bathiya-covid19

පසුගියදා කොරෝනා ආසාදනයවීම නිසා කථාබහට ලක්වූ භාතිය ජයකොඩි දැන් සුවවී නිවසට ගොස් තිබේ. ඔහු තමන් ලද අත්දැකීම විස්තර කර තිබුනේ මේ ආකාරයටය.

භාතිය දැන් ඔබේ මේ වෙනකොට කොහොමද සෞඛ්‍ය තත්වය කොයි වගේද?

ඇත්තටම මේ වෙද්දි සෞඛ්‍ය තත්ත්වය සෑහෙන්න තරමකට හොඳයි. මම දැන් දවස් ඇත්තටම විසි එකක් විතර ගත කරලා ඉවරයි කෝවිඩ් එක්ක. මට මේ වෙනකොට තියෙන සෞඛ්‍ය තත්ත්වය ගැන කියන්න මම ඒ මුළු විස්තරම කිව්වොත් තමයි ඒක ලස්සනට එන්නෙ. ඇත්තටම මට සමාජයට පොඩි පණිවිඩයක් දෙන්න ඕනේ. අපිට තාමත් පේනවා සමහරු මේකෙ තියන බැරෑරුම්කම මේක තමන්ට විය හැකියි සමහර දේවල් සහ සමහරුන්ට මේක ඉෆෙක්ට් එනවා හරි අඩුයි. ඒක අපේ තියන කර්ම කුසල් අකුසල් මත තමයි තීරණය වෙලා තියෙන්නෙ. ඉතිං ඒකෙ තියෙන බැරෑරුම්කම මට ලැබුණු එක්ස්පිරියන්ස් එක ශෙයා කරගන්න තමයි අද මං මේ කතා කළේ.

බොහොම ස්තූතියි .අපි අනිවාර්යෙන්ම මේ පණිවිඩය ලබා දිය යුතුයි .මේ පණිවිඩය බොහෝ දෙනෙක්ට පුළුවන් වෙයි ආරක්ෂා වෙන්න. ඔබ කොහොමද දැන ගත්තේ ඔබටත් කොරෝනා ආසාදනය වෙලා කියලා මොනවද ඔබට පෙන්නපු රෝග ලක්ෂණ?

මම පලවෙනි දවසෙ ඉඳන්ම කියන්නම්. දැන් ගිය අවුරුද්දේ කොරෝනා ආවට පස්සෙ අපි කොච්චර පරිස්සම් වුනාද කියලා. අපි හැමෝම දන්නවා අපි හුඟක් පරිස්සම් වුණා .අපි මාස්ක් දාලා ගොඩක් තැන් වල යන්නෙ නැතිව පරිස්සම් වුණා . ඒ වගේම දේශීය ඖෂධ ගත්තා , ප්‍රතිශක්තිකරණය වැඩි කර ගත්තා ඉතින් අපි ගොඩක් දේවල් කළා .ඒ කරගෙන යන අතරේ අපි ෂූටිං වලට ගියාම සමහර වෙලාවට අපිට මාස්ක් එක ගලවන්න වෙනවා . හැබැයි අපි හිටපු programs හැම එකම ඒගොල්ලො බොහොම සෞඛ්‍යාරක්ෂිත විදියට මේ වැඩ ටික කරගෙන ගියා .ඉතින් ඒකෙන් අපි පරිස්සම් වුණා. අප්‍රේල් තිස් වෙනිදා මට කෝල් එකක් ආවා මෙහෙම මම හිටපු තැනක කෙනෙකුට මෙහෙම කෝවිඩ් positive කියලා. any මට චෙක් කරගන්න කියලා කිව්වා. ඊට පස්සේ මම කලේ දවස් දෙකකට පස්සේ මම ඒ දවස් දෙක ඇතුලත කොහෙවත් ගියේ නෑ .මමPCR කරගත්තා ඊට දවස් දෙකකට පස්සේ .මැයි 2  PCR කළාට පස්සෙ PCR එකෙන් මුකුත් නෑ PCR එක normal.




ඒ වෙනකොට ඔබට රෝග ලක්ෂණ පෙන්නුම් කළ තිබ්බද?

කිසිම රෝග ලක්ෂණයක් නෑ .දැන් මට කියල තියෙන්නෙ ඔයා දවස් තුනකට ඉස්සෙල්ලා මෙවැනි සාකච්ඡාවකට සහභාගි වුණා ඒ සාකච්ඡාව හිටපු අහවලා අහවලා අහවලාට කෝවිඩ් positive වෙලා තියෙනවා .ඒ නිසා ඔයත් ගිහිල්ලා චෙක් කරගන්න. හැබැයි ඒ සාකච්ඡාව පුරාවටම මාස්ක් එකක් දාගෙන හිටියෙ. ඒක official සාකච්ඡාවක්. ඊට පස්සේ සතියක් විතර යනකම් මම ඇත්තටම ඔෆිස් එකටත් ගියේ නැහැ. මම ඒ studios වල එහෙම යෑම අඩු කළා. මොකද PCR clear. .හැබැයි දවස් හතක් විතර යනකොට නිකං අර කම්මැලි ගතිය කියලා කියන්නේ....මට උනත් නෑ. ඒත් අර කම්මැලිකමක් වගේ තිබ්බ නිසා මම දවස් හතකට විතර පස්සෙ මට හිතිලා මම ආයි ගිහිල්ලා PCR එකක් කලා. එතකොට  ඒ PCR එකත් නෙගෙටිව්. ඒත් මම කෝකටත් කියලා හවස් වරුවේ වගේ මම අපේ ස්ටුඩියෝ එකට ගියා මොන හරි අත්සන් කරන්න තියෙන දේවල්, තව පොඩි පොඩි අපේ ඔෆිස් වැඩ ටිකක් කරගන්න ගිහිල්ලා මම එහෙම ඉඳලා දැන් සතියක් ගිහිල්ලා සදුදා වෙනකොට මට පොඩි කැස්සක් ආවා. ඔය කැස්ස අවට පස්සෙ දැන් මම PCR දෙකකුත් කරලනේ. ඒ නිසා මම නෝමල් බෙහෙත් ටිකක් අරගෙන ඩොක්ටර් කෙනෙක්ට කතා කරල හිටියා. ඕක දැන් දවස් හතරක් තිස්සේ ඔය කැස්ස තිබිලා තිබිලා එක පාරට ඒ සතියේ දවස් තුනක් විතර යද්දි ඒත් සතියේ බදාද දවසේ උදේ කැස්ස තිබ්බනම් එක දවල් වෙනකොට පහ වෙලා හැන්දෑවේ හතර විතරවෙනකොට කක්කල්  කැස්ස ගානටම ආවා. නිකං අර කහිනවා කහිනවා කහිනවා ඉන්න බෑ. ඊට පස්සෙ මම ඒත් ඉතිං ඊට පස්සෙ නම් මම හිතුවා මෙහෙම වෙන්න ඇති කියලා. මට ඒ වෙලාවේ සන්තුෂ් මට කිව්වා ඔයාට පුලුවන්ද කොහෙන් හරි කාට හරි කතා කරලා ඔක්සිජන් මීටර් එකක් කියලා එකක් තියෙනවා ඒකෙන් තමන්ගේ ඇගේ ඔක්සිජන් බලන්න පුළුවන් එක හොයාගන්න කියලා කිව්වා. ඊට පස්සෙ මම කෝල් එකක් දීලා එක්කෙනෙක් මට ඔක්සි මීටරයක් පොඩ්ඩක් ගෙනල්ලා දුන්නා. ඒත් එයා කිව්වා 94% වඩා ඔක්සිජන් අඩු වෙනවා නම්  ඒ කියන්නේ ප්‍රශ්නයක් කියලා. covid නිව්මෝනියාවට යන්න පුළුවන් කියලා එයා කිව්වා. ඒ වෙලාවේ තමයි මමත් ඒක දැනගත්තෙ. ඊට පස්සේ ඕක ගෙන්නලා බැලුවහම 95 ,94, 93, 92, දැන් බහිනවා. ඊට පස්සේ එවෙලෙම මම මගේ ඥාති දොස්තර කෙනෙක් ඉන්නවා. එයා කෝවිඩ් වලටමයි ප්‍රතිකාර කරන්නේ. එයාගෙන් මං ඇහුවා දැන් මොකද කරන්නේ කියලා .එයා කිව්ව ඉස්පිරිතාලෙට එන්න හැබැයි ඉස්පිරිතාලෙ ඇඳන් මෙහෙම මේ වෙලාවේ නෑ ,හැබැයි එන්නකෝ බලන්න අපි බලමු මොකද කරන්නේ කියලා. මම එහෙම්මම ඉතිං ගියා .ගිහිල්ලා මාව ඉස්පිරිතාලෙ වයිෆ් බැස්සුවා. ඊට පස්සේ මාව ඒගොල්ලොන්ගෙ අර PPE kits එහෙම දාගෙන අතුලට එක්කං ගිහිල්ලා ඉස්පිරිතාලෙට ගෙනිච්ච ගමන් ETO එකට දාලා antigen එකක් කලා. antigen එකේදි කිව්වා ඔන්න පලවෙනි පාර කෝවිඩ් පොසිටිව් කියලා.


මොකද හිතුණේ ඒ වෙලාවේ?

මොනව හිතන්නද ඒ වෙලාවේ හිතුනේ දැන් කොරෝන හැදිච්ච කියලා අපිට ඉන්නවනෙ සමාජයේ ඒක හැදිලා ගොඩක් අමාරු නොවෙන අය. ඊට පස්සේ මේගොල්ලෝ මාව දාලා ටිකක් වෙලා යනකොට ඔන්න මට හුස්ම ගන්න ටික ටික අමාරු වෙනවා. ඊට පස්සේ අර ඔක්සිජන් අඩු වෙනකොට එනවනේ නිකන් නිදිමත වගේ. ඒ වගේ එන්න පටන් ගන්නකොටම මේගොල්ලෝ ටක් ගාලා මම දන්නෙත් නෑ මේගොල්ලෝ ගෙනල්ලා ඔක්සිජන් ගහලා ඊසීජී මැසින් එකට ගහලා ඔක්කොම කරලා දැන් ETO එකේ ඉන්නවා. මටත් හිතාගන්න බෑ මේ මොකක්ද මේ උනේ කියලා. දැන් මේ හොඳට උදේ හිටියා හැන්දෑ වෙනකොට මේක මෙහෙම වෙලා. ඊළඟට කොහොමහරි කරළා එතන ඉස්පිරිතාලෙ මම හිටියා දවස් දහයක් 11ක් වගේ. එකෙන් දවස් හයක්ම මේගොල්ලෝ ඔක්සිජන් වලට කනෙක්ට් කළා තමයි මාව තිබුණේ .ඒ කියන්නේ ෆුල් ටයිම් ඔක්සිජන් කනෙක්ට් කරලා තිබුනෙ. මම පළවෙනි දවස් හතර ඇහුවා ඩොක්ටර් ගෙන් doctor කොහොමද තත්වෙ කියලා .ඩොක්ටර් කිව්ව නෑ නෑ හරි හරි කියලා. ඒගොල්ලොත් එන්නේ එක්ස්පීරියන්ස් එක හරි මේකයි. ඒ කාමරේ ඇතුලට කවුරුත් එන්නේ නෑ. එන්නෙ ඔක්කොමල PPE kit ඇඳගත්ත Nurse ලා ඩොක්ටර්ස්ලා ඒගොල්ලන්ගෙ මූණවත් පේන්නෙත් නෑ .තමන් ඉන්නේ තනියම කාමරේ දවසම .එන වෙලාවට එනවා කතා කරනවා යනවා .එතකොට ඇහුවම කිව්වා අපිට ප්‍රශ්නයක් නෑ කියලා . සඳුදා උදේ ඩොක්ටර් ඇවිල්ල මට කිව්වා අද තමයි අපිට ටිකක් සතුටු වෙන්න පුළුවන් දවසකට තියෙන්නෙ කියලා.මම ඇහුවා මට පුලුවන්නම් මේ ගැන විස්තර කියලා තියෙන්නේ කියලා කිව්වා. ඔයාට කෝවිඩ් virus එක ගිහිල්ලා ඔයාගේ ලං එකට තමයි ඇටෑක් කරලා තියෙන්නෙ කියලා. ඉතින් ඔයාට covid නිව්මෝනියාව හැදිල තියෙනවා covid නිව්මෝනියාව හැදිල තියෙන හින්දා එක පැත්තක ලං එකක් අර ඒගොල්ලො x rays ගත්තහම සමාන්‍ය මනුස්සයෙක්  කලුවට පේනවා, මගේ සුදු වේගෙන ගිහිල්ලා තියෙනවා .එක පැත්තක් අනිත් එකත් සුදු වේගෙන යනවා .ඉතින් ඔයාට ඒකයි ඔක්සිජන් ගන්න බැරි සහ තමන්ගේම ප්‍රතිශක්තිකරණ පද්ධතිය දැන් තමන්ගෙම ලං එකට දැන් ඇටෑක් කරනවා. ඔතන තමයි දැන් ප්‍රශ්නෙ තිබුණේ අපිට ඒ වෙලාවට කරන්න දෙයක් නෑ .අපිට තියෙන්නෙ support බෙහෙත් ටික දීලා infections නවත්තන ඔක්කොම කරන එක. හැබැයි ඔයාගෙම  ඇගෙන් අද ඒක රිවස් කරන්න පටන් අරන්. ඒක පුදුම වාසනාවක්. සමහරුන්ගේ ඒක එහෙම වෙන්නෙ නෑ .සමහරුන්ගේ ඒක එහෙමම ගිහිල්ලා ඉතිං අපිට ආරංචි වෙන අවාසනාවන්ත තැනට යනවා. ඉතිං අද අපිට ගොඩක් සතුටු වෙන්න පුළුවන් ඔයාගේ ඇඟම හරවපු එක කියලා. එතකොට තමයි මම දන්නේ මොකක්ද ඇත්තටම උනේ කියලා.



ඒ කියන්නේ ජීවිතේ වාසනාව සහ අවාසනාව අතර දෝලනය වෙච්ච වෙලාවක්?

ඔව් මම කියන්නේ අර IDH එකේ වගේ ඉන්න අමාරුම ලෙඩ්ඩු ගානට ගියේ නැහැ .හැබැයි මමත් එක තැනකට ගියා .මං මේක ඇත්තටම ශෙයා කරන්නෙ මට වෙච්ච අමාරුව ගැන කියන්න නෙමෙයි .මොකද මම ඉස්පිරිතාලේ ඉන්න කොටත් සමහර වෙලාවට ෆෝන් එකේ දකිනවා පාටි දානවා ,මේ පින්තූර දානවා එකට කනවා බොනවා, මේ ළමයින් අපි දන්න යහළුවෝ ,පවුලෙ මිනිස්සු ඉතින් එකයි මට ඇත්තටම මේක කියන්න ඕන වුනේ. එතකොට එක කාලවකවානුව තුළ මට ආරංචි වුණා අපි දන්න කිහිප දෙනෙක් අන්තරා වූනා. ඒ ඔක්කොටම වෙලා තිබුනේ මෙන්න මේ සිටුවේශන්. එක කැස්සක් හැදිලා ගණන් ගන්නේ නැතුව ඔහොම ඉඳලා ඉඳලා තමයි ගිහිල්ලා ඕක වෙලා තියෙන්නෙ. එතකොට අඟහරුවාද වෙනකොට තමයි මේගොල්ලෝ මගේ ඔක්සිජන් ටික ටික ගලවලා හිමිට අනිත් පැත්තට දැම්මේ. හැබැයි මොකක් හරි වාසනාවකට මගේ ඇඟම ආපහු අර ඉස්සරහට යන එක පස්සට රිවර්ස් එක ගහලා ආපහු ඇදලා ගත්තා. මට ඇත්තටම මේ වෙලාවේ කියන්න තියෙන්නෙ මේක හරිම සීරියස් .අපි පරිස්සම් වෙනවාද නැද්ද කියන එක උඩ, උඩත් නෙමේ ඇත්තටම මේක තියෙන්නේ. පරිස්සම් වෙන්න පුළුවන් සීමාවක් තියෙනවා. හැබැයි පුළුවන් තරම් ඒ ටිකේ හරිම careful වෙන්න ඕනේ .මේක අපේ නෑයන්ට ,දූ දරුවන්ට අපේ සමාජයට තියෙන ලොකු ප්‍රශ්නයක් .මට එකට මුහුණ දෙන්න වුණා. මුහුණ දෙන්න උන හින්ද මම දන්නවා කොච්චර අමාරුද කියන එක.


වෙන ලෙඩක් දුකක් හැදුනම තමන්ගේ බිරිඳ, තමන්ගේ දරුවන් තමන්ගේ දෙමාපියන් ළග ඉන්නවා. හැබැයි මේ කොරෝනා ආසාදන උනාට පස්සේ කිසිම කෙනෙක්ට ලග ඉන්න බෑ කවුරුත් නැහැ.කොයිවගෙ හෑගීමක්ද දැනුනෙ?

ඒක ඉතාමත් හරි interesting දෙයක්. ඉස්සෙල්ලාම  දැනෙන්නේ බය. ඊලග ඒ බය යනවා ඊළඟ ස්ටේජ් එකට. ඉතිං බය උනා කියල මොනවා කරන්නද කියන තැනට යනවා .ඊළඟට එනවා එක තැනකට හිතෙන්න පටන් ගන්නවා අපි මේ ලෝකෙ මොනවා කරත් එන්නේ තනියම යන්නේත් තනියම කියන එක හිතනවා. හැබැයි ඉතින් ආයිත් ඇඟ හොඳ වේගන එනකොට ඒ සියල්ලම අමතක වෙලා අර පෘථග්ජන මානසිකත්වය එන්න පටන් ගන්නවා.

ඔබ එන්නත් කරාද?

ඔන්න ඔතන තමයි කියන්න ඕනේ. මට ඇත්තටම තිබුන අපේ තිබුණු කාර්යනුයි, අපිට තිබිච්ච වැඩකටයුතුත් එක්ක සිද්ධ වෙච්ච දේ තමයි මට වැක්සින් එක කරගන්න බැරි උනා. අපේ අම්මා ගහලා ඉන්නේ අපේ ඔක්කොමලා ගැහුවා. මට විතරක් වැක්සින් එක ගන්න උනේ නෑ. මගේ අතේ තියනවා ඒක නිසා වෙච්ච අතපසුවීමක්. දැන් හැබැයි මම හිතන්නේ ලෙඩේ හැදුනට පස්සේ ටිකක් කාල් අල්ලගෙන ඉන්න ඕනේ ඒක කරන්න. ඉතින් මාත් සියලු දෙනාටම කියනවා මේ තියෙන තත්ත්වය ලේසියට ගන්න එපා. මොකද අපි ඔක්කොම හිතන්නෙ අපිට හැදෙන්නේ නෑ කියලා. සමහරු හිතනවා හැදුනත් හරි හුඟක් වෙලාවට වැඩිය රෝග ලක්ෂණ පෙන්වන ඒකක් නෑ. ඒ වගේ අයත්  ඉන්නවා .හැබැයි වැදෙන මිනිහට වැදෙන වෙලාවට දන්නේ නෑ. කාට වැදෙනවාද කාට වැදෙනන් නැද්ද කියන එක. ඇත්තටම මම මේ වෙලාවෙදි මුළු සමාජයටම කියන්න ඕනේ මේ දවස් වල පාටි දාන එකයි ,අනං මනං ඔක්කෝම ටිකක් අඩු කරල තමන්ට පුළුවන් නම් තමන් ගැන විතරක් නෙමෙයි මොකද තමන්ගෙන් අනුන්ටත් බෝවෙන්න පුළුවන් නේ. අපි හිතමු පලවෙනි දවසෙ තිස් වෙනිදා මම හම්බ උනේ ඔයාව කියලා .ඒ මීටින් එකේ හිටපු කෙනාට අමාරු වුණේ නෑ. ඒ මීටින් එක හිටපු කෙනාට දවස් ගණන ගිහින් හොඳ වුනා. නමුත් මේ රෝගය ස්වභාවයේ ඒ වගේ. හැබැයි එහෙම උනා. හැබැයි ඒයගෙන් බො වුන මට කෙලින්ම කනට ගැහුව වගේ වැටෙන්නම හැදුනා. ඉතින් අපි කාටවත් කියන්න බෑ අපිට මේක වදින්නෙ නෑ ,අපිට මේක මේ වෙන්නෑ කියන්න බෑ .ඇත්තටම හරිම ආදරෙන් කියන්නේ සමහරු එක එක ඒව කියයි. හැබැයි මේක ඇත්තටම ඉතාමත් seriously ගන්න .මොකද චාන්ස් එකක් තියෙනවා වැදෙන මිනිහට හොඳටම වැදෙනවා.

කොහොමද මේ වෙනකොට ඔබේ බිරිඳ තත්වෙ? මම හිතන්නේ අයත් කොරෝනා රෝගයට ගොදුරු වුණා?

ඇත්තටම මගේ ගෙදර බිරිඳට පස්සේ positive වුණා. හැබැයි ඇයට අමාරු වුණේ නෑ වැඩිය. එයාවත් අපි හොස්පිටල් එකට යැව්වා. එයත් දැන් ඒ කාලේ සම්පූර්ණ කරලා ඇවිල්ලා ඉන්නේ. හැබැයි මගේ බිරිඳට මට තරම් අමාරු වුණේ නෑ .හැබැයි දැන් එයා හොඳට සුවෙන් ඇවිල්ලා දැන් ඉන්නවා. අපේ තියන quarantine  period එහෙම ඔක්කොම හරි. ඒ කියන්නේ ඔය සමාජ මාධ්‍යයට ඕකත් මම හිතන්න ආරංචි උනේ සමාජ ජාල මාධ්‍යට ඕක එද්දි මම කියපු අමාරුව එක පහුවෙලා ඉවරවෙලා තමයි සමාජ මාධ්‍ය ජාලාවලට ආවේ හොඳ වීගෙන එන කාලේ.



ඔබ මේ දවස්වල සිරස වොයිස් වැඩසටහන හරහා බොහොම ජනප්‍රියයි. කවද්ද නැවතත් ඔබේ කලා කටයුතු පටන් ගන්නේ?

ඇත්තටම මම සිරස voice කාර්යමණ්ඩලයටත් ඉතාමත් ස්තුතිවන්ත වෙනවා  .මම අසනීප වුණාට පස්සේ ඒගොල්ලෝ සති හතරක් විතර මම හිතන්නේ ප්‍රෝග්‍රෑම් එක පොඩ්ඩක් අල්ලගෙන හිටියා .ඒ මං වෙනුවෙන්ම. මොකද සාමාන්‍යයෙන් වෙන්නේ ඕන මාධ්‍ය ආයතනයක එයා නෑ හරි අසනීපයි අපි වෙන කෙනෙක් ගමු කියලා කරගෙන යන එක. ඒත් එහෙම කරේ නෑ .මේගොල්ලෝ ඒ ටීම් එක එකට තියාගෙන ආපහු එනකම් කියලා හිටියා. දැන් අපි එකේ රූගත කිරීම් පටන් ගන්නවා සහ ඒගොල්ලො මේ වෙච්ච මට වෙච්ච දෙයින් පස්සේ තවත් පුදුම විදියට ඒ ඇතුලේ හැමදාම PCR කරන ඒවා ඒගොල්ලො  හැමදාම චෙක් කරනවා. මම මේ වෙලාවේ සිරස ආයතනයට සහ voice අපේ ටීම් එකට ස්තූති වන්ත වෙනවා.

ඔබේ ශරීරයේ බර එහෙම අඩු වෙලාද?

ඔව් covid හැදුනහම කිලෝ පහක් විතර එකපාර බැස්සා .ශරීරයේ  බර ගොඩක් අඩු වෙලා තියෙන්නෙ. ඒ වගේම හරි week .මේක හැදුනට පස්සේ මම කොරෝනා හැදිච්ච කිහිපදෙනෙක් එක්කත් එක්ස්පීරියන්ස් එකට කතා කලා. ඒගොල්ලො කියන්නේ මාස දෙකක් තුනක් යනකන් ශරීරය හරිම week කියලා ඉතිං ඔවා හරි යයි කාලා බීලා ඉන්නකොට.

ඉතිං ඔබට නිරෝගී සුව ප්‍රාර්ථනා කරනවා බ කොරෝනා රෝගය වැළඳිලා සුව වෙලා ආවට පස්සෙ පළවෙනි මාධ්‍ය කතාබහ මේක රටට ඔබේ මේ පණිවිඩයක් යන්නට තමයි එකතු වුණේ අවසාන වශයෙන් ඔබ වෙනුවෙන් කැප වෙන කැපවුණු ඔබ වෙනුවෙන් පෙනී හිටපු හොයලා බලපු අයට මේ වෙලා මොනවද කියන්න තියෙන්නේ?

ඇත්තටම කියන්න ඕන සියලු දෙනාටම බොහොම ස්තූතියි මං වෙනුවෙන් ඒ කරපු ප්‍රාර්ථනා වලට .මෙතනදි ලහිරු මම කියන්න ඕනේ මම දැක්ක හරි ලස්සන දෙයක් තිබුණා. ප්‍රසිද්ධ මාධ්‍ය වල ඉන්න හෝ අපිව දන්න මිනිස්සු වුනාම අපිට කැමති මිනිස්සුත් ඉන්නවා ,අකමැති මිනිස්සුත් ඉන්නවා .ඒක සාමාන්‍ය ස්වභාවය. මෙතනදි මම දැක්ක දෙයක් තමයි අපි දන්නවා කැමති කට්ටිය මේකයි, අකමැති කට්ටිය මේකයි කියලා. හැබැයි මේ පාර අසනීප වෙලා මට messages එවපු අපේ හිතවත් අයට මම බොහොම ස්තුතිවන්ත වෙනවා සහ බෝධි පූජා කළා ගොඩක් අය හුඟක් එය මං වෙනුවෙන් ආශිර්වාද කරල තිබුණා .ඒවගේම මම දන්නෙම නැති අය ගොඩක් ආයුර්වේද බෙහෙත් අපේ දේශීය බෙහෙත් එවලා තිබුනා. ඒත් එක්කම මම හොඳටම දන්න භාතිය සන්තුෂ්ට අකමැතියි කියල ඉන්න කට්ටියත් ඒගොල්ලොන්ගෙ හදවතින්ම wish කරලා එවලා තිබුණා.  මම විශේෂයෙන්ම ඒ ගොල්ලන්ටත් මගේ හදවතින් ස්තුතිවන්ත වෙනවා . ඒ මනුෂ්‍යත්වය අගය කරලා මම ඒගොල්ලන්ට මේ වෙලාවේ තැන්ක්යූ කියලා කියනවා. සියලු දෙනාටම මං මේ වෙලාවේ කියා පරිස්සමින් ඉන්න බොහොම ස්තූතියි මං වෙනුවෙන් කරපු ආශිර්වාද වලට. මම මට ආපු හැම මැසේජ් එකටම වගේ රිප්ලයි කලා හොස්පිට්ල් එකේ ඉන්න කාලේ. මොකද මම හිතනවා ඒක මගෙන් විය යුතු යුතුකමක් කියලා මනුස්සයෙක් ඇහුවහම ඒකට යවන රිප්ලයි එක. ඉතින් බොහොම ස්තූතියි ඔබ සියලු දෙනාටම .මම ආයිත් කියන්නේ මේකෙන් පරිස්සං වෙලා ඉන්න .මොකද මේක වදින්නෙ කාටද කියන එක දන්නෙ නෑ.

ළහිරු මුදලිගේ