aravinda-de-silva-cricket

Update 4.15pm
එංගලන්ත තරග සංචාරයේ ගිවිසුමට අස්සන් තැබීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් එකඟ වූයේ යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් පවසයි.
එම ගිවිසුමට අස්සන් තබනවාද නැද්ද යන තීරණයට ගැනීමට ක්‍රීඩකයන්ට අද පස්වරු 4.00 දක්වා කාලය ලබාදුන් බවත් එසේ නොවුණ හොත් ක්‍රිකට් තහනමක් පැනවීමට සිදුවන්නේ යැයි දැනුම් දුන් බවත් එම නිලධාරියා කියයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් වාර්ෂික ගිවිසුම සම්බන්ධයෙන් එංගලන්ත සංචාරයෙන් පසුව සාකච්ඡා කර විසඳුමක් ලබාගන්නා බවත් එම නිලධාරියා සඳහන් කරයි.




3.00pm
ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ කොන්ත්‍රාත් ගැටලුව සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (07දා) හදිසි විධායක රැස්වීමක් කැඳවා තිබෙයි.ක්‍රීඩකයන්ගේ කොන්ත්‍රාත් ගැටලුව සාකච්ඡා කිරීම සඳහා මෙම රැස්වීම කැඳවූ අතර එහිදී තීරණය කර ඇත්තේ අද පස්වරු 3.00ට පෙර ක්‍රීඩකයන් කොන්ත්‍රාත්තුව අත්සන් නොකරන්නේ නම් ඔවුන්ට එරෙහිව වසර තුනක ක්‍රිකට් තහනමක් පැනවීමටයි.



තවද මෙමෙ කොන්ත්‍රාත්තුව අත්සන් නොරකරන්නේ නම් වෙනත් ක්‍රීඩකයන් යොදවා එංගලන්ත සංචාරය ඉදිරියට පවත්වාගෙන යාමටත් මෙහිදී තීරණය කර තිබෙයි.

ක්‍රිකට් ක්‍රීඩකයන් සඳහා කොන්ත්‍රාත් පිරිනැමීමේදී තම කමිටුව සියලුම ක්‍රීඩකයන්ට උපරිම සාධාරණයක් කර තිබෙන බවත්, මේ සම්බන්ධයෙන් ඕනෑම ක්‍රීඩකයෙකු සමග සාකච්ඡා කිරීමට තමන් සූදානම් බවත් ක්‍රිකට් තාක්ෂණික කමිටුවේ සභාපති අරවින්ද ද සිල්වා මහතා පවසා තිබුණි.

ඔහු පවසා සිටියේ කොන්ත්‍රාත් පිරිනැමීමේදී ක්‍රීඩක වර්ගීකරණියේ අක්‍රමිකතා සහ එම ක්‍රමවේදයේම විනිවිදභාවය සම්බන්ධයෙන් බරපතළ ගැටලු පවතින්නේ නම් ඒ කුමක්ද යන්න පිළිබඳව සාකචිඡා කිරීමට තම කමිටුව සූදානම් බවයි.



 එමෙන්ම මෙතෙක් කිසිදු ක්‍රීඩකයෙකු එම ගැටලු මොනවාද යන්න අර්ථකථනය කර නොමැති බවද හෙතෙම පවසා සිටියේයෙ. මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ අරවින්ද ද සිල්වා මහතා,

"අපි ඕනෑම අවස්ථාවක මේසම්බන්ධයෙන් ක්‍රීඩකයන් සමග සාකච්ඡා කරන්නෙ සූදානම්. අපි ක්‍රීඩකයන්ට කොන්ත්‍රාත්තුවක් ලබාදුන්නේ නිසි ඇගයීමක් කරලා. ඊට ඔවුන් දැක්වූ දක්ෂතා. පළපුරුද්ද, ජ්‍යෙෂ්ඨත්වය සහ අනෙකුත් කාරණා සියල්ලම සලකලා බලලා තමයි ඇගයීම කළේ. එම ඇගයීමේ ලකුණු ඕනෑම ක්‍රීඩකයෙකුට ඕනෑම අවස්ථාවක බලන්න පුළුවන්. කෝවිඩ් ප්‍රශ්නය නිසා අපි මේ ඇගයීම කළේ ඔන්ලයින් ක්‍රමයට.

ඒ නිසා ඕනෑම ක්‍රීඩකයෙකුට පුහුණුකරු මාර්ගයෙන් එම තොරතුරු බැලීමේඅවස්ථාව අපි ලබාදීලා තියෙනවා.අපි තවත් නම්‍යශීලී වෙලා ඕනෑම ක්‍රීඩකයෙක් තනි තනිව හෝ කණ්ඩායමක් ලෙස හෝ සාකච්ඡා කරත්ත අවශ්‍ය පසුබිම සලසලා තියෙනවා. අද අපි ශ්‍රේණිගත කියවල ඉන්නේ 09, 10 වැනි ස්ථානවල. මේ සියල්ලම බලල ක්‍රිකට් උඩට ගන්න අපි සිස්ටම් එකක් හැදුවම මෙහෙම විරුද්ධ වෙන එක සාධාරණ නැහැ. අපි හැම ක්‍රීඩකයෙකුටම උපරීම සාධාරණයක් කර තිබෙනවා. අනෙකුත් රටවල කොන්ත්‍රාත් පිරිනැමීමට සිස්ටම් එකක් එහෙමතන්නැත්තම් ක්‍රමවේදයක් සා තිබෙනවා. අපේ විතරයි නැත්තේ. ස පසුගිය කාලේ මුහුණ බලල කොන්ත්‍රාත් දුන්නට අපි එහෙම ද කරන්න සූදානම් නැහැ.


අපි දැන් ද ක්‍රමවේදයක් හදලා තියෙනවා. : ඒක්කෙත් අඩුපාඩු තියෙනවා නම් අපි ලංතියි සාකචිඡා කරන්න. තරග : අංශ තුනම (ටෙස්ට්, එක්දින සහ : විස්සයි20) ක්‍රීඩා කරන ක්‍රීඩකයන්ට : මෙම කොන්ත්‍රාත්තුවෙන් වාසියක් තිබෙනවා. හැබැයි දක්ෂතා දක්වලා ඕනෑම කෙනෙක්ට ඒ තත්වයට එන්නත් පුළුවන්. : මේ ක්‍රමයේ විනිවිදභාවයක් : නැහැ කියනවා නම් අපි සූදානම් : ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගත්ත. ක්‍රීඩකයන්ට ඔවුන්ගේ ඇගයීමේදී ලැබුණු ලකුණු අනුව තමයි කොන්ත්‍රාත්තුව හිමින්වෙලා තියෙන්නේ. අපි ඒ ලකුණු ක්‍රීඩකයන්ට පෙන්වන්න අවස්ථාව දීලා තියෙනවා. ඕනෑම ක්‍රීඩකයෙක්ට ඒ ලකුණු බලන්න පුළුවන්." යැයි පවසා සිටියේය. කොන්ත්‍රාත් පිරිනැමීමේදී ක්‍රීක වර්ගීකරණයේ සහ එම ක්‍රමවේදයේ විනිවිදභාවය පිළිබදව ප්‍රශ්න කරමින් වාර්ෂික සහ සදාචාර ගිවිසුම් අත්සන් නොකිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් කටයුතු කර : තිබුණි. මෙම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් මෙම ගැටලුව පිළිබදව සාකච්ඡා කිරීමට තම නියෝජිත ලෙස නීතිඥ නිශාන් සිඩිනි ප්‍රේමකීරත්න මහතා පත් කර තිබුණු අතර, ක්‍රීඩකයන් වෙනුවෙන් හෙතෙම පෙරේදා (05දා) නිර්වේදනයක් නිකුත් කරමින් ඉහත කරුණු අනාවරණය කර තිබුණි.

මෙම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනුයේ දක්ෂතාව සහ ශාරිරික යෝග්‍යතාව මත පමණක් : පදනම් වූ ගිවිසුම් සදහා ක්‍රීඩකයන් සපුරා එකග නමුත්, මේ වන විට ඉදිරිපත් කර ඇති ආකාරයේ කිසිදු විනිවිද භාවයකින් තොර, දතා හා ශාරීරික යෝග්‍යතාව හැර වෙනත් තාත්වික නොවන, පදනම් විරහිත කරුණු මත ක්‍රිකට් ක්‍රීඩකයන් වර්ගීකරණය කරන ආකාරයේ ගිවිසුම්වලට ක්‍රීඩකයන් විරුද්ධ බවයි. )

ඒ අනුව එළඹෙන එංගලන්ත තරග සංචාරය සදහා එක්වන ඉ ක්‍රිකයන් ඊට අදාළ සංචාර ගිවිසුම් අත්සන් නොකිරීමට තීරණය කළේය. එමෙන්ම මෙම ගැටලුව විසදන තෙක් ඉදිරියේ දී කිසිදු සංචාර ගිවිසුමකට ඇතුළත් නොවීමටත් තීරණය කර ඇති බව අදාළ නිවේදනයේ සඳහන් වේ. මීට අමතරව මීට පෙර වර්ෂවල දක්ෂතා දක්වා ඇති එහෙත් වාර්ෂික ගිවිසුම් ලබා නොදුන් ක්‍රීඩකයන් පිළිබදවද සලකා බලා සාධාරණයක් ඉටු කරන තෙක් සාමූහිකව මෙම ගිවිසුම්වලට අත්සන් නොකිරීමට ක්‍රීඩකයන් තීරණය කර ඇති බවද අදාළ මාධ්‍ය නිවේදනයේ සඳහන් වේ.

 කෙසේ වෙතත් ගිවිසුම් අත්සන්  නොකිරීමට ක්‍රීඩකයන් තීරණය කර ඇතත්, ඉදිරි තරගාවලි සදහා ක්‍රීඩා කිරීමට ක්‍රීඩකයන් ඕනෑම අවස්ථාවක සූදානමින් සිටින බවද එහි සඳහන් වේ. මෙහිදී ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයන් 38 දෙනෙකු ගිවිසුම් අත්සන් නොකිරිමට කටයුතු කර ඇති අතර, වත්මන් ක්‍රිකට් නායක කුසල් පෙරේරා සහ උපනායක කුසල් මෙන්ඩිද ඊට ඇතුළත් වේ. මේ අතර මෙම ගැටලුව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහළ නිලධාරියෙක් පවසා සිටියේ ක්‍රීඩක කොන්ත්‍රාත් සම්බන්ධයෙන් වත්මන් ක්‍රිකට් විධායක කමිටුවට වගකීමක් නොමැති බවත්, ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පත්කළ ස්වාධීන කමිටුවක් වන අරවින්ද ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුත් කමිටුව එහි වගකීම දරන බවත්ය.

"ක්‍රීඩක කොන්ත්‍රාත් සම්බන්ධයෙන් අපිට වගකීමක් නැහැ. අපි අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටිනවා ඒ බලතල අපිට පවරත්න, එතකොට මෙම ගැටලුව අපි ඉතා ඉක්මනින් විසඳනවා. කවදාවත් මේ වගේ ප්‍රශ්න ඇවිත් නැහැ. ඉතින් අපි ගාව මේ ප්‍රශ්නයට විසඳුම් තියෙනවා. ක්‍රීඩකයන් වුණත් කැමතියි මේ ප්‍රශ්නය ක්‍රිකට් ආයතනයත් සමග විසද ගන්න. එහෙත් අද ඒ අවස්ථාව ක්‍රීඩකයන්ට අහිමින්වෙලා තියෙනවා” යැයි හෙතෙම වැඩිදුරටත් පවසා සිටියේය.

 (පැතුම් ශ්‍රී විජේරත්න)