area-lockdown-only

මුළු රටටම සංචරණ සීමා පැනවීමේ අවශ්‍යතාවක් දැනට නොමැති බවත්, අවශ්‍යතාවක් මතු වුවහොත් එම තීරණය වෙනස් විය හැකි බවත් කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය. 

ඉදිරියේදී කිසිදු අවස්ථාවක මුළු දිවයිනටම පූර්ණ සංචරණ සීමා පැනවීමක් සිදු නොකරන බවට ඇතැම් සමාජ මාධ්‍යවල පළකර ඇති වාර්තාවල කිසිඳු සත්‍යතාවක් නොමැති බව පැවසූ යුද හමුදාපතිවරයා කොරෝනා ආසාදිතයන් සහ මරණ වාර්තාවීම සැලකිල්ලට ගෙන ඕනෑම අවස්ථාවක රටපුරා සංචරණ සීමා පැනවිය හැකි බවත් සඳහන් කළේය.


පළාත් අතර සංචරණ සීමා පෙර පරිදි ඉදිරියටද ක්‍රියාත්මක කරන බව ඔහු පැවසීය.ජනතාව ඒකරාශීවන උත්සව වැනි කිසිදු කටයුත්තක් සඳහා තවදුරටත් අවසර හිමි නොවන බවත් රජයේ හා පෞද්ගලික ආයතනද සීමිත සේවකයන් පිරිසක් කැඳවා ඒවායේ කටයුතු කළ යුතු බවත් ගවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.  සංචරණ සීමා පැනවීමක් සිදු කරනුයේ ඒ ඒ ප්‍රදේශවල කොරෝනා පැතිරීම විද්‍යාත්මකව විශ්ලේෂණය කිරීමෙන්, සෞඛ්‍ය  අංශවල නිර්දේශය අනුව යැයිද ඔහු ප්‍රකාශ කළේය.

 -සුජිත් හේවාජුලිගේ-