
එම්.වී. එක්ස් ප්‍රෙස් පර්ල් ගිනිගත් නෞකාවේ දේශීය නියෝජිත ආයතනය වන සී කොන්සෝටියම් ආයතනයේ සභාපති අර්ජුන හෙට්ටිආරච්චි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේය.
අත්අඩංගුවට ගත් සැකකරු අද දින කොළඹ මහාධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවද ඔහු කීය.
සාගරයට අපද්‍රව්‍ය බැහැර කිරීමේ චෝදනාව මත නැවට එරෙහිව පවතින නඩු විභාගයේ සාක්ෂි පිණිස ඔහු අත්අඩංගුවට ගෙන ඇත.
එක්ස්-ප්‍රෙස් පර්ල් හි කපිතාන්වරයා අත්අඩංගුවට ගෙන නිදහස් කිරීමෙන් පසුව, නීතිපතිවරයා පොලීසියට උපදෙස් දුන්නේ නෞකාවේ මෙරට නියෝජිතයා ද අත්අඩංගුවට ගන්නා ලෙසයි.
රහස් පොලිසිය කොළඹ පිහිටි සී කන්සෝර්ටියම් කාර්යාල, එක්ස්-ප්‍රෙස් ෆීඩර්ස් ඒජන්සි කාර්යාලය සහ ඒජන්සියේ සභාපති අර්ජුන හෙට්ටියාරච්චිගේ නිවසේ ලිපිනය වෙත ගියද ඔහු ඊයේ සිටියේ නොමැත.
නමුත් ඔහු අද පොලිසියට හමුවී ඇත.
අත්අඩංගුවට ගැනීම ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශකගේ නිවේදනය පහතින්
Comments
Post a Comment
Your comment will be visible after approval