bidens-announce-death-of-cherished-dog-champ

එක්සත් ජනපදයේ ජනාධිපති ජෝ බයිඩෙන් ප්‍රකාශ කර ඇත්තේ පවුලේ සුනඛයන් දෙදෙනාගෙන් වැඩිමහල් වූ චැම්ප් “නිවසේදී සාමකාමීව” මිය ගොස් ඇති බවයි. ජර්මානු ෂෙපර්ඩ් වර්ගයේ දුඹුරු කළු පැහැති මෙම සුනඛයා මියගියේ වයස 13 දීය.


“ඌ පසුගිය වසර 13 තුළ අපගේ නිරන්තර, ආදරණීය සහකරු වූ අතර මුළු බයිඩෙන් පවුලේ අය සියල්ලෝ ඌව අගය කරනු ලැබූහ,” යයි ජනාධිපති බිරිය ජිල් බයිඩෙන් ජනාධිපතිගේ නිල ට්විටර් ගිණුමට ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියාය.


2008 දී  ජෝ බයිඩෙන් උප ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව සතුන් අභිජනනය කරන්නෙකුගෙන් මෙම සුරතලා චැම්ප් ලැබුණි.
 චැම්ප්, බයිඩන්ගේ නිවසේ ඉදිරිපස තණකොළ මත ගොල්ෆ් බෝල පසුපස හඹා යමින් නිතිපතා ක්‍රීඩා කළ බවද පැවසේ.

“අපගේ ප්‍රීතිමත්ම අවස්ථාවන්හිදී සහ අපගේ දුක්ඛිත දිනවලදී, ඌ අප සමඟ සිටියා. අපගේ නොකියූ සෑම හැඟීමකටම හා චිත්තවේගයකටම සංවේදී විය,” බයිඩෙන් පැවසීය.
මේ අතර ඇමරිකානු ජනපති මන්දිර ප්‍රකාශකයෙකු අල්ජසීරා පුවත් වෙත පවසා ඇත්තේ චෑම්ප්ගේ අඩුව පුරවන්නට ධවල මන්දිරයට බළලෙකු ගෙන ඒමට ජනපති බිරිය බලාපොරොත්තුවෙන් සිටින බවය.

bidens-announce-death-of-cherished-dog-champ