කෝවිඩ් ආසාදිතව, සිය නිවසෙහි නිරෝධායනය වෙමින් සිටි එකම පවුලේ තිදෙනකු, ගංවතුරට එම නිවස යට වීම නිසා අනතුරට පත්ව සිටියදී කටුනායක පොලීසියේ නිලධාරීන් පිරිසක් ප්‍රදේශවාසීන්ගේද සහාය ඇතිව බේරාගෙන රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබේ. කටුනායක කළහපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි මෙම පවුලේ 82 හැවිරිදි ආච්විත්, ඇගේ 62 හැවිරිදි පුතාත්, 11 හැවිරිදි මුනුබුරා කෝවිඩ් ආසාදනය වී තම නිවසෙහිම නිරෝධායනය වෙමින් සිට ඇත. මේ අතර පවතින නිරිතදිග මෝසම් වර්ෂාව නිසා, කුඹුරු යාය සහ ජල මාර්ග ආශ්‍රිතව පිහිටි ගම්මානය ජලයෙන් යට වී තිබේ. ඒ අනුව
ගම්මානයේ අනෙකුත් ගම්වැසියන් ගංවතුර සමග ආරක්ෂිත ප්‍රදේශ කරා පිටව ගොස් තිබුණද, මේ තිදෙනා පමණක් මෙම නිවසෙහි දිගටම වාසය කර ඇත. ප්‍රදේශවාසීන් මෙන්ම ග්‍රාම නිලධාරීවරයා ද මොවුන්ට මෙම නිවසින් පිටව යන ලෙස කිහිපවරක්ම දැනුම් දුන්නද මොවුන් තවදුරටත් මෙම නිවසෙහිම රැඳී සිට තිබේ. මේ අතර පසුගිය 04 වැනිදා රාත්‍රී 10.00 පමණ වනවිට මොවුන් තිදෙනා නිදාගෙන සිටින ඇඳන් පවා, ගංවතුර නිසා යට වීමට. ආසන්නව තිබියදී ප්‍රදේශවාසියෙකු විසින් මේ පිළිබද කටුනායක පොලීසියේ ස්ථානාධිපතිවරයාට දුරකථන ඇමතුමක් මගින් දැනුම් දී තිබේ.
ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ කටුනායක පොලීසියේම ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක් ප්‍රදේශවාසීන් සහ ග්‍රාමනිලධාරිවරයා ද සමග මෙම නිවෙසට ගොස් තත්ත්වය පිළිබඳ පැහැදිලි කර ඉතා අසීරුවෙන් මෙම තිදෙනා මෙම නිවෙසින් බැහැර කිරීමට එකග කුරවා ගෙන ඇත.ඉන්පසුව මෙම පිරිස ගංවතුර මධ්‍යයේම මොවුන් තිදෙනා ඇදන් සමග කර තබාගෙන කටුනායක පොලීසිය ආසන්ධයට පැමිණ, ගිලන් රථයක් ගෙන්වා මීගමුව දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත්කිරීමට පියවර ගෙන තිබේ.
(කටුනායක ටී.කේ.ජී.කපිල)
0 Comments