කෝවිඩ් තත්ත්වය හමුවේ විද්තුන් විසින් සිදු කරනු ලබන අනතුරු ඇඟවීම් ආණ්ඩුවට විරුද්ධ ප්‍රකාශ ලෙස නොසැලකිය යුතු බව ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පැවසීය. ඔහු පෙන්වා දෙන්නේ විද්වතුන් ලබාදෙන තොරතුරු ප්‍රයෝජනයට ගෙන රජය වහා ක්‍රියාත්මක විය යුතු බවයි.ජලසම්පාදන අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකට ඊයේ (17දා) එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,"මා දැක්කා මුහුණු පොතේ වෛද්‍ය නිහාල් රාක්ෂ මහතාගේ නමින් සටහනක් පළවී තිබෙනවා. එතුමා ඉතාම විශිෂ්ට ගණයේ පුද්ගලයෙක්. ඔහුගේ නමින් යොදා තිබූ මුහුණු පොතේ සඳහන්ව තිබුණේ පසුගියදා ගම්පහ රෝහලේ. ඔක්සිජන් ලබාදීමේ යන්ත්‍ර නොමැතිකමින් පැන නැගුණු ගැටලුවක් සම්බන්ධයෙන්.
ඔක්සිජන් තිබුණත් එය ලබාදීම සඳහා ඔක්සිජන් ලබාදීමේ යන්ත්‍ර අවශ්‍යයි.ඒවා වුවමනා වෙලාවට සැපයී නොතිබීම හේතුවෙන්එම යන්ත්‍ර අනුග්රාහකයන්ගේ උදව්වෙන් ලබාගත් බව එම සටහන් සඳහන්ව තිබුණා.
මම හිතන්නේ ඒ වගේ ප්‍රකාශ ගැන අප වඩාත් සැලකිලිමත් විය යුතුයි. ඒවා ආණ්ඩුවට විරුද්ධව කරන ප්‍රකාශ හැටියට නොසලකා ඒවායින් පෙන්වා දෙන තොරතුරු අපි ප්‍රයෝජනයට අරන් වහාම ක්‍රියාත්මක විය යුතුයි. ඔක්සිජන් ලබාදීමේ යන්ත්‍ර මේ රට තුළදී මිලදී ගැනීමට තිබේ නම් ආණ්ඩුවට ප්‍රබල ගන්න එක ඒතරම් කාර්යක් නොවේ. වෙලා තියෙන්නේ ඒ යන්ත්‍ර නිසියාකාරව ඇණවුම් කර හෝ දැනුම්වත් කිරීමට වුවමනා පියවර නොගත් හේතුවෙන් ඇති වූ තත්ත්වයක් කියායි මා හිතන්නේ.
එසේ නොමැතිව මේ යන්ත්‍ර දහයක් නෙමෙයි සීයක් වුණත් මිලදී ගැනීමට ආණ්ඩුවට මුදල්වල ප්‍රශ්නයක් නෑ. අද ආණ්ඩුව වියදම් කරන මුදල්වල හැටියට. ඇත්තටම කෝවිඩ් වසංගතයේ වියදම්වලට වුවමනා මුදල් සම්පාදනය කිරීමට රජය නිරක්තරයෙන්ම අවධානය යොමු කර කටයුතු කරනවා. ඔය අතර පෝලිමේ නොඉන්න අයත් ඇතුළට ඇවිල්ලා එන්නත ලබාගන්නා අවස්ථා තියෙන්න පුළුවන්. ඔහොම නැති තත්වයක් වෙන්නේ නෑ කොහෙවත්. ඒක අපිළිවෙළක් හැටියට සම්පුර්ණයෙන්ම අපි සලකන එකේ තේරුමක් නෑ. එන අය ඔකොටම එන්නත දෙනවනම් ඒකෙ ඇතිවන ප්‍රමාදය. නැත්නම් මෙහෙම ඇතුළු වුණාම ඒකෙනෙක් දෙන්නෙක් තව දෙනෙකුට ප්‍රමාදය වැඩිවීම එහෙම තියෙන්න පුළුවන්. නමුත් ඔක්කොටම එන්නත දෙනවා” යැයි පවසා සිටියේය.
(නිදර්ශණී වික්‍රමසිංහ)
0 Comments