A stock of one million doses of the Sinopharm vaccine arrived in Sri Lanka today

චීනයේ නිෂ්පාදිත සයිනෝෆාම් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා ලක්ෂ 10 ක් අද (06) අලුයම දිවයිනට රැගෙන එනු ලැබුණි.


ඒ අනුව, ශ්‍රී ලංකාවට එකවර ගෙන ආ විශාලතම එන්නත් තොගය මෙය යැයි ද පැවැසෙයි.
රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවැසුවේ, රජය ඇණවුම් කළ එන්නත් මාත්‍රාවල පළමු තොගය ලෙස මෙය අද (06) දිනයේ ලැබුණු බවය.
මීට පෙර අවස්ථා දෙකකදී චීන රජයෙන් මෙරටට සයිනෝෆාම් එන්නත් ලැබුණි. ඒ, චීන රජයේ පරිත්‍යාගයක් ලෙසය.