මේ දිනවල සංචරණ සීමා නිසා බොහෝ දෙනෙකු තම අවශ්‍ය භාණ්ඩ හා සේවා වෙනුවෙන් අන්තර්ජාල මාර්ග ගත ක්‍රම යන්හි පිහිට පැදීමට පුරුදුව සිටී. මෙම කටයුත්ත ආරක්ෂාකාරී ලෙස සිදුකිරීමට හැකිද යන්න ගැන ලංකාවේ සැකමුසු ආකල්පයක් පවතින අතර ඒ ගැන උපදේශනයන් ලබාදෙන ආයතනයක්ද නිසියාකාරව නොමැත.
මල්ලිකා හේමචන්ද්‍ර ජුවලර්ස්හි සහකාර අළෙවි කළමනාකරු ඉරංග වික්‍රමසිංහ මහතා වී එෆ්එම් ගුවන්විදුලි නාලිකාවට එක්වී මේ සම්බන්ධයෙන් පළකළ අදහස් පහත ලිපියේ දැක්වේ.
අපි මුලින්ම කතා කරමු මේ ඔන්ලයින් ක්‍රමයට භාණ්ඩ මිලදී ගන්න කොට පාරිභෝගිකයන් විදිහට අපිට ලබාගන්න පුළුවන් වාසි එහෙම නැත්නම් පහසුකම් මොනවද කියලා..
මේ e-commerce සංකල්පය සහ අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ ඇනවුම් කර ගැනීම සහ මිලදී ගැනීම තියන ලොකුම වාසිය තමයි විශේෂයෙන්ම මේ අවස්ථාව ගත්තොත් පාරිභෝගිකයෙක් අවදානමක් අරගෙන මේ තියෙන තත්ත්වය උඩ එළියට පහලට බැහැලා සාප්පුවකට ඇවිල්ලා බඩුවක් ගැනීමේ අවශ්‍යතාවයක් ඇති වෙන්නේ නැහැ .එතකොට මේකෙ තියෙන ලොකුම පහසුව තමයි ජංගම දුරකථනයකින් හෝ පරිඝණයකින් හෝ log වෙලා මේ අවශ්‍ය භාණ්ඩ ලෙහෙසියෙන් ඇනුම් කරගැනීම සහ මිලදී ගැනීමේ තියන වාසිය. එතකොට අනිත් පැත්තට ගත්තොත් එහෙම ඇනවුම් කරගන්න දේ පහසුවෙන්ම ගෙදරට ගෙන්න ගන්න පුළුවන් නම් හරි තමන් ජීවත් වෙන වටපිටාව සමීපතම තැනකට ගෙන්න ගන්න පුලුවන් නම් ඒක මම දකින විදියට තවත් එක වාසියක් තමයි පාරිභෝගිකයන්ගේ පැත්තෙන් මේ ඔන්ලයින් ක්‍රමය හරහා භාණ්ඩ මිලදී ගැනීමේ දී පාරිභෝගිකයාට ලැබෙන්නේ.
එතකොට සාමාන්‍යයෙන් පාරිභෝගිකයෝ විදිහට මොන වගේ දුර්වලතා වලට ද ලක් වෙන්න පුළුවන්?
ඇත්තටම මූලික වශයෙන්ම පාරිභෝගිකයට අත්වෙන්න පුලුවන් අවාසනාවන්තම සිදුවීම තමයි ව්‍යාජ දේකට මේ තාක්ෂණය අවභාවිතා කරලා සමහර පුද්ගලයන්ගෙන් කූට ක්‍රියාවලියකට හසුවීම. සමහර වෙලාවට සල්ලි අරගෙන ඇනවුම් කරන භාණ්ඩය ගෙනත් දෙන්නෙ නෑ, සමහරවිට ඉල්ලන දේ නෙමෙයි හම්බ වෙන්නේ .ඔය වගේ ප්‍රායෝගික ගැටලු තියෙනවා පාරිභෝගිකයාට. ඉතිං ආයතන වශයෙන් අපි හැම තිස්සෙම බලන්නේ මේ තියෙන ප්‍රශ්න කොහොමද මග හරින්න කියලා. හැබැයි පාරිභෝගිකයෙක් පැත්තෙන් ඉස්සෙල්ලා කිව්වා වගේ පාරිභෝගිකයාට අවශ්‍ය දත්ත තියනවා මේක කූට ව්‍යාපාරයක් ද ,මේක විශ්වාසද කියලා තහවුරු කරගන්න. හැබැයි සමහර වෙලාවට අපිට තියන ලෙහෙසිය අපි ලෙහෙසිය ගැන මුලින්ම හිතලා අපි සමහර විට මේ වගේ දේවල් වලට හසුවෙන්න පුලුවන්. හැබැයි මං දකින විදිහට මෙහේ තියෙන අවාසි වලට වඩා ඇත්තටම වාසි ගොඩක් තියෙනවා .මම පාරිභෝගියන් සහ ව්‍යාපාරයන්ටම පොදු එක අවාසියක් දකිනවා .ඒක තමයි අපේ තියන තාක්ෂණික සාක්ෂරතාවය තියෙන අඩුකම .සමහර වෙලාවට අපි සූදානම් නැහැ මේ පිම්ම පනින්න. මේ ඔන්ලයින් පනින්න. ඉස්සෙල්ලා කිව්වා වගේ මේක අපි අත් වින්දා වසරකට අධික කාලයක් .හැබැයි බොහෝ ව්‍යාපාර ඔන්ලයින් සහ අන්තර්ජාල පහසුකම් උපයෝගී කරගෙන ව්‍යාපාර කටයුතු නොකර බොහෝ ආයතන මේක ප්‍රයෝජනයට ගත්තා මේ වසරකට අධික කාලය තුළ. ඒත් සමගම ගොඩක් ව්‍යවසායකයින් බිහි වුණා මේ තාක්ෂණය උපයෝගී කරගෙන තමුන්ගේ ව්‍යාපාර කටයුතු පටන් ගත්තා.ඒ පසුබිමක වුවත් තවමත් මට හැඟෙන දෙයක් තමයි ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපේ තාක්ෂණික සාක්ෂරතාවය පොඩි අඩුවක් තියෙනවා මේ අන්තර්ජාලය හරහා භාණ්ඩ ඇනවුම් කරන එක පිළිබඳව. online system එකක් ගැන තියෙන අවබෝධය අඩුයි.
සමහර වෙලාවට අපි ඔලුවෙන් හදාගත්ත දේවල් ටිකක් තියෙනවා. මං ඉස්සෙල්ලා කිව්වා වගේ අවුරුදු දහයකට විස්තර විතර ඉස්සෙල්ලා අපේ ක්‍රෙඩිට් කාඩ් පත ඉලක්කම් ටික වෙබ් අඩවියකට යොමු කරලා භාණ්ඩයක් මිලදී ගනිද්දී තිබ්බ අවදානම් තිබ්බා. හැබැයි ඒ අවදානම් ගෝලීය ආර්ථිකය දියුණු වීමත් සමඟ ඒ අවදානම අඩු කරගන්න පසුබිමක් සලසලා දීලා තියෙනවා. ඒ තාක්ෂණික දැනුම් තේරුම් ආයතන වශයෙන් අපි උපයෝගී කරගෙන අපිත් පුළුවන් තරම් මේ භාණ්ඩ අලෙවි කරන කර්තව්‍යය පාරිභෝගික පැත්තෙන් ලේසි පහසු සහ ඔවුන්ට සමීප වටපිටාව කරන්න තමයි මේ අත්දැකීම ෙදන්න තමයි අපි උත්සාහ කරන්නේ. ඉතින් මම අනිත් පැත්තට හිතන දේ තමයි ආයතන වශයෙන් අපේ යුතුකමක් තියෙනවා මේ තාක්ෂණික සාක්ෂරතාවය පාරිභෝගිකයාට ලබා දෙන්න .දැනට තියෙන්නෙ වෙන විසඳුමක් නැහැ ඔන්ලයින් ගන්නවා මිසක .එහෙම අවස්ථාවක එක අතකින් ඒක හොඳයි මොකද මේක කොහෙන් හරි පටන් ගන්න ඕනේ. හැබැයි එහෙම පටන් ගත්ත දේ ඉස්සරහට ගෙනියන්න නම් මං හිතන්නේ මේ අඩුපාඩුව හදා ගන්න ඕනේ.
මට තියන ප්‍රශ්නේ තමයි ආධුනිකයෙක්ට ඉන්ටර්නෙට් හරහා භාණ්ඩ මිලදී ගැනීමේ ක්‍රියාවලිය සාමාන්‍ය සරලව පැහැදිලි කරන්න? දෙවෙනි එක තමයි බොහෝවිට දැකලා තියනවා මම භාණ්ඩ ඇණවුම් කෙරුවම ඒ නියමිත භාණ්ඩය ලැබිල නැහැ .සමහර වෙලාවට ඒකෙ අඩුපාඩු ඇතුව ලැබිලා තියෙනවා. සමහර වෙලාවට මුකුත්ම ලැබිලා නෑ .එහෙම වංචා කිරීම් සිදු වෙලා තියෙනවා. එහෙම අවස්ථාවකදී පාරිභෝගිකයා ගත යුතු ක්‍රියා මාර්ගය කුමක්ද?
අපි මුලින්ම පළවෙනි ප්‍රශ්නේ ගැන කතා කරොත්.. අපි එකක් තේරුම්ගත යුතු දේ තමයි ඔන්ලයින් සිස්ටම් එකේදි අපිට දත්ත පිළිබඳව විස්තර බොහෝ මාර්ග ඔස්සේ ,මාධ්‍යන් ඔස්සේ අපිට එනවා.whatsappපණිවිඩ මගින් එනවා ,ෆේස්බුක් පණිවිඩ මගින් එනවා. ඉතින් මේ තොරතුරු අනුව තමයි අපි තීරණය කරන්නේ අපිට මේ අවස්ථාවේදී මේක පහසුවෙන්ම ගත හැකි පුද්ගලයා හෝ ආයතන තමයි කියලා. හැබැයි පාරිභෝගිකයෙක් වශයෙන් මම වුණත් සලකන්න ඕනේ මේ ආයතන මේ පණිවිඩය එවන පුද්ගලයෙක් හෝ ආයතනයේ විශ්වාසවන්ත පුද්ගලයෙක් ද කියන එක. මේකෙ තියෙන බරපතලකම තමයි මූණට මූණ කාවත් පේන්නෙ නැහැ. හැබැයි අපි මුන්ට මුහුණ ගනුදෙනු කරන අවස්ථාවලදී වුණත් අපිව මුලා කරන අවස්ථා බොහොමයක් තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් අපි ඒකට විසඳුමක් වශයෙන් අපි තෝර ගන්නේ මෙහි තියෙන විශ්වාසවන්තභාවය සනාථ කරගන්න කරුණු කාරණා කීපයක් තියෙනවා. එකක් තමයි හැමතිස්සෙම මේ අන්තර්ජාලය එන සහ විකුණුම්කරුවන්ව තක්සේරු කර ගැනීමේ හැකියාව පළමුවෙන්ම අපි සතුව තියෙන ඕනේ .අපිට පොඩි රිසර්ච් එකක් කරන්න පුළුවන් වෙන්න ඕනේ මේක කොච්චර කාලයක් තිස්සේ තියනවද, මේකට user ratings කොච්චරක් තියෙනවද, මේක වෙබ් අඩවියක් නම් වෙබ් අඩවිය ආරක්ෂිතද සුරක්ෂිත ද කියන එක බලන්න ඕනේ. ඒ විදියට අපිම තක්සේරු කරගන්න ඕනේ සහ මේ තියෙන මෙවලම් අපි පාවිච්චි කරන්න ඕනේ මේ ආයතන හෝ මේ පුද්ගලයා විශ්වාසවන්ත පුද්ගලයෙක් ද කියන දේ හොයාගන්න. අංක දෙක තමයි වංචාවන් ඇතිවන වෙලාවන්.. මම මේ වෙලාවේ අපේ ආයතන තියෙන ක්‍රියාපටිපාටිය උදාහරණයක් වශයෙන් ගන්නම්. වෙබ් අඩවියකට ගියාම විකුණන භාණ්ඩ වල සමාන්‍යයෙන් අපි කියනවා catelogue එකක් කියලා. භාණ්ඩ වල ලැයිස්තුවක් තියෙනවා. බොහෝ 99% අවස්ථාවන් වල එම භාණ්ඩ පින්තූරයක් තියෙනවා සහ භාණ්ඩවලට එම විකුණන භාණ්ඩයේ අන්තර්ගත සියලුම තොරතුරු ටිකක් තියෙනවා අපි පාරිභෝගිකයෙකුට ලබාදිය යුතු තොරතුරු. අපි රන් ආභරණයක් ගත්තොත් රන් ආභරණ මිල ,රන් ආභරණයෙ carrot age, සහ ඒකට මැණික් ගල් උපයෝගී වෙලාද තියෙන්නේ, ඒ දත්තයන් ටික දෙන අතර මෙහි බර කොපමණද කියන එක පිංතූරකින් සනාථ කරනවා මේක තමයි අයිතමය, විලාසිතාව .අපි සමහර වෙලාවට කෝඩ් එකක් දෙනවා. මේ දත්තයන් ටික අපි පාරිභෝගිකයාගේ ඉස්සරහට ගේනවා මේ වෙබ් අඩවිය තුළ.
බොහෝ වෙබ් අඩවි වල තියෙන දෙයක් තමයි shop now කියන පොඩි icon එකක් තියෙනවා. නැත්නම් by now වගේ විවිධ නම් වලින් තියෙනවා. මේක ක්ලික් කරහම තමුන්ගේ දත්ත ඇතුලත් කරන්න පිටුවකට යනවා. මේ දත්ත තුළ ඇතුලත් කරන පිටුවේ දි තමයි පාරිභෝගිකගෙ නම අපි අනන්‍යතාවය තහවුරු කරගන්න සමහර දත්තයන් ඉල්ලනවා. අයිඩී නම්බර් එකක් ,ලිපිනය, දුරකථන අංකය ඔය වගේ දේවල් සහ මෙක අපි අන්තර්ජාලය ඔස්සේ කරන නිසා අපේ ආයතන නම් අපි email එකත් පාරිභෝගිකයන්ගෙන් දැනගන්නවා. මේ දත්ත ටික රැස් කරන අතරතුරේ දී automatically අපි email verification එකකුත් ඔවුන්ට මට ඊමේල් පණිවිඩයක් මගින් යවනව. මොකද අපි custom ව සුරක්ෂිත කරන්නත් ඕනේ ,අපේ ආයතනය පැත්තෙන් අපේ වටපිටාවත් ආරක්ෂා කරගත යුතුයි. එතකොට මේ ජෙනුයින් කස්ටමර් කෙනෙක් කියන එක දැනගන්න අපි ඊමේල් application එකක් යවනවා .හැබැයි ඒ email verification එකක වෙරිෆයි කළාට පස්සේ තමයි අපි කස්ටමර් යවන්නේ තමුන්ගේ ක්‍රෙඩිට් කාඩ් පතේ හෝ බැංකු කාඩ් පතේ අංකය සදහන් කරන පිටුවට .අපි මේක කරන්නේ application එකෙන් පස්සෙ .මොකද එතකොට පාරිභෝගිකයාටත් පොඩි විශ්වාසයක් ගොඩ නැගෙනවා මේක නිකං දත්ත ඇතුලත් කරන්නේ නෑ කියන හැඟීම .සාමාන්‍ය දත්ත ටික දැම්මාට පස්සේ ගොඩක් බැංකුවලින් කරන එකක් තමයි one time password එකක්. OTP එකක් යවනවා එක්කෝ ජංගම දුරකථනයකට, එක්කෝ තමුන්ගේ email account එකට. OTP එක one time password එක පාවිච්චි කරාට පස්සේ තමයි අපි මේ ගනුදෙනුව සම්පුර්ණ කරා කියලා සලකන්නේ. කාඩ් පතකින් කරන transaction එකක් complete වෙන්නේ නැහැ මේ one time password එක පාරිභෝගිකයා ඇතුළත් කළේ නැත්නම් .ඇතුලත් කරාට පස්සේ තමයි transection එක සාර්ථකව නිම වුණාට පස්සේ තමයි අපි ඊමේල් මාර්ගයෙන් යවන්නේ රිසිට් එක. මේ transaction එක completed .මේක තමයි අයිතමය සහ පාරිභෝගිකයන් මුලින්ම සයිට් එකේ දැකපු දත්තයන් සහ සියලුම සමරිය ඒකක් සංශිප්තයක් අපි පේමන්ට් රිසිට් එකක් මාර්ගයෙන් customer ට යවනවා. ඕක තමයි අපේ ක්‍රියාපටිපාටිය බොහෝ websites වල online purchasing ගොඩක් ආයතන වල කරන process එක තමයි ඕක.
ඊළඟ ප්‍රශ්නය තමයි පාරිභෝගිකයෙක් විදිහට මේ වගේ ඔන්ලයින් හරහා භාණ්ඩ ගෙන්වා ගැනීමේදී යම් අපහසුතාවයකට පත් වුනෝතින් ,යම් ප්‍රශ්නයක් ඇති වුණොත් ඒ වෙලාවේ මොකක්ද කරන්න ඕන කියන එක?
පාරිභෝගිකයෙක් අසාධාරණයක් වුනොත් අපි ඉස්සෙල්ලම කියන්නේ පාරිභෝගික අධිකාරියට. මෙතනින් තමයි අපි අපේ අවසන් විසඳුම බලාපොරොත්තු වෙන්නේ සහ රජයට අනුබද්ධ ආයතන වශයෙන් අපිට පොලිසියේ ඇන්ට්‍රියක් දාන්න පුළුවන්. නැත්නම් පාරිභෝගික අධිකාරියට directly සෘජුවම මේක ඉදිරිපත් කරන්න පුළුවන්. හැබැයි මම මේ තත්වෙට එන්නේ නැති වෙන්න තමයි ඇත්තටම අපි පාරිභෝගිකයන් එක්ක විශ්වාසෙන් කටයුතු කරන්න ඕනේ කියන තැන තමයි මම ඉන්නේ. මම ඒකට දෙන තව උපදෙසක් තමයි අපිට මේ සේවාවක් සපයන සහ භාණ්ඩ විකුණන මනුස්සයෙක් පිළිබඳව අපිට විශ්වාසයක් නැත්නම් අපි පුළුවන් තරමක් අපි සූදානම් වෙන්න ඕනේ අපේ කාඩ් පතකින් කරන තමන්ගේ භාණ්ඩය අතට එනකං මුදල් ගනුදෙනුවක් නොකරන්න. මේකට ගොඩක් ව්‍යාපාර වුණත් මේ සිස්ටම් එක පාවිච්චි කරනවා .ඒකට අපි කියනවා cash on delivery system එක කියලා. මම හිතන්නේ ඒක හුදෙක් මනුස්සෙක් කිව්ව පලියට, පුද්ගලයෙක් කිව්ව පලියට හෝ ව්‍යාපාරයක් ලෙස පෙනී සිටින ආයතනයක් කිව්ව පලියට හෝ මේ ගිණුමට සල්ලි වැය කරන්න මේ ගිණුමට සල්ලි දාන්න අපි මේ භාණ්ඩ ඔබේ නිවසටම එවන්නම් කියලා පාරිභෝගිකයෙක් වශයෙන් මෙය 100% අපිට මේ ආයතනය හෝ පුද්ගලයා පිළිබඳ විශ්වාසයක් නැත්නම් මේක නොකළ යුතු දෙයක්..
අපි හැම තිස්සෙම බලන්නේ ගොඩක් වෙලාවට අපි හිතනවා ආහාරපාන මේ අවස්ථාවේදී නිවසටම ගෙන්න ගන්නවා. සුපිරි වෙළඳසැල් වලට ආවේණික වූ වෙබ් අඩවි තියනවා අපි දැනට ඒ වෙබ් අඩවිවලට ගිහිල්ලා අපේ කාඩ් පතක දත්ත ඇතුලත් කරලා මිලදී ගැනීම කරන්නට පුළුවන්. හැබැයි සමහර ආයතන තියෙනවා නම් භාණ්ඩ අපි එවන්නම් හැබැයි අපිට ඊට ඉස්සෙල්ලා සල්ලි දෙන්න කියලා ඒ ආයතනයේ හෝ පුද්ගලයා පිළිබඳ විශ්වාසයක් නැත්නම් අපි හැමතිස්සෙම ඒ වගේ අවස්ථාවන් වල දී පුළුවන් තරම් ඈත්ව සිටින්නට ඕන .මොකද දැනට market එකේ ඕන තරම් පුද්ගලයින් සහ ව්‍යාපාර තිබෙනවා මේ සේවාවන් සපයන .එතකොට අපිට පොඩි හරි සැකයක් තියනවනම් පාරිභෝගිකයෙක් වශයෙන් අපි බලන්න ඔන හැමතිස්සෙම ලෙහෙසිය වගේම අපි කොච්චර ආරක්ෂිත ද කියන එක. මේ සියලුම දේ ඇතුළේ අවදානම කියන දේත් තියෙනවා. අපි පුළුවන් තරම් මේකේ අවදානම ගණනය කරලා මේ අවදානම පුළුවන් තරම් එකට අඩු කරගෙන තමයි මේ කර්තව්‍ය කරන්න ඕනේ. අසාධාරණයක් වුනොත් අනිවාර්යයෙන්ම ඒක පාරිභෝගික අධිකාරියට යොමු කරන්න පුළුවන්. හැබැයි අසාධාරණයක් වෙන්න ඉස්සෙල්ලා අපි පුළුවන් තරමක් බලන්න ඕනේ අපිට විශ්වාසයක් නැත්නම් පුද්ගලයෙක් හෝ ආයතනයක් පිළිබඳව මේ සේවාව සපයයි කියලා පුළුවන් තරමක් අපි බලන්න ඕනේ මුදල් ගෙවන්නේ නැතුව භාණ්ඩ අතට එනකං මුදල් නොගෙවා ඉන්න. හැබැයි ඔය e commerce website ප්‍රචලිත websites මාර්ගයෙන් අපි භාණ්ඩයක් ඇනවුම් කරනවා නම් හරි, භාණ්ඩයක් මිලදී ගන්නවා නම් හරි ප්‍රසිද්ධ ආයතනයකින් භාණ්ඩයක් මිලදී ගන්නවානම්, මේ අවදානම සෑහෙන දුරට අඩුයි. අපි හැමතිස්සෙම බලන්න ඕනා මේ වෙබ් අඩවි ආරක්ෂක ද මේ වෙබ් අඩවි ප්‍රසිද්ධ ආයතන හා සම්බන්ධවද තියෙන්නේ. මොකද එහෙම උනොත් අපිට සෘජුවම ආයතනයෙන් responsibility කරන්න පුළුවන්. එතකොට අපිට ආයතනයට ඒ වගකීම බාර දෙන්න පුළුවන්. මට දෙන්න පුළුවන් උපදෙස තමයි අනිත් දේ තමයි අපි ගිණුමකට මුදල් ඩිපොසිට් කරනවා නම් හරි ට්‍රාන්සර් කරනවා නම් හරි හැමතිස්සෙම බලන්න ඕන මේක පුද්ගලික ගිණුමක් නොවෙන තාක්කල් මේක ආයතනික ගිණුමක් නම් එතකොට අපේ අවදානම අඩුයි. එතකොට ගැටළු සහගත තත්වයන් අඩුයි. නැත්නම් පුද්ගලයෙක් නමක් තියලා මේ account එකට සල්ලි දාන්න කියල කිව්වට දාන්න එපා කියන දේ තමයි මට කියන්න තියෙන්නේ.
මහා පරිමාන ව්‍යාපාරයක් නැති කෙනෙක්, සාමාන්‍ය ව්‍යාපාරයක් තියෙන කෙනෙක් දැන් මේ පවතින කාල වකවානුව මේ තත්ත්වය සැලකිල්ලට අරගෙන තම ව්‍යාපාරයේ ඉදිරි අනාගතය ගැන හිතලා මමත් මේ ඔන්ලයින් ක්‍රමයට පිවිසුණු හොඳයි කියන දේ පිළිබඳ. හැබැයි ඔහුට ලොකු මූල්‍යමය ආයෝජනයක් කරන්න නොහැකි වෙන්න පුළුවන් .මේ අවස්ථාවේදී කොහොමද කෙනෙක් මේ ඔන්ලයින් භාණ්ඩ විකිණීමට ඇතුළත් වෙන්නේ? කොහොමද ඔහු මේ ක්‍රියාවලිය ඉදිරියට කරගෙන යන්නේ?
අපි online selling කියලා කියපු ගමන් අපේ ඔලුවට එන්නේ website එකක් shopping cart feature එකක් . ඔය වගේ ඉතාමත් සංකීර්ණ දේවල් ටිකක්. අපි මූලික වශයෙන්ම මං මුලින්ම කිව්ව දේ තමයි ව්‍යවසායකයෙක් හෝ ව්‍යාපාරිකයෙක් ව්‍යාපාරයක් තමුන් විකුණන භාණ්ඩයක් පහසුවෙන් පාරිභෝගිකයා අතට පත් කිරීමේ කර්තව්‍ය තමයි අපි නිරත වෙලා ඉන්නේ. මම Hootsuit ආයතනයේ දත්තයන් විශ්ලේෂණය කලොත් දැනට අද දවස 2020 දී ශ්‍රි ලංකාවෙන් මිලියන 10.9 ඉන්ටනෙට් යූසර්ස්ලා ඉන්නවා. ඒ කියන්නේ ජනගහනයෙන් සියට පනහක්. පනස් එකක් වගේ ගානක්. මේ අතර සෝෂල් මීඩියා පාවිච්චි කරන යූසර්ස්ලා මිලියන 7.9 ක් ඉන්නවා. අපිට මේ online selling කිවුවහම අන්තර්ජාලය හරහා විකුණුම්කරණය කරද්දී අපේ අතේ තියෙන අත ලඟම තියෙන මෙවලමක් තමයි මේ socialmedia කියන එක. එතකොට ලෙහෙසියෙන්ම අපිට පාරිභෝගික එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් අවකාශය මේ සමාජ මාධ්‍ය හරහාම සපයලා දීලා තියෙනවා. ෆේස්බුක් ආයතන ගත්තත් facebook platform එකේ ඔවුන්ගේ වර්ධනය සිදු වෙලා තියෙන්නෙ අලුතෙන් පැමිණෙන ව්‍යවසායකයන්ට ඔවුන්ගේ භාණ්ඩ සහ සේවාවන් අලෙවි කරන්න අවස්ථාව වටපිටාව සලසා දීම නිසා තමයි ඔවුන්ගේ business model එකක් විදියට ඔවුන් දියුණු වෙලා ඉන්නේ අද දවසේ.
අපිට වුනත් ලෙහෙසියෙන්ම අද ව්‍යාපාරයකට ඇතුල්වන ව්‍යවසායකයෙක් වුනත් ලේසියෙන්ම තමුන්ට අවශ්‍ය භාණ්ඩ පිළිබඳව දත්ත informations සන්නිවේදනය කරන්න පුළුවන් ලෙහෙසිම තැනක් තමයි මේ සමාජ මාධ්‍ය කියන එක .එතකොට වෙබ් සයිට් තියෙන්න ඕනෙමයි කියන දෙයක් නැහැ. website එකක් තියෙන එක හොඳයි. එතකොට මේකට පොඩි ක්‍රමානුකූල වටපිටාවක් හැදෙනවා වෙබ්සයිට් එකක් තියනවනම් .හැබැයි නවක ව්‍යවසයනකයකුට මේ තාක්ෂණික දැනුමක් අවශ්‍යයි වෙබ් සයිට් එකක් කරගෙන යන්න. මහා ලොකු මුදලක් වැය වෙන්නේ නැහැ හැබැයි වසරක් පාසා ගෙවන්න ඕන domain free එකක් තියෙනවා. ඊට පස්සේ අපි shopping cart එකක් වගේ දෙයක් මොනාහරි අන්තර්ගත කරනවා නම් ඒකට යන මුදලක් තියෙනවා. ඉතින් ඔය ටිකත් එක්ක මේ වගේ දැනුමක් නැති මනුස්සයෙක්ට වුනත් අන්තර්ජාලය හරහා භාණ්ඩ සහ සේවාවන් විකුණන්න පුළුවන් ලේසියෙන් සමාජ මාධ්‍ය ජාල හරහා. මම උදාහරණයක් වශයෙන් කිව්වොත් ෆේස්බුක් වල බිස්නස් එකවුන්ට්ස් ගැන අපි කතා කරනවා. මේ business account වලින් තමුන්ගේ භාණ්ඩ විකුනන්න පුළුවන් .ඒකට අවශ්‍ය සමහර පහසුකම් හිටන් මේ බිස්නස් එකවුන්ට් එකක් ඇතුලේ ලබාදෙනවා.
ෆේස්බුක් ෂොප් කියලා feature එකක් තියෙනවා. මේ ෆේස්බුක් ෂොප් කියන feature එක payment platform එකක් එක්ක integrate කරගන්න පුළුවන්. instagram වල තියනවා instagram ෂොප් කියන feature එකක්. එතකොට අපි නිතරම පාවිච්චි කරන වට්ස්ඇප් වලටත් message platform එකක් විදියට පණිවිඩ හුවමාරු කරගන්න පුලුවන් ෆ්ලැට්ෆෝම් එක් ගත්තත් එකෙත් තියෙනවා අලුතෙන් ඇවිල්ල තියෙන feature එකක් business for වට්ස්ඇප් කියලා. අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන එකවුන්ට් එක නෙමෙයි බිස්නස් වලටම වෙන්වූ account එකක්. ඒකෙන් අපිට තියන භාණ්ඩ ඩිස්ප්ලේ කරන්න පුළුවන් catlog එකක් වශයෙන් .එකට මිල ගණන් තීරණය කරන්න පුළුවන්. අපි වට්ටමක් ලබා දෙනවා නම් ඒ වට්ටම වුනත් සඳහන් කරන්න පුළුවන් .සාමාන්‍යයෙන් නිතර අහන ප්‍රශ්න තියෙනවා නම් පාරිභෝගිකයන් ව්‍යාපාරයක් වශයෙන් අපෙන් අහන ප්‍රශ්න තියෙන පුළුවන්. උදාහරණයක් විදියට delivery තියනවද ඩිස්කවුන්ට් තියනවද ?පහසු ගෙවීමේ ක්‍රම තියෙනවද? අපි ඒ වගේ අඳුර ගන්න අපි කියනවා frequently asked question නිතර අහන ප්‍රශ්න තියෙනවා නම් අපි ඒවා ලෑස්ති කරලා එන්ටර් කරල තියන්න පුළුවන් එතකොට. තොරතුරු හුවමාරු කරගැනීම මේ සියලුම featuresසහ සියලුම අංග ප්‍රයෝජනවත් වෙනවා.
ඉස්සෙල්ලම අහපු ප්‍රශ්නෙ තමයි අලුතෙන් එන ව්‍යවසායකයෙක්ට මේකේ ලොකු කතන්දරයක් නැහැ. අපිට අන්තර්ජාල පහසුකම් තියෙනවා නම් අපිට අපි විකුණන භාණ්ඩ පිළිබඳව අවබෝධයක් තියෙනවා නම් මේ භාණ්ඩය පිළිබඳ අපි තොරතුරු නිසියාකාරව අපිට මේ online platform වල social media platform වල ඉන්න මේ පිරිසට අපිට communicate කරන්න පුලුවන්නම් අපිට ඇත්තටම පසුබිමක් තියෙනවා මේ ව්‍යාපාර දියුණු කරන්න සහ අලුතෙන් ව්‍යාපාර මේ industry එකට ,මාකට් එකට ගේන්න. තවත් දෙයක් තමයි අපි online business එකක් කරද්දි බලන්න ඕන කාරණාවක් තමයි ලොජිස්ටික් පැත්ත සහ delivery පැත්ත. අපි කතා කරන්නේ පාර්ශව දෙකයි .විකුණුම් සහ විකුණුම්කරු සහ ගැනුම්කරු. හැබැයි මේ අතර මැද්දෙ සමහරවිට චරිතයක් සිටිනවා තුන්වෙනි පාර්ශවයක් සිටිනවා මේක විකුණුම්කරුගෙන් අරගෙන ගැනුම්කරුවා වෙත ලබා දෙන. එ කාර්යයම කරන ආයතන තියෙනවා. courier companies තියනවා, delivery services තියෙනවා. එතන තියෙන්නෙ රිස්ක් එකක් ලුතෙන් ව්‍යාපාරයක් නම් රිස්ක් එකක් තියෙනවා. සමහර වෙලාවට මේ අහවලාට දුන්නොත් මේක කියන දවසටම මේක ගිහිල්ලා customer ටදෙයිද කියන ඒක. සමහර වෙලාවට ඩිලිවර් කරන අයිතමය වටිනාකම උඩ අපිට රක්ෂණාවරණයක් සමහර වෙලාවට හදන්න වෙනවා. ඉතිං ඒ වගේ දේවල් වල වගකීම ඒ ආයතන බාරගන්නවද, ඒ පුද්ගලයන් භාරගන්නවාද, හැබැයි අපිට මේ අවදානම ගණනය කරලා මේ අවදානම අඩු කරගන්න පුලුවන් නම් ඒ අවදානම අඩු කරගන්න පුලුවන් අවකාශයත් සලසලා දීලා තියෙනවා ගොඩක් courier companies තියනවා, ලංකාවේ ඕනම කෙළවරකට ගිහිල්ලා delivery කරන ඕනතරම් ලංකාවෙ courier companies තියනවා. accompanies එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් .සම්බන්ධ වෙලා පිටරට පවා යවන ship කරන්න පුළුවන් companies ඉතිං ඒ companies එක්ක වුණත් සම්බන්ධ වෙලා online experience පාරිභෝගිකයාට සරල පහසු අත්දැකීම් විදියට දෙනවා නම් මං හිතන්නේ නව ව්‍යවසායකයෙක්ට ලොකු ගමනක් යන්න පුළුවන්.
අපි මේ කතා කරේ online හරහා භාණ්ඩ ගෙන්වා ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු ගැන.. දැන් පාරිභෝගිකයා ඒ කරුණු කාරණා පිළිබඳ සැලකිලිමත් වනවා වගේම දැන් මේ විකුණන භාණ්ඩ විකුණන පුද්ගලයා පාරිභෝගිකයා අතට පත් කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු තියෙනවා. අපි මේ ක්‍රියාවලිය සාර්ථක කරගන්න භාණ්ඩ විකුණන වෙළෙන්දෙක් එහෙම නැත්නම් අලෙවි කරුවෙක් විදියට මොනවද සැලකිලිමත් වෙන්න ඕන විශේෂ කරණු?
අපි දැනගන්න ඕන කාරණාව තමයි මේ වෙනකොට අපිට ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපිට තාම සමහර අවස්ථාවලදී මේක අලුත් අත්දැකීමක් .එතකොට සමහර විට අපේ ඔළුවේ තියෙන ප්‍රශ්න ටිකක් තියෙනවා කාලයක් තිස්සේ ඉඳන් ඔළුවේ තිබ්බ දේවල් නිසා මේක හරි යයිද, මේක ඇවිල්ලා මිලදීගන්න වගේ තරම් මේකේ effect එකක් නැද්ද ,මේක කාර්යක්ශම ද, මේක මගේ මාකට් එකට ගැලපෙයිද ,මේක නැත්නම් මේක තියෙන්නේ කෑම වලට විතරද, මේක තියෙන්නේ අවශ්‍ය දේවල් සඳහා විතරද, මේ වගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. මේ ප්‍රශ්න ඇත්තටම පාරිභෝගිකයා පැත්තෙ තියනවා, මේ ප්‍රශ්න ව්‍යාපාරිකයන්ට තියෙනවා. විකුණුම්කරු සහ ගැනුම්කරු දෙපාර්ශ්වයටම මේ ගැටලු ටික තියෙනවා. හැබැයි ව්‍යාපාරිකයෙක් වශයෙන් අපි හැමතිස්සෙම බලන්න ඕනේ මේ ඔන්ලයින් භාණ්ඩ මිලදී ගැනීමේ තියන අත්දැකීම පාරිභෝගිකයාට පහසු කරන්න. මේක තමයි අනාගත කියන එක වැරදියි. මේක තමයි වර්තමානය. අනාගතය මේකේ මොනවගේ development තියෙයිද කොයි ආකාරයෙන් වෙනස් වෙයි ද කියන එක අපි දන්නේ නැහැ. හැබැයි අවුරුද්දකට ඉස්සෙල්ලා තමයි ඉස්සෙල්ලම මේ ගොඩක් හිතපු නැති සේවාවන් සහ භාණ්ඩ වලට ඒ යටතට ආවේ. ඒතකොට විටෙක සමහර ව්‍යාපාර වලට හිතෙන්න පුළුවන් මේක මේ මාස තුන හතර ගෙවුණට පස්සෙ අපි ආයිමත් ඉස්සර තිබ්බ වගේ අපිට බිස්නස් කරගෙන යන්න පුළුවන් කියලා. හැබැයි අපි කතා වෙන new normal සිස්ටම් එක අනුව අපි හැමතිස්සෙම බලන්න ඕන දේ තමයි මේ තාක්ෂණය සහ මේ මෙවලම් උපයෝගී කරගෙන අපේ ව්‍යාපාර කොහොමද දියුණු කරන්න කියලා. එතකොට ඔන්ලයින් සිස්ටම් එකක් අද තියලා ආයිත් සංචරණ සීමා ලිහිල් කරපු දවසකදී මේක සම්පූර්ණයෙන්ම අත ඇරලා දානවා නම් මම හිතන්නේ නෑ ඒක සාර්ථක ඇප්‍රෝච් එකක් කියලා. අපි හැමතිස්සෙම බලන්න ඕන customer ට මේක හරි ලේසි දෙයක්. ඇත්තටම customer අමුතුවෙන් ශාඛාවකට හෝ අලෙවි සැලකට පැමිණීමේ අවශ්‍යතාවය නෑ. එතකොට සාමාන්‍යයෙන් ගත්තොත් ශාඛාවක් Run කරනවට වඩා පිරිවැය සහ වියදම අඩුයි ඔන්ලයින් විකුණද්දීත්. මොකද සාමාන්‍යයෙන් කතා කරන පිරිවැය ගොඩනැගිල්ලකට ගෙවන රෙන්ට් එක වගේ දේවල් අඩුයි .හැබැයි එක සමහර වෙලාවට කැපෙනවා අපි පාවිච්චි කරනවා නම් ඔන්ලයින් වලට සොෆ්ට්වෙයා එකක් වෙනම ,අපේ ඉන්වෙන්ට්‍රිය manage කරගන්න software එකක් එතකොට කැපෙනවා. හැබැයි ලොකු පිරිවැයක් අපිට ඉතුරු වෙනවා මේ ඔන්ලයින් සිස්ටම් එකක් හරහා මේ ෙවළදාම් කරද්දි .හැමතිස්සෙම මේකේ තියෙන්නේ පහසුව. මේ අත්දැකීම ඇත්තටම අපිට පාරිභෝගිකයාට පහසුවෙන්ම දෙන්න පුළුවන් නම්, අපි ව්‍යාපාර වශයෙන් හැමතිස්සෙම කටයුතු කරන්න ඕනේ ඒ ගෝල් එක achieve කරගන්න. ඒක තමයි අපේ අභිප්‍රාය වෙන්න ඕනේ .හැබැයි එක සැරයක් දෙසැරයක් කරලා තුන් සැරයක් කරලා නවත්තන්න ෙනමයි, පළවෙනි සැරේ කලා නම් පලවෙනි සැරේට වඩා දෙවන සැරේ හොඳට කරන්න. මොකද අවකාශ ලැබිලා තියෙනවා ගොඩක් ව්‍යාපාර වලට මේ අවස්ථා වලට එන්න. මේ අවස්ථාව හරහා වෙළඳාම් කරන්න. එතකොට මම අද වැරදිලාවත් ව්‍යවසායකයෙක් විදියට customer අසීරුතාවයකට පත් කලොත් හරි කස්ටමර්ට අවශ්‍ය දේ නැතිව වෙන දෙයක් දීලා හරි මේ experience එක කස්ටමර් පොඩ්ඩක් හරි අමිහිරි එක්ස්පීරියන්ස් එකක් කලොත් customer පුළුවන් මට bad review එකක් දෙන්න.
මොකද අපි ඔන්ලයින් අවකාශය ඇතුළතදී අපි බලන්න review සිස්ටම් එකක් සහ review system එකකින් කොහොමද මේ ආයතන විශ්වාසදායක ද ,මේ සපයන සේවා හෝ භාණ්ඩ ඒ ආයතන කියන මට්ටමින් තියෙනවද, මේ satisfaction එකක් තියෙනවද කියන දේ උඩ. එතකොට එහෙම එක්ක bad review එකකින් තවත් ව්‍යාපාරියකට අවස්ථාව ලබා දෙන්න පුළුවන් ඒක ප්‍රයෝජනයට අරන් උඩට එන්න. ඉතින් මෙතන compitition එකත් ගොඩක් වැඩි .ඒක නිසා මම හිතන්නේ ව්‍යාපාර වශයෙන් අපි අපිට තියන ලොකු responsibility එකක් customera ව එක අතකින් satisfy කරන්න සහ a standard එක මේන්ටේන් කරන්න. මේ online shopping experience ඒක පුළුවන් තරම් පාරිභෝගිකයෙක්ට පහසු ආකාරයකින් කරගෙන යන්න .ඉතින් මම හිතන්නේ ගොඩක් ව්‍යාපාර බලන්න ඕන දෙයක් තමයි ඒ පැත්ත. සමහර විට දී පාරිභෝගිකයන්ට ප්‍රශ්න එන්න පුළුවන් අපි උනත් ඉස්සෙල්ලාම online system එකක් හරහා භාණ්ඩ විකුනන්න පටන් ගත්ත කාලෙකදි සමහර මිනිස්සුන්ට ප්‍රශ්න එන්න පුළුවන් මොන පේජ් එකේ ද අපි මේක බලන්නේ ,මොන මොකද්ද click කරන්න ඕන, කොතනදී ද අපි කාඩ් details දාන්න ඕනේ . අපිට තේරෙනවා මේ ගැටළු සමාජයේ තියනවා .එතකොට අපි ආයතනයක් විදියට මේක කරගෙන යනවා නම් බඩු විකුණනවා නම් අපි හැමතිස්සෙම සැදීපැහැදී ඉන්න ඕනේ customer ප්‍රශ්නයක් ආපු වෙලාවකදි අපේ ෆ්ලැට්ෆෝම් එකට ප්‍රශ්නයක් ආපු වෙලාවක ඒ customer ට technical support එකක් දෙන්න. ඊළඟට කරන්න ඕන Step එක මොකක්ද ඊළඟ පියවර මොකක්ද .ඒ හරහා අපිට කස්ටමර් ගෙනියන්න පුළුවන් නම් අපි ඉස්සෙල්ලම කරපු දෙයක් තමයි ඒක. මොකද එතකොට පාරිභෝගිකයන් අපහසුතාවයට පත් වන්නේ නැහැ. එතකොට පාරිභෝගිකයාට මේක පහසුවෙන්ම කරගෙන යන්න පුළුවන් අවකාශය හැදුවොත් මම හිතන්නේ මේක අපිට දියුණු කරගෙන යන්න පුළුවන්. මේ අන්තර්ජාල අවකාශය ඇතුලේ වෙළඳාම් කරන එක අපි අලුත් විදියට මේක අභියෝගයක් විදියට සැලකුවාට ගෝලීය ආර්ථික ඇතුලේ මේක විශාල පිම්මක් පැනලා තියෙනවා සෑහෙන දුර ගිහිල්ලා තියෙනවා. ඉතිං අපිට ඒ මට්ටමට යන්න නම් අපි පාරිභෝගිකයාත් ව්‍යාපාරත් දෙකම එකතු වෙලා තමයි මේ ගමන යන්න ඕනේ .ව්‍යාපාර වලට විතරක් මේ පිම්ම පැන්ෙනාත් අපිට ආයිමත් අර ගැප් එක තියෙනවා අවබෝධය කොහොමද මේක කරගෙන යන්නේ කියන එක ප්‍රශ්න එන නිසා මේක sustain කරගන්න අමාරුයි. ඉතින් අපි හැමවෙලේම ව්‍යාපාර දියුණු වෙනවත් සමඟම මේ ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ අපි හැමතිස්සෙම උත්සාහ කරන්න ඕන දෙයක් තමයි පාරිභෝගිකයාට මේ දැනුම ලබා දෙන්න පාරිභෝගික එක්කම මේ ඔන්ලයින් අවකාශය තුළින් දියුණු වෙන්නත්.
දැන් ගොඩක් අය කරන චෝදනාවක් තමයි ඔන්ලයින් හරහා බඩු භාණ්ඩ ගෙන්න ගත්තට පස්සේ අපි හිතපු දේ අපි ඉල්ලපු දේ නෙමෙයි අපි ඕඩර් කරපු දේ නෙමෙයි එන්නේ. එතකොට සල්ලි ගෙවලා. අනිවාර්යෙන් ගන්නම ඔන. මේ හැදුන අවිශ්වාස එක්කම ගොඩක් අය online හරහා බඩු ගන්න එකෙන් ඈත් වෙලා ඉන්නවා කොච්චර අවශ්‍යතාව තිබුණත්. මේකෙත් අපිට මොකක්ද කරන්න පුළුවන්?
අනිවාර්යෙන්ම ඒ දේ වෙලා තියෙනවා ලංකාව තුළ විතරක් නෙමෙයි පිටරටකින් භාණ්ඩයක් මිලදී ගත්තත් සමහර වෙලාවට අපිට පින්තූර පේන දේ නෙමෙයි අන්තිමට ගෙදරට ඇවිල්ල තියෙන්නේ. ලංකාවේ උනත් සමහර වෙලාවට අපි ඔය අත්දැකීම දැකලා තියෙනවා.මම විශ්වාස කරන දෙයක් තමයි ඔන්ලයින් හරහා භාණ්ඩ මිලදී ගන්නකොට පාරිභෝගිකයින් වුණත් බලන්න ඕන දෙයක් තමයි අපි කියනවා refunder policy එකක් කියලා. ගොඩක් e commerce websites ලංකාවේ වේවා, පිටරට වේවා මේ policy ගන්නවා. එයලා ළඟ තියෙනවා ගැනුම්කරුවා සෑහීමකට පත් වන්නේ නැත්නම් තමුන් ලබා ගත්ත දේ ගැන එක කාල වකවානුවක් තුළ මේක ආයිමත් යවන්න පුළුවන්. යවලා එක්කෝ refund එකක් සම්පූර්ණයෙන්ම මුදල් ආපහු ලබා ගැනීමක් සිද්ධ කරන්න පුළුවන්. නැත්නම් ඒකට හරියන භාණ්ඩ ගෙන්න ගන්න පුළුවන්. ආයතන වශයෙනුත් සම්පූර්ණයෙන්ම වගකීමක් බාර ගන්න ඕනි return policy එකක් ගන්න .මොකද අපි හැමතිස්සෙම මේක customer satisfaction එක්ක තමයි කටයුතු කරන්ෙන්. පාරිභෝගිකයා පොඩි හරි විදියකින් satify උන් නැත්නම් අපි ගාවට අයිත් එන තත්ත්වයක් තියන එකක් නැ. ඉතිං ආයනයක් වශයෙන් අපි බලන දෙයක් තමයි return policy ekak සෑහීමකට පත් වෙන්නේ නැත්නම් හැමතිස්සෙම පාරිභෝගිකයාට පුළුවන් ඒක ආයිමත් අපිට බාර දෙන්න. ඒ වගේම ඒක තමයි මම හිතන්නේ අනිත් ආයතනත් පිළිපැදිය යුතු දේ තමයි. විශේෂයෙන්ම භාණ්ඩ පිළිබඳව සෑහීමකට පත් වෙන්නේ නැත්නම් අපි opportunity එක හදන්න ඕන පාරිභෝගිකයාට මේක refund කරන්න පුළුවන් reasonable කරුණු කාරණා යටතේ .
ව්‍යාපාරයක් වශයෙන් සමහර වෙලාවට අපි සැලකිලිමත් යුතු කාරණාවක් තමයි මේක ඩිලිවර් කරද්දි පාරිභෝගිකයා මිලදී ගන්න පුද්ගලයා මේක ගෙදරට එයි කියලා බලාපොරොත්තු වෙන විදියක් තියෙනවා ඒ standard එක අපි හැමතිස්සෙම ඇති කර ගන්න ඕනේ. online order කරගන්න පුළුවන් ගොඩක් දේවල් තියෙනවා .අත්‍යවශ්‍ය සේවා ,කෑමබීම අපිට ඕඩර් කරගන්න පුළුවන් .jewellery ඕඩර් ගන්න පුළුවන්. ඔඩර් කරගන්න පුලුවන් දේවල් අනන්තයි අප්‍රමාණයි. ඕඩර් කරද්දි මේක පැකේජ් එක තැලිලා. මේක උඩ තව බඩු ගොඩක් තියලා .මේක අර බාර ගන්න බැරි මට්ටමේ පාරිභෝගිකයෙක්ට යවන එක වැරදියි. ව්‍යාපාර වශයෙනුත් සැලකිලිමත් විය යුතු කාරණාවක් තමයි ඒක .තමුන් ගිහිල්ලා ඩිලිවර් කරත්, කුරිය කම්පැනි එකක් හරහා ඩිලිවර් කරත් අපි හැමතිස්සෙම කස්ටමර්ට ඒ භාණ්ඩ තියන packagin එක හොඳට දෙන්න ඕනේ. සමහර ඒවා තියෙනවා ගොඩක් බර දේවල් තිබ්බත් තැලෙන්නේ නෑ ඉතින් ඒ වගේ පොඩි පොඩි දේවල් උපයෝගී කරගෙන අපිට පුළුවන් හැබැයි අන්තිම විය යුත්තේ customer සෑහීමකට පත් වෙන්න ඕනේ. මේ අත්දැකීම පහසු වෙන්න ඕනේ.
ඔබතුමාගේ ක්ෙෂ්ත්‍රය සම්බන්ධයෙන් කතා කරද්දි දැන් ස්වර්ණාභරණ අපි සාමාන්‍යයෙන් නොහිතපු විදියට මේ ස්වර්ණාභරණ අලෙවියත් මේ වෙද්දි online හරහා සිද්ධ වෙනවා .ඒ අත්දැකීම කොහොමද කියන දේ පිළිබඳවත් අපි දැනගන්න කැමතියි .මොකද අපි මීට කලින් අත්‍යවශ්‍ය භාණ්ඩ හෝ ඇඳුම් වගේ දේවල් මිලදී ගන්න තමයි මේ ක්‍රමය භාවිත කළේ ශ්‍රී ලංකාව ඇතුලේ .නමුත් මේ වෙද්දි මේ ඔන්ලයින් ක්‍රමයට මිලදී ගන්න පුළුවන් විවිධ දේවල් අතර ස්වර්ණාභරණ කියන භාණ්ඩය පවා එක් වෙලා තියෙනවා ඒ ගැන අපි කතා කරමු.
ඇත්තටම මම කියන්න සංතෝසයි mallika hemachandra jewellers ආයතනය තමයි පළවෙනිටම මේ සංචරණ සීමා, ඇඳිරි නීතිය ගිය අවුරුද්දේ ආපු වෙලාවේ එකම ස්වර්ණාභරණ ක්ෂේත්‍රය ආයතනය shopping cart featured එක්ක තියන online web store එකක් තිබ්බ. අපි කියන්නේ ඒකට web store එක කියලා .එතකොට ඒක ඇත්තටම වෙබ්සයිට් එක හදන්නේ 2015 - 2016 වර්ෂවලදී. ඒක ඒ වෙලාවේ අපි ඒ වෙබ්සයිට් එක හදලා තියෙද්දී අපි මේ වගේ අවස්ථාවකට රට පත් වෙයි කියලා බලාපොරොත්තු වුණේ නෑ .හැබැයි රටේ වගේ අවස්ථාවකට පත් වෙච්ච වෙලාවක මේක අපිට ඇත්තටම ලොකු ප්‍රයෝජනයක් වුණා යම්තාක් දුරකට අපිට ස්වර්ණාභරණ අලෙවි කරන්න .හැබැයි අපි මතක් කළ යුතු කාරණාවක් තමයි ගතානුගතිකවම ස්වරණාභරණ කියන දේ තීරණය වෙන්නේ මිනිස්සු ශාඛාවකට ඇවිල්ලා ස්වර්ණාභරණ අරගෙන ඒක පැළඳලා, මේ experience ,ලොකු process එකක් තියෙනවා මේ ස්වර්ණාභරණ මිලදී ගනිද්දී.
එතකොට මේ අත්දැකීම ලැබෙන්නේ නැහැ ඔන්ලයින් මිලදී ගන්නකොට. හැබැයි අපිත් ගතානුගතිකම හිතාගෙන හිටියත් ස්වර්ණාභරණ මෙහෙම තමයි මිලදී ගන්න ඕන කියලා. අපිට covid 19 ක් වසංගත තත්වය උඩ දී රට වහලා සංචරණ සීමා පැනවුවාට පස්සේ විටෙක උපන්දිනයක් සමරන්න, විවාහ සංවත්සරයක් සමරන්න, නව බිළිඳෙක් පවුලකට එකතු වීමෙන් උත්සවය සමරන්න, ස්වර්ණාභරනයන් මිලදී ගන්න ඕන අවකාශය පහළ වුණා .හැබැයි ඒ වෙලාවේ වෙන විකල්පයක් තිබ්බෙ නැහැ න්ලයින් මිලදී ගන්න එක හැරුණම. අපි ඉස්සෙල්ලම දැකලා අපි ප්‍රයෝජනයක් ගත්තට මේකෙ ඉස්සරහට develop කරගෙන යද්දි හිතුන දෙයක් තමයි අපි පුළුවන් තරමක් සූදානම් වෙන්න ඕන අපි පුළුවන් තරමක් උත්සාහ කරන්න ඕනේ අපේ ආයතන ශාඛාවට පැමිණිලා රන් ආභරණ මිලදී ගන්නා මනුෂ්‍යයන්ගේ අත්දැකීමට පුළුවන් තරමක් සමාන කරන්න ඔන්ලයින් විකුණන ඔන්ලයින් මිලදී ගැනීමක ලබන අත්දැකීම.
එතකොට අපි අවබෝධ කරගත දෙයක් තමයි සාමාන්‍යයෙන් ශාඛාවකට ආපුහාම අපිට තෝරගන්න පුළුවන් options ගොඩක් තියෙනවා. මේක අපි කළමණාකාරිත්වයෙන් උපදෙස් මත සාකච්ඡා කරලා අපි තීරණය කළා මේ අවකාශය අපි online platform එකක් සලසන්න ඕන .මොකද නැත්නම් පාරිභෝගිකයාට ඒ අත්දැකීමෙන් වෙනසක් ඇති වුන ගමන් මේක comfortable එක ඇති කරන්න තමයි අපි තීරණය කළා සමාන්‍යයෙන් ශාඛාවකට ඇවිල්ලා තෝරනවා වගේම අවශ්‍ය පසුබිම අපි මේ online web store එක හරහා සලස්වන්න ඕනේ කියන එක. ඉතින් ඒක මම හිතනවා අනිත් ආයතනත් සමහර වෙලාවට මේක ප්‍රයෝජනයට ගන්න පුළුවන් .මොකද කස්ටමර් කෙනෙක් හැමතිස්සෙම බලන්න ඕන මම ඇවිල්ලා මොකද, අපි මේ කතා කරන්නේ පරස්පර විරෝධී අත්දැකීම් දෙකක් ගැන කතා කරන්නේ. එතකොට මේකෙ අතර තියෙන සමානතාවය ගොඩනඟා ගන්න අපි ඇවිල්ලා ශාඛාවකින් මිලදී ගන්නා කොට කරන දේවල් ටිකම අපිට ඔන්ලයින් වලිනුත් කරගන්න හැකියාවක් තියද්දි අර කතා වුණා වගේ customer satisfaction එක වැඩිපුර තියෙනවා.ඒ තකොට කස්ටමර්ට අවශ්‍ය ආකාරයෙන් අවශ්‍යතාවයට ගැලපෙන ස්වර්ණාභරණ අපිට කස්ටමර් වෙත මිලදී ගන්න පුළුවන්.
මේ හා සම්බන්ධව කතා කරනකොට පාරිභෝගිකයාගේ පැත්තෙන් ඉඳලා ,විකුණුම්කරුගේ පැත්තෙ ඉඳලා දෙන්න පුළුවන් මේ මොහොතේ අපි ඉන්න දැන් සංචරණ සීමා පැනවිලා ගෙවල් වලට වෙලා මේ වෙලාවේ තමන්ට අවශ්‍ය දේවල් මිලදී ගැනීමට නොහැකිව ඉතා පීඩාකාරී ව ගෙවල් වලට වෙලා ඉන්න අයත් ඔන්ලයින් වලින් බඩු භාණ්ඩ ගෙන්වා ගන්නවා. එතකොට මේ වගේ දුෂ්කරතාවයන් වලට පත් වුණත් අපි ඒකටත් මුහුණ දෙන්න ඕන.ඒතකොට අපිට තියන ආර්ථික ප්‍රශ්න මේ වෙනකොට මුදල් බොහොම හිඟ කාලයකත් අපි ඔන්ලයින් හරහා භාණ්ඩ ගෙන්න ගන්නවා අත්‍යවශ්‍ය දේවල්. පොදුවේ අපිට කියන්න පාරිභෝගිකයාගේ පැත්තේ ඉඳලා විකුණුම්කරුගෙ පැත්තෙන් ඉඳලා දෙන්න පුළුවන් උපදෙස් ඔබට මොකක්ද?
පාරිභෝගිකයාට දෙන්න පුළුවන් උපදෙස තමයි හැමවිටම ඔන්ලයින් ගනුදෙනුවක් කරද්දි අවදානම අඩු කරගන්න උත්සාහ කරන්න. අපි online මිලදී ගැනීමක් කරද්දි ලංකාවේ ප්‍රචලිත ආයතන තියෙනවා අපිට විශ්වාසය ගොඩනැගිච්ච ආයතන තියෙනවා. හැමතිස්සෙම පුළුවන් තරම් පුළුවන් උපරිමයෙන්ම අපි ඒ වගේ ආයතනත් එක්ක වැඩ කරන්න ඕනේ. හැබැයි ඒකෙන් කියන්නේ නැහැ නව ව්‍යවසායකයින්ට අවස්ථාව දෙන්න එපා කියලා. නව ව්‍යවසායකයින් වුණත් විශ්වාස ඇති කරගන්න පුළුවන් විදියට ගනුදෙනු කරන්න. මම ඉස්සෙල්ලා කිව්වා වගේ මුලින්ම මුදල් ගෙවන්නවට වඩා අපිට පහසු කමක් තියෙනවනම් භාණ්ඩය ලැබුණට පස්සේ මුදල් ගෙවන්න එතකොට අපේ සෑහීමකට පත් වෙනවා නම් අපට ඒ මුදල් ගෙවන්න පුළුවන් වෙන්න ඕන සහ පාරිභෝගිකයෙක් වශයෙන් සැලකිය යුතු කාරණාවක් තමයි return policy එකක් තියනවද refund policy එකක් තියෙනවද කියන දේ .මම සෑහීමකට පත් වන්නේ නැත්නම් මට මේක හුවමාරු කර ගැනීමේ පහසු කමක් තියෙනවද කියන එක සහ ව්‍යාපාර වශයෙන් දෙන්න පුළුවන් උපදෙස තමයි අපි තාම මේ ඔන්ලයින් විකුනුම්කරනේ තාම පොඩි දුරයි ඇවිල්ල තියෙන්නේ. මේකේ තව ඉස්සරහට අපිට ව්‍යාපාර දියුණු කරගන්න අවස්ථාව තියෙනවා. ඉතින් පාරිභෝගිකයාත් එක්ක මේ ගමන යන්න නම් අපි ව්‍යාපාර වශයෙන් අපි සූදානම් විය යුතුයි. පාරිභෝගිකයාගේ විශ්වාසය වැඩිවනවිට විදියට වගකීමෙන් යුක්තව කටයුතු කරන්න. පාරිභෝගිකයාගේ සහ ව්‍යාපාරිකයින්ගෙන් තාක්ෂණික සාක්ෂරතාවය දියුණු කරගෙන තව ඔන්ලයින් සිස්ටම් සහ තව පාවිච්චි වන මෙවලම් කර්තව්‍ය පහසු කරගැනීමට කාර්යක්ශම කර ගැනීමට අවශ්‍ය මෙවලම් ටික උපයෝගී කරගෙන මේ ගමන ඉස්සරහට යන්න. මම උදාහරණයක් කියන්නම් චීනය අද දවස වෙද්දි මුදල් භාවිතය ඉතිහාස ගත වෙලා තියෙනවා. කාඩ් භාවිතය හරිම ආවමෙන් සිද්ධවෙන්නේ. ඒගොල්ලොන්ගෙ digital currency පසුම්බියක් හරහා තමයි ඒ ගනුදෙනු කරන්නේ. අපිට වුණත් ඒ වගේ තත්වෙකට ඉස්සරහට යන්න පුළුවන් හැබැයි ඒ යන්න නං ගනුදෙනුකරුවන් දෙපාර්ශවයම ව්‍යාපාරිකයන් සහ පාරිභෝගිකයන් දෙගොල්ලොම එකතුවෙලා තමයි මේ ගමන යන්න ඕනේ. ඉතින් මේ ගමන පහසු කරගන්න කටයුතු කරන්න ඕනේ සියලුදෙනාම..
0 Comments