වෙන්න ඕනේ එන්නතෙ සඵලදායි මට්ටම සහ එන්නතට ආරක්ෂාකාරී ද කියන එක මාත්‍රා වර්ග 2ක් ලබා දීම තුලින්. ඉතින් තවම ඒ ප්‍රතිඵල නිකුත් වෙලා නැහැ. ප්‍රතිඵල නිකුත් වුනොත් තමයි අපිට දෙවන එන්නත් මාත්‍රාව වෙනත් එහෙකින් ලබාදිය යුතු වන්නේ. දැන් අපිට ඉන්දියාවෙන් ලැබීමට නියමිතව තිබුණු එන්නත් මාත්‍රා ප්‍රමාණය පරක්කුවක් තියෙනවා. මොකද අපි හැමෝම දන්නවා ඉන්දියාවේ ඉතාම බරපතළ තත්ත්වයක් ඇති වුණා. ඉතින් ඔවුන් විසින් නිෂ්පාදනය කරන ලද එන්නත් ඔවුන්ටත් මදි තත්වෙට පත්වෙලා තියෙනවා. ඉතින් මේ astrazeneca එන්නත නිෂ්පාදනය කරන තව රටවල් තියෙනවා .ඉතින් මේ දවස් වල සාකච්ඡා පවත්වා ගෙන යනවා .අපට මොන රටකින් මේ ඒන්නත් ප්‍රමාණය ලබා ගන්න පුළුවන්ද කියන එක. අපි උත්සාහය අත්ඇරලත් නෑ බලාපොරොත්තු අතහැරලත් නෑ .නමුත් අපිට යම්කිසි හේතුවකින් මේ එන්නත් ලැබීමට නොහැකි වුණොත් පළවෙනි එන්නත් මාත්‍රාව ලබා ගත්ත අයට මොකද වෙන්නේ කියන එක තමයි හැමෝටම තියෙන ප්රශ්නය.
ඉතිං අපි ඒ නිසා වර්ග දෙකකින් දිය හැකිද කියන එක පැහැදිලි සාක්ෂි ඉදිරිපත් වුණොත් අපි දෙවන එන්නත් මාත්‍රව ට වෙන පියවරක් ගන්නවා වෙන එන්නතින් ලබාදෙන්න. එකක් බැරිවුනොත් මාස 6 ක පමණ ප්‍රමාණයකට මොවුන්ට ආරක්ෂාවක් තියෙනවා .සති 12 කට හොඳ ආරක්ෂාවක් තියෙනවා. සති දාසයක් ගියාට පසුව තමයි අර ඇඟේ ආරක්ෂිත මට්ටමට ප්‍රතිශක්තිය අඩු වීමක් දකින්නෙ .මේ ප්‍රතිදේහ කියන එකට අමතරව මතක සෛල කියලා හැදෙනවා .මේ astrazeneca ඒන්නතටත් හොඳ මතක සෛල ප්‍රමාණයක් හැදෙනවා. ඉතිං අපි රෝගියෙක්ට නිරාවරණය වුනොත් අපිට මේ මතක සෛල අර ප්‍රතිදේහ හැදීම පටන් අරගන්නවා .අපි දන්න කරුණු හැටියට මාස 6 ක පමණ ප්‍රමාණයකට මේකෙන් ආරක්ෂාවක් තියෙනවා. ඊට පසුවත් සමහරවිට ආරක්ෂාව තියෙන්න පුළුවන්. අඩු වෙන්නත් පුළුවන් .ඉතින් ඒ අතරතුරේ තීරණයක් අරගන්නවා මොවුන්ට දෙවැනි මාත්‍රාව ලබාදීමට අපිට එන්නත ලැබුනෙ නැත්තං වෙනත් එන්නතකින් නැවතත් හන්නත් මාත්‍රා දෙකක් ලබා දෙන්නවාද කියන ඒක. ඉතින් සලස්මක් තියනවා ඒ සැලැස්මට ක්‍රියාත්මක කරගෙන යන ක්‍රමවේදය තමයි දැනට ඉන්නේ.
මුලින්ම covishiled එන්නත දෙනකොට මාසෙකින් දෙවැනි එන්නත දෙනවා කියලා තමයි තීන්දු තීරණය තිබ්බේ. ඊට පස්සේ තමයි සති 12 ක් යනකොට ආරක්ෂාව තියෙනවා කියලා සාක්ෂි ඉදිරිපත් වුණේ .ඊට පසුව දැන් සති 12කට ගියා. මුලින් සති 8 18 ත් අතර කිව්වා. දැන් දොළහකට ගියා ඉතින් මේ කාල වකවානුත් වෙනස් වෙනවා තියෙන සාක්ෂිත් වෙනස් වෙනවා. එ වගේම එන්නත් වල ලෝකයේම තියෙන ප්‍රමාදයන් නිසා විවිධ තර්ජන වලට මුහුණපාන්න සිද්ධ වෙනවා. ඉතින් අපි මේ ඔක්කොම ට මුහුණ දීගෙන හැබැයි ජනතාවට දිය හැකි උපරිම සේවයක් ලබා දෙන්න සැලැස්මක් තියෙනවා .මම අර කිව්වා වගේ අප්‍රේල් 10 වෙනකන් අපි මේ එන්නත් විවිධ අවස්ථාවන් වල ලබාදුන්නා. ඉතින් තවත් කාලය තියෙනවා ඉතින් මේ අවස්ථාවේ කියන්න ඕනේ කලබල වෙන්න එපා. නොලැබුණ අයට මේ ඉතාමත් කුඩා එන්නත් ප්‍රමාණයකින් තමයි දෙවැනි මාත්‍රාව දී ගෙන යන්නේ. අපිට නැවතත් එන්නත් ලැබීමට නියමිතයි. අනෙකුත් සැලැස්ම අනුව ක්‍රියාත්මක වෙලා සෑම දෙනකුටම එන්නත් ලබා දෙන්න තමයි බලාපොරොත්තුව තියෙන්නේ.
අපි කැමතියි දැනගන්න කාටද මේක සුදුසු? කවුද මේ එන්නත ලබාගත යුත්තේ ?සමහර අය කියනවා හරි අමාරු වෙනවා මට ලෙඩක් තියෙනවා නම් මේක ගැහුවොත් හොඳයිද මේ වගේ විවිධ මතිමතාන්තර තියෙනවා කාටද මේක සුදුසු?
අපිට දෙවනියට ලැබුණේ ස්පුට්නික් කියන එන්නතත් ලැබුණා , sinopharm කියන එන්නතත් අපිට ලැබුණා. එතකොට ස්පුට්නික් කියන එන්නත තමයි රුසියාවේ නිෂ්පාදිත එන්නත. එකේ ඉතාමත් සුළු මාත්‍රා ප්‍රමාණයක් තමයි ඔවුන් අපිට ලබා දුන්නේ .අපි covishiled එන්නත ගත්තහම covishiled එන්නත එකම ඉන්න තමයි එක වරක් දීලා කාලයකට පසුව නැවත වරක් ලබාදෙන්නේ. නමුත් ස්පුට්නික් ඒන්නත නපළවෙනි එන්නත වඩා දෙවැනි එන්නත වෙනස්. පලවෙනි එකට කියනවා component one කියලා. එතකොට අර 15,000 ප්‍රමාණයක් ලැබුණේ ඒ එන්න.ත හැබැයි ඒක අපිට දැන් පුරුදු එන්නත් ගබඩා කරන්න උෂ්ණත්වය ශීතදාමය දෙකත් අටත් අතර. එතකොට දැන් මේ ස්පුට්නික් ඒන්නත - 18 ක තමයි ගබඩා කළ යුතු. ඒකට විශේෂිත ක්‍රමවේදයක් තියෙනවා. බොහොම සුළු එන්නත් ප්‍රමාණයක් දෙන්න හේතුවත් මේ රටට පුළුවන්ද මේක නියමිත ක්‍රමවේදයට අනුව ක්‍රියාත්මක කරන්න කියලා. ගොතටුව ප්‍රදේශය තමයි ස්පුට්නික් එන්නත ලබා දීලා තියෙන්නෙ. ඉතින් ඒ අනුව ඒ මාත්‍රා ප්‍රමාණය ලබා දීලා ඉවරයි කියන පණිවිඩය ඔවුන් වෙත ලබා දීලා ඉතුරු එන්නත් මාත්‍රා ගන්න ඒකත් ක්‍රමවේදයක් සිදු වේගෙන යනවා. ඒ අතරතුර තමයි අපි මේ sinopharm කියන ඒන්නත. චීනයේ නිෂ්පාදිත ඒන්නත. ඒ එන්නතෙත් අපිට ලක්ෂ හයක ප්‍රමාණයක් ලැබිලා තියෙනවා. තව එන්නත් ලැබීමට නියමිතයි. ඉතින් sinopharm එන්නත තමයි දැන් බොහෝ දෙනෙක්ට පළවෙනි එන්නත් මාත්‍රාව විදිහට ලබා දී ගෙන යන්නේ. ඉතින් ඒකත් ප්‍රධාන වශයෙන්ම බස්නාහිර පළාතට තමයි එන්නත් කරගෙන යන්නෙ. ඉතින් අපි කාටද දීමට සුදුසු කියන එකට covishiled එන්නත නම් 60 ට වැඩි කොටසකටත් ලබා දුන්නා. 30ට වැඩි කොටසකටත් ලබාදීලා තියෙනවා.දැනට අනෙකුත් එන්නත් වර්ග දෙකම ස්පුට්නික් එන්නත 30 60 හ අතර කණ්ඩායමට ලබා දීලා තියෙන්නෙ. හේතුව 60ට වැඩි අයටත් ලබාදිය හැකි උනාට ඒකේ අතුරු ආබාධ ඇතිවීමේ අවදානම ගැන සළකා බලනකොට නිදන්ගත රෝග තියෙන තිව්ර නිදන්ගත රෝග තියන අයට සැලකිලිමත් වෙලා තමයි මේ එන්නත ලබාදිය යුතු.
ඉතිං අර සක්‍රීය කණ්ඩායම විදිහට තිහත් හැටත් අතර කණ්ඩායමට ලබා දීලා ඔවුන්ට යම්කිසි ආරක්ෂාවක් ලැබුණොත් ඔවුන් විසින් රැගෙන යන එක ගෙදරට අඩු වෙයි කියන එක බලාපොරොත්තුව ඇතුව අර ලැබුණු සුළු එන්නත් ප්‍රමාණය උපරිම ප්‍රයෝජනයක් ගැනීමට තමයි මේ කණ්ඩායමට ලබා දීලා තියෙන්නෙ.
අනිත් එන්නත තමයි sinopharm එන්නත දැනට අපි තීරණය කරල තියෙන්නෙ 30ට වැඩි කණ්ඩායමට ලබා දෙන්න. දියහැකි කණ්ඩායම කියලා කිව්වොත් අවුරුදු 18 ට වැඩි සෑම කෙනෙක්ටම ලබාදිය හැකියි .නමුත් සීමිත එන්නත් ප්‍රමාණයකින් උපරිම ප්‍රයෝජනයක් ගත යුතු නිසා වයස් කණ්ඩායමක් නියම කරලා 30ට වැඩි කණ්ඩායමට ලබා දීම තමයි දැන් සිදු කරගෙන යන්නේ.
දැන් ගොඩක් අයට තියන ප්‍රශ්නෙ තමයි මට pressure තියනවා බෙහෙත් ගත්තට කමක් නැද්දත මේ එන්නත විද්දට පස්සේ?
යම්කිසි කෙනෙක් ඖෂධයක් ලබා ගන්නවා නම් ඔවුන්ට තියෙන නිදන්ගත රෝගයකට මේ ඒන්නත විද්දා කියලා එය ඖෂධයක් නවත්තන්න උවමනා වෙන්නේ නෑ. තමන්ගේ රෝගයට ගන්නා ඖෂධ ඒ ආකාරයෙන්ම ගන්න ඕනේ .මොකද තමන්ට තියෙන නිදන්ගත රෝගයක් පාලනය කරන්න තමයි ඒ ඖෂධය ලබා දීලා තියෙන්නෙ .ඉතින් මේ එන්නතත් එක්ක ප්‍රතික්‍රියා දක්වයි ද කියන එක ගැන බිය විය යුතු නැහැ .තමන්ට යම් කිසි ඒ වගේ සැකයක් තියෙනවා නම් තමන්ගෙ වෛද්‍යවරයාට දුරකථන ඇමතුමක් දීලා හරි අහන්න පුළුවන්. නමුත් අර නිදන්ගත රෝග පාලනය කරන්න තියෙන ඖෂධ ඒ ආකාරයෙන්ම භාවිතා කරන්න .ඒ වගේම විශේෂයෙන් තමන්ට ආසාත්මිකතාවයක් දක්වන ඖෂධ තියෙනවා නම් විශේෂයෙන් මේ දිනවල ඒ ඖෂධ ගන්නෙ නැතුව ඉන්න ඕනේ .එන්නත විද්දා ට පසුව මුල දවස් දෙකක් තුනක්. මොකද එන්නතට ආසාත්මිකතාවයක් ආවද ඖෂධයට අසාත්මික තාවක් ආවද කියලා හොයාගන්න බැරි වෙන නිසා .ඉතින් මේ එන්නත ලබා දෙන්නේ තමන්ට ඒ අවස්ථාවේදී එන්නත දෙන අවස්ථාවේ දී තීව්ර රෝගයක් නැති කෙනෙක්ට තමයි එන්නත ලබා දෙන්නෙ. ඉතින් අලුත් එක ඖෂධයක් ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ.
නමුත් මත්ද්‍රව්‍ය සහ මත් පැන් පානය කිරීම සම්පූර්ණයෙන්ම නතර කරන්න කියලා මේ ඒන්නත ලබා දෙද්දී කියනවා?
මත්ද්‍රව්‍ය මත්පැන් කියන එක ඉතින් කොහොමත් හැමදාටම නතර කළොත් හොඳයි කියලා අපි කියනවා. ඒකත් අර මේ ත් එක්ක යම්කිසි ඒ කියන්නේ මත්ද්‍රව්‍ය ගන්නකොට එකේ තියෙන අසාත්මිකතාවයක් ආවොත් මේ එන්නතත් එක්ක මේ වෙනස හඳුනා ගන්න අමාරු නිසා තමයි ඒ උපදේශය ලබාදෙන්නේ. උපදේශයක් විදියට කිව්වොත් මත්ද්‍රව්‍ය ගන්නේ නැතුව ඉන්න එක තමයි ශරීර සෞඛ්‍යයට හොඳම.
එන්නත්කරණය කරාට පසුව අපි කරන්න ඕනේ දේවල් මොනවද?
එන්නත්කරණය කරාට පසුව මේකට විශේෂ සැලකිල්ලක් දක්වන්න ඕනෙ නෑ. ඒක තමයි පළවෙනිම පණිවිඩය. ඊළඟට කියන එක තමයි මට ඇඟට අමාරුවක් ආවා ,උණ වුණ ,මගේ ඇගපත රිදෙනවා. එහෙනම් මට නාන්න හොඳද එදා දවසෙදි තමන්ට ඇඟට අපහසුවක් තියෙනවා නම් උණ තියෙනවා නං එදා දවසෙදි නාන්නේ නැතුව හිටියට කමක් නැහැ .හැබැයි ඒකට විශේෂ වෙනසක් වෙන්නේ නෑ .එදා දවසේ ඉඳලා හෙට පස්සේ නාන්න කරන්න පුළුවන් .අනිත් එක තමයි සෝදන්න හොඳ සබන් ගාන්න හොඳද එතැන කියලා අහනවා එකේදිත් විශේෂ දෙයක් නැහැ . සබන් ගෑවුණා කියලා එහෙම වැරැද්දක් වෙන්නේ නැහැ. ඒක අපේ සම තුළින් ගියාට පේශීන් තුළ තමයි අර එන්නත් කරලා තියෙන්නේ. අනිත් එක තමයි මෙතන තවන්න හොඳද ,පොඩි කරන්න ඔනද, මසාජ් කරන්න ඕනෙද එහෙම කිසි දෙයක් කරන්න ඕනේ නැහැ. එතන විද්දාද කියලා හිතන්නෙවත් නැතුව තමන්ගේ වැඩ කටයුතු කරගන්න එක තමයි සුදුසු.
අවසාන වශයෙන් ඔබ තුමිය සමස්ත රටට ජනතාවට දෙන පණිවිඩය මොකක්ද මේ වෙලාවේ?
දැන් මේක බස්නාහිර පළාතේ එන්නත්කරණය කරනකොට අනිත් අයට ලොකු ප්‍රශ්නයක් තියෙනවා ඇයි හැමතිස්සෙම බස්නාහිර පළාතට එන සෑම එන්නතත්ම දෙන්නෙ කියලා .ඇත්තටම අපෙන් අහනවා කොළඹට විතරද දෙන්නෙ කියලා. ඒකට හේතුවක් තියනවා මොකද බස්නාහිර පළාතේ තමා වැඩියෙන්ම රෝගීන් වාර්තා වුනේ. ඒ වගේම තමා වැඩියෙන්ම රෝගය පැතිරීමට තියෙන අවදානම වැඩියි කණ්ඩාඩායම ඉන්නෙත් එහෙමයි. එතකොට අපි මේ අවුරුද්ද කාලය බැලුවොත් අපි දන්නවා වැඩියෙන්ම තිබුණේ රෝගය කොළඹ ප්‍රදේශයේ සහ බස්නාහිර පළාතේ. ඉතිං අර අවුරුද්දත් සමඟ ඔවුන් අතර ඇති වුණු ඉතාමත් ගැටීම් එක්ක මේ රෝගී සෑම ප්රදේශයකටම පැතිරුනා. ඉතින් මේ බස්නාහිර පළාතට ප්‍රමුඛත්වය දෙන්න හේතුව එකයි. හැබැයි ඒහම කියලා අනිත් අයට එන්නත්කරනය නොලැබිය හරින්නෙ නැහැ. ඉදිරියේදී තවත් ඒන්නත් ලැබීමට නියමිතයි. ඉතිං ඒ අනුව ඔබගේ ප්‍රදේශයට එන්නත් ලැබෙන කං කලබල නොවී ඉන්න. හැබැයි අනිකුත් සෞඛ්‍ය පුරුදු වලට අනුගත වෙලා රෝගයෙන් ආරක්ෂා වෙලා අනවශ්‍ය ගමන්බිමන් නවත්තලා තමන්ට අවශ් ම කටයුතුවල පමණක් යෙදිලා ආරක්ෂාකාරීව ඉන්න කියලා පණිවිඩයේ මේ අවස්ථාවේදී මම දෙනවා.
අපි මේ එන්නත ලබා ගැනීමෙන් පස්සේ කිසිම ප්‍රශ්නයක් නැද්ද ?මාස්ක් එක පළඳින්න ඕනේ නැද්ද? දැන් අපි සුරක්ෂිතයි කියලා හිතාගෙන ඉන්න ඕනේ ද? අවසාන වශයෙන් මම කැමතියි දැනගන්න?
දැන් මේ එන්නත ලබා ගත්තා කියලා අපිට කියන්න බැහැ අපි 100% ආරක්ෂිතයි කියලා .ඒ වගේම අපෙන් අනිත් කෙනෙකුට වෛරසේ පැතිරෙ නැහැ කියලා. ඒකට හේතුවක් තියෙනවා .ඒන්නත කියලා කියන්නේ අපේ ඇඟට ආරක්ෂාවක් ලබා දෙනවා. අපි ආරක්ෂා වෙනවා. අපි දන්නවා මේ වෛරස් ඇතුළු වන්නේ අපේ නාසය සහ උගුර තියෙන පටල මගින් කියලා. ඉතින් මේ පටලයටත් ඇතුලේ ඇතිවන අපි කියන්වා ප්‍රතිදේහ කියලා ඇඟට ඇතිවන ප්‍රතිශක්තිය . ඒ ප්‍රතිශක්තිය ඒ ආකාරයෙන්ම ඇති වෙනවා නම් තමයි අපිට 100% ආරක්ෂාව ලැබෙන්නේ .අපිට දැනට තියෙන සාක්ෂි අනුව අපිට යම්කිසි ආරක්ෂාවක් ලැබෙනවා 100% ආරක්ෂාවක් ඒ පටලයට ලැබෙනවද කියලා දන්නේ නැහැ .අපි රෝගයෙන් ආරක්ෂා උනාට අපිට ආවොත් අපිට හැකියාව තියෙයි තව කෙනෙක්ට පතුරන්න. ඒ නිසා mask එක පැළඳීම අත්‍යවශ්‍යයි ,දුරස්ථභාවය තබා ගැනීම අවශ්‍යයි ,අනිකුත් සියලුම සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේදයන් අපි භාවිතා කළ යුතුයි.
0 Comments