wuhan-wall-street

පසුගියදා වෝල් ස්ට්‍රීට් ජර්නලය මගින්  වාර්තා කරන ලද  සොයා ගැනීමක් නිසා COVID-19 හි මූලාරම්භය පිළිබඳව නැවත ප්‍රශ්න මතු කර තිබේ. 
එහි දැක්වෙන්නේ එක්සත් ජනපද බුද්ධි වාර්තාවක් මගින් චීනයේ වුහාන් හි විද්‍යාගාරයක පර්යේෂකයන් තිදෙනෙකු කොරොන වයිරස් වසංගතය ඇතිවීමට මාසයකට පෙර මෙම රෝග ලක්ෂණ සහිතව රෝහල් ගත කර ඇති බවටය.
එම සාක්ෂි මගින් පෙන්වා දීමට උත්සාහ කරනුයේ කොරෝනා වෛරසය නිපදවීමට මුල්වූ කණ්ඩායමක සාමාජිකයින් වෛරසය අත්හදාබලද්දී අත්වින්ද අත්දැකීමක් ගැනය.
එක්සත් ජනපද නිලධාරීන් සහ විද්‍යාඥයින් දිගු කලක් තිස්සේ කියා සිටියේ වෛරසය සතුන්ගෙන් මිනිසුන් වෙතට ආවේද නැතහොත් රසායනාගාරයකින් පිටතට පැමිණියේද යන්න

නිශ්චිතවම නිශ්චය කිරීමට ප්‍රමාණවත් සාක්ෂි නොමැති බවයි.
මෑත දශක කිහිපය තුළ නව මිනිස් ආසාදනවලින් 70% කට වඩා ආරම්භ වූයේ සතුන්ගෙන් මිනිසුනට බෝවීම් මගින්ය. මෙම වෛරසය වවුලන්ගෙන් මිනිසුන්ට පැමිනි බව ජනප්‍රිය මතය විය.
නමුත් පසුගිය ට්‍රම්ප් පාලන සමයේ චීනයේ මෙය නිපදනවා ඇති බවට දිගින් දිගටම චෝදනා කරනු ලැබිණි.
කෙසේ වෙතත් වෛරසය ගැන පරීක්ෂණ පැවැත්වීමට ආ විද්‍යාඥ කණ්ඩායම් වලට මෙම මතය පරීක්ෂා කිරීමට චීන බලධාරීන් මුලදී ඉඩ දුන්නේ නැත.
විද්‍යාඥයින් පවසා ඇත්තේ මේ තොරතුරු නොමැතිකම හරහා කුමන්ත්‍රණ න්‍යායන් පෝෂණය කර ඇති බවත්, ගැටළුව සම්බන්ධයෙන් සහ එක්සත් ජනපදය සම්බන්ධයෙන් පක්ෂග්‍රාහීව ක්‍රියා කරන්න ලෝක සෞඛ්‍ය සංවිධානය ඒ දිනවල පෙළැමුන බවත්ය.
වෝල් ස්ට්‍රීට් ජර්නලයට අනුව, වුහාන් වෛරස් විද්‍යා ආයතනයේ සේවකයින් තිදෙනෙකු 2019 නොවැම්බර 20 වන දිනදී කොරෝනා වෛරස් රෝග ලක්ෂණ සහිතව රෝහල් ගත කර ඇති බව සටහන් කර තිබේ. චීනය සිය පළමු ආසාදන වාර්තා කිරීමට මසකට පෙර, සේවකයින් රෝහල් ගත කළ වේලාව අනුව විශාල සැකයක් මතුවන බවට වාර්තාව විසින් පෙන්වා දෙනු ලැබ තිබේ.
කෙසේ වෙතත් මෙම වාර්තාව චීනය ප්‍රතික්ෂේප කර තිබේ.
ලෝක සෞඛ්‍ය සංවිධානයට වාර්තා කරන ලද චීන දත්ත වලට අනුව, පළමු COVID රෝගීන් මුල්වරට 2019 දෙසැම්බර් මාසයේදී හඳුනා ගන්නා ලදී.