women-bike-regime-north

උතුරේ සංචරණ සීමා උල්ලංඝනය කරන පුද්ගලයන් පිළිබඳව සහ සෞඛ්‍ය නීති කඩකරන්නන් සොයාබැලීම සඳහා විශේෂ පුහුණුව ලැබූ කාන්තා යතුරුපැදි බලඇණියක් යාපනයේ ස්ථාපිත කර ඇති බව යුද හමුදාව පවසයි.  ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ අධීක්ෂණය යටතේ, යාපනය ආරක්ෂක සෙනා ආඥාපති මේජර් ජෙනරාල් ප්‍රියන්ත පෙරේරා මහතාගේ මෙහෙයවීමෙන් මෙම කාන්තා යතුරුපැදි බලඇණිය ස්ථාපිත කර ඇත. 

උතුරේ ජනතාව සමඟ සහ සම්බන්ධතාවෙන් කටයුතු කිරීම සඳහා සෙබළියන් සිය දෙනකුගෙන් සමන්විත පිරිසක් මෙම යතුරුපැදි කණ්ඩායමට බඳවාගෙන ඇති බවත් ද්‍රවිඩ භාෂාව හැසිරවීම සම්බන්ධයෙන් ඔවුන්ට මනා පුහුණුවක් ද ලබා දී ඇති බව ද හමුදාව පවසයි.


ඔවුන් යාපනය නගරය ඇතුළු ප්‍රදේශවලට යතුරුපැදිවලින් දිනපතාම ගොස් ජනතාව සෞඛ්‍ය නීති රිතීවලට අනුගතව කටයුතු කරන්නේද යන්න (විශේෂයෙන් කාන්තාවන්) නිරික්ෂණය කරන බවත්, නීති උල්ලංඝනය කරන්නන් සොයා උපදෙස් දී ඔවුන් දැනුවත් කරන බවත් හමුදාව සඳහන් කරයි. සංචරණ සීමා උල්ලංඝනය කරන පුද්ගලයන් අත්අඩංගුවට ගෙන ඔවුන්  පොලිසියට භාර දීම ද මෙම යතුරුපැදි කණ්ඩායම හරහා සිදුවන බව ද හමුදාව සදහන් කරයි.


 -ඉන්දිකා රාමනායක -