karapitya-incident

කරාපිටිය බැංකුවක් අසලදී තරුණියක්ද සමග මෝටර් රථයක් පැහැරගෙන ගොස් තරුණියගේ මුදල් සහ රන් භාණ්ඩ කොල්ල කන  ලද සැකකරු ජූලි මස 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා ඊයේ (29දා) නියෝග කළේය.  මෙසේ බන්ධනාගාරගත කෙරුණේ, ගාල්ල, එලියට් පාර පදිංචි 40 තැනැත්තෙකි.  මෙම සැකකරු මැද පෙරදිග රටක රියදුරු ලෙස වසර කිහිපයක් රැකියාව කර ඇති අතර, මෙරටට පැමිණිමෙන් පසු අධික ලෙස මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහි වි ඇති බවත් මේ වනවිටත් රන් මාල කොල්ල කෑම් යතුරු පැදි සොරකම් කිරීම් සම්බන්ධයෙන් සැකකරුට එරෙහිව නඩු රැසක් විභාග වෙමින් පවතින බවත් පොලීසිය අධිකරණයට දන්වා සිටියේය.




දැනට රුසියාවේ විශ්වවිද්‍යාලයක වෛද්‍ය උපාධිය හදාරන අක්මීමණ හියාර් ප්‍රදේශයේ පදිචි 26 හැවිරිදි තරුණියක් නැගණිය සමග පසුගිය 23 වැනිදා සවස කරාපිටිය බැංකුවකට පැමිණ ඇති අතර මෝටර් පදවාගෙන පැමිණි නැගණිය අක්කා මෝටර් රථයේ ඉදිරිපස අසුනේ සිටියදී එන්ජිම පණ ගත්වා තිබියදීම බැංකුවට ගොස් ඇති බවත්, පසුව සැකකරු මෝටර් රථයට ඇතුළුවී මෝටර් රථය පණ ගන්වා වේගයෙන් ධාවනය කර ඇති බවත් පොලීසිය කරුණු දක්වමින් පවසා සිටියේය. සැකකරු රත්ගම ඕවකන්ද ප්‍රදේශයේ නතරකර ඇයගේ රුපියල් පනස් දහසක් වටිනා අත් පළදනාවද පසුම්බියේ තිබූ රුපියල් හැට දහසක මුදල්ද කොල්ලකා මෝටර් රථයේ රිමෝට් එක ඇය අතටදී මෝටර් රථය නතර කර ඇති තැනකට පැමිණි ගෙනයන ලෙස පවසා ඇය බිමට ඇද දමා පලාගොස් ඇති බවත් පොලීසිය අධිකරණය හමුවේ කරුණු දන්වා සිටියේය.


 එම ප්‍රදේශයේ සී.සී.ටී.වි.දර්ශනද පරික්ෂා කිරීමෙන් අනතුරුව පසුගිය කාලයේ රන්මාල කොල්ලකෑම් යතුරු පැදි සොරකම් කිරීම් සහ වෙනත් අපරාධවලට සම්බන්ධ සැකකරුවන් කිහිප දෙනෙකු පිළිබඳ තොරතුරු පරීක්ෂා කල පොලිසිය මෙම සැකකරුද අත් අඩංගුවට ගෙන ප්‍රශ්ණ කිරීම සඳහා එලියටි පාරේ නිවස අසල රැකවල්ලා සිටියදි හෙරොයින් රැගෙන යතුරු පැදියෙන් පැමිණි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.  



-රවිදු දියගහගේ-