ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නතෙහි දෙවැනි මාත්‍රාව ලබාදීම සඳහා එම එන්නත් මෙරටට ලබාගැනීමට නොහැකි වුවහොත් එම දෙවැනි මාත්‍රාව සඳහා ස්පුට්නික්, ෆයිසර් හෝ ජොන්සන් ඇන්ඩ් ජොන්සන් යන එන්නත් මාත්‍රා ලබාදීමට ශ්‍රී ලංකාව මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නැතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේය. ඇස්ට්‍රාසෙනෙකා එන්නතෙහි දෙවැනි මාත්‍රාව ලෙස අදාළ එන්නත් ලබාදීමට රජයේ අවධානය යොමු වී ඇති බවට සිදු කෙරෙන ප්‍රකාශ සම්බන්ධයෙන්'කළ විමසීමේදී සෞඛ්‍ය අමාත්‍යාංශය මේ බව තහවුරු කළේය.
ඒ අනුව මේ සම්බන්ධයෙන් වැඩිදුර පැහැදිලි කිරීම් සිදුකළ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් (අධ්‍යාපන පුහුණු හා පර්යේෂණ) විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කර සිටියේ, ඇස්ට්‍රාසෙනෙකා දෙවැනි මාත්‍රාව ලෙස අදාළ එන්නත් ලබාදීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති අදාළ කමිටුව විසින් තීරණය කළ යුතු වන බවයි. ඒ අනුව එවැනි කිසිදු තීරණයක් අමාත්‍යාංශය විසින් ගෙන නොමැති බවද නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කර සිටියේය. මේ අතර ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාගැනීම සදහා ප්‍රංශය සහ ජර්මනිය සමග තවදුරටත් සාකච්ඡා සිදු කරන බවද රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සඳහන් කරයි. ඒ අනුව සතියක පමණ කාලයක් ඇතුළතදී අදාළ එන්නත් මෙරටට ලබාගැනීම සම්බන්ධයෙන් වූ අවසන් තීරණය ලැබෙනු ඇති බවද එම සංස්ථාව පවසයි.
නිදර්ශණී වික්‍රමසිංහ
0 Comments