accident-on-new-expressway

තවම ධාවනය සඳහා අවසර ලබාදී නැති මධ්‍යම අධිවේගී මාර්ගයේ නාරම්මල 59 වන කි.මී කනුව ආසන්නයේ අද සිදුවූ අනතුරකින් දෙදෙනෙකු මියගොස්  තිබේ.




අධිවේගී මාර්ගයට හොරෙන් ඇතුළුවූ යතුරුපැදියක් හා මෝටර් රථයක් මෙසේ අනතුරට ලක්ව ඇති අතර වාහන දෙකම කුරුණෑගල දෙසට ධාවනය වී ඇත. රථ දෙක එකිනෙක ගැටි සිදුවූ අනතුරින් පසු විශාල ගිනිගැනීමක්ද ඇතිව තිබේ. යතුරුපැදියේ ගමන් කළ වයස 19 හා 24 තරුණයින් දෙන්නා මියගොස් ඇත.
මෝටර් රථයේ ගමන් කළ 5 දෙනාගෙන් දෙදෙනෙකු අත්අඩංගුවට පත්ව ඇත.
නිරෝධායන පනත හා දණ්ඩ නිති සංග්‍රහය අනුව ඔවුන්ට එරෙහි නඩු පවරන බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ දන්වා සිටියේය.