කොරෝනා ආසාදිත රෝගීන් 8,000ක් පමණ ප්‍රතිකාර මධ්‍යස්ථානවලට යොමු නොවී ගෙවල්වලට කොටුවී සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සදහන් කරයි. මීට අමතරව කොරෝනා ආසාදිතව අසාධ්‍ය තත්වයෙන් ඔක්සිජන් මත යැපෙන රෝගීන් 330ක් ද ඉකුත් 31 වැනි දින වනවිට රෝහල්ගතව සිටි බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියයි.
ඔක්සිජන් මත යැපෙන රෝගීන් 149ක් ඉකුත් 27 වැනි දින වනවිට රෝහල්වල සිටි අතර, දින හතරක් ඇතුළත එනම් ඉකුත් 31 වැනි දින වනවිට එම සංඛ්‍යාව 330ක් බවට පත්වූ බව ද එම සංගමය පවසයි. මේ අනුව ඉදිරි දින කිහිපයේදී සෞඛ්‍ය ක්ෂේත්රය දැඩි අර්බුදයකට ලක්වී කොරෝනා රෝගීන් සහ මරණ සංඛ්‍යාව ඉහළ යාමක් අපේක්ෂා කළ හැකි බව ද රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය කියයි.
මෙරට කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන හා අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල තිබෙන ඇඳන් සංඛ්‍යාව 23,678ක් වන අතර, ඉන් ඇඳන් 6,095ක් හිස්ව තිබෙන බව ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියයි. මේ අතර ඊයේ (1) රට පුරා කොරෝනා රෝගීන් 33,140ක් ප්‍රතිකාර ලබමින් සිටියහ.
-රංජන් කස්තුරි-
0 Comments