ශ්‍රී ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති ලෙස කටයුතු කරන විවිධ පාරිභෝගික ගැටලු සම්බන්ධයෙන් දැනුවත්කිරීමේ මාධ්‍ය හමු පවත්වන අසේල සම්පත් මහතාගේ නිවසට සීඅයිඩී යයි කියාගත් 20 දෙනෙකුගේ පමණ පිරිසක් පැමිණ කිසිදු වරෙන්තුවක් හෝ හැඳුනුම්පතක් නොපෙන්වා තම පියා පැහැරගෙන ගිය බවට ඔහුගේ දියණිය
ෆේස් බුක් ලයිව් පැමිණ වීඩියෝවක් නිකුත් කරන ලද්දේ අද සන්ධ්‍යා කාලයේය. එහිදී ඇය කියා සිටියේ“මගේ තාත්තා හදිසියේ පිරිසක් ඇවිත් කිසිම දැනුවත් කිරීමකින් තොරව පැහැරගෙන ගොස් තිබෙනවා. අයි.ඩී. එකක් පෙන්නුවේ නෑ. සිවිල් පිට ආවේ.
අමානුෂික ලෙස පැහැරගෙන ගියා. බලධාරයිනි ඉක්මනින් හොයන්න.” ලෙසිනි.
මේ අතර ඊට පැයකට පමණ පසු වාර්තා වන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බවයි. ඊට හේතුව ලෙස සඳහන් වන්නේ,
එන්නත්කරන වැඩපිළිවෙල ගැන ජනතාව නොමග යන ආකාරයේ ප්‍රකශ නිකුත් කරන, රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා කෝට්ටේ ප්‍රදේශයෙන් මිලියන 200 නිවසක් මිලදී ගෙන ඇති බවට අසේල සම්පත් සිදු කරන ලද ප්‍රකාශයකි.
චන්න ජයසුමන ඇමතිවරයාගේ නිවසක් සම්බන්ධයෙන් ඔහු දන්නා කරුණු විමසීමට හා ඔහු අසත්‍ය ප්‍රකාශ කරන්නේ නම් එසේ කරන්නේ කාගේ උවමනාවටද යන්න විමසීමට මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.
මීට මාස කිහිපයකට ඉහත ඇමති බන්දුල ගුණවර්ධන සම්බන්ධ ප්‍රකාශයක් සිදු කිරීමෙන් පසුවද ඔහුව මේ ආකාරයට පොලිස් ප්‍රශ්න කිරීමකට යොමු විය.
0 Comments