ලබන මස 06 වනදා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් ලබාගෙන පසුව මුදල් ඇමති තනතුරේ දිවුරුම් දීමට සූදානම් වන
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට පාර්ලිමේන්තු ආසනයක් ලබාගන්නට නම් දැනට මන්ත්‍රී ධූරයක් හිස් විය යුතු අතර දැනට ධූරයක් දරන අයෙකුගේ ඉල්ලා අස්වීමකින් එය සිදු කරන්නට අවකාශ පවතී.
මහාචාර්ය රංජිත් බණ්ඩාර බැසිල් වෙනුවෙන් සිය ආසනය පුද දෙන්නට සූදානමින් සිටින බව මීට ඉහත වාර්තාවූ අතර දැන් වාර්තා වන්නේ සාගර කාරියවසම්, ජයන්ත කැටගොඩ හා මර්ජාන් ෆලීල් තිදෙනාද ඒ වෙනුවෙන් ඉල්ලීම් කර ඇති බවයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් ලෙස පාර්ලිමේන්තුවට පිවිසි මෙම සිව්දෙනාම ගතවූ කාලයේ පාර්ලිමේන්තුවේ නිහඩ චරිත ලෙස සිටි අයයි.
බැසිල්ගේ ප්‍රබල අනුගාමිකයින් ලෙස මේ අය කටයුතුකරන අවස්ථා ගණනාවක් පසුගිය කාලයේ වාර්තා විය. වරක් කැටගොඩ මන්ත්‍රීවරයා ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුවට පැමිණීමේ අවසරයට විමල් විරුද්ධවූ අවස්ථාවේ විමල් වීරවංශ සමග පාර්ලිමේන්තුව තුළදී බැණ අඩගසා ගුටි ඇණගත් සිදුවීමක්ද වාර්තාවූ අතර සාගර කාරියවසම් නැගෙනහිර පර්යන්තය ගැන වාදයේදී හා තෙල් මිල ගැටලුවේදී විමල්ට හා ගම්මංපිලට එරෙහිව අවස්ථා කිහිපයකදී ගැටලු ඇති කරගත්තේය.
මහාචාර්ය රංජිත් බන්ඩාර බැසිල්ව වර්ණනා කරමින් කතාපවත්වන්නෙකි. ඔහු පසුගිය සතියේ කිවේ රටේ ඊළඟ නායකයා බැසිල් බවයි.
මේ කරුණු සැලකීමේදී බැසිල් රාජපක්ෂ පක්ෂය තුළ ‘දේවත්වයට‘ පත්ව සලකන ස්වරූපයක් දිස්වන බව දේශපාලන ආරංචි මගින් පැවසේ.
0 Comments