chameera-perera-ranil

එක්සත් පුරවැසි සංවිධානයේ චමීර පෙරේරා මාධ්‍ය හමුවකදී අදහස් පහත පරිදිය.

අපි දැක්කා රනිල් වික්‍රමසිංහ මහත්තයා යනවා දැන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදියට. මම හිතන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා ඇඳුම් අඳින්නේ අපි ඇඳුම් අඳින හින්දා. රනිල් වික්‍රමසිංහ මහත්තයා මම හිතන්නේ ඇඳුම් අඳින්නේ ලැජ්ජාව ,බයට නෙමෙයි. ඒ ලැජ්ජා ,බය කියන එක රනිල් වික්‍රමසිංහ මහත්මයාට ගෑවිලාවත් නැති පාට තමයි පේන්නේ. ඒ නිසා එතුමා කලිසම් කෝට් අඳින්නෙ මම හිතන්නේ අපි ඇඳුම් අඳින හින්දා. එහෙම නැත්නම් මේ අවුරුදු හතළිහක් පනහක් පාර්ලිමේන්තුව හිටපු කෙනෙක් දෙතුන් වතාවක් අග්‍රාමාත්‍යවරයා බවට පත් වෙලා හිටපු කෙනෙක් විපක්ෂ නායක වෙලා හිටපු කෙනෙක් අන්තිමේදී රටේ ජනතාව ප්‍රතික්ෂේප කරාට පස්සේ මිනිස්සු ප්‍රතික්ෂේප කරල එළවලා දැම්මට පස්සේ එහෙම උනාට පස්සේ අන්තිමේදී පිනට ලැබුණු මේ චාන්ස් එක ගන්න අන්තිමේදී මේ පින් චාන්ස් එකෙන් අර හොර පාරෙන් ඇවිල්ලා පස්ස පැත්තෙන් පාර්ලිමේන්තුවට ඇතුළු වෙන්න තරම් ලැජ්ජාවක් නැති විලි ලැජ්ජාවක් කියන එක ගෑවිලාවත් නැති මනුස්සයෙක් බවට පත් වෙලා තියෙනවනෙ රනිල් වික්‍රමසිංහ මහත්මයා.

ඒ තැනට පත්වෙලා තියෙනවා. මේ රනිල් වික්‍රමසිංහ මහත්මයා මේ එන්නේ මේ නිකන් රටේ ජනතාවට හෝ විපක්ෂය ශක්තිමත් කරන්න හෝ මේ ආණ්ඩුවට අභියෝගයක් වෙන්න නෙමෙයි. මේ රනිල් වික්‍රමසිංහ මහත්මයා බොහෝ සතුටින් එන්නේ මේ එන්නේ රනිල් වික්‍රමසිංහ මහත්මයා රාජපක්ෂ කඳවුරේ කාවහරි train කරන්න . කවුරු හරි ඊළඟ පුටුවට coach කරන්න එන්නේ . නැත්තං මෙයාව ගේන්න ඕන කරන විදියට විපක්ෂයේ තියෙනවා නම් ඔය යම්  යම් සන්ධානගත වීම එකතු වෙන්න තියෙන ගතිය නැති කරලා එක කම්මුතු කරන්න. මෙයා ඇත්තටම ටර්මිනේටර් කෙනෙක්.  මේ එන්නේ කම්මුතු කිරීමේ වැඩපිළිවෙළට. අපි දැක්කා දැන් මාධ්‍ය වල කියනවා මෙයා එක්ක හැටක් විතර වගේ එකතු වෙන්න ඉන්නවලු.. ඒ කියන්නේ ආණ්ඩු පක්ෂයනුත් මෙයා එක්ක එකතු වෙනවද.. මෙයා එක්ක එකතු වුනා නම් කවුරුහරි එකතු වෙච්ච උන්ට ඊළඟ වතාවේ ගෙදර ඉන්න වෙන්නේ.. පේනවනේ අකිල විරාජ් කාරියවසම් පාලිත රංගෙබණ්ඩාරලා ඔය ඔක්කොමටම ගෙවල් වලට වෙන්න උනේ අන්තිමේදී..



රනිල් වික්‍රමසිංහ මහත්මයත් එක්ක සිහිකල්පනාව තියෙන කෙනෙක් දේශපාලනය කරන්න එනවද දේශපාලනය කරන්න ආපු එවුන්ට වෙන්නේ ඊළඟ වතාවේ ගෙදර ඉන්න.. ඒ නිසා මේ රනිල් වික්‍රමසිංහ මහත්මයා ඉන්නේ මේක ආයිත් කම්මුතු කරලා දාන්න.. මොකද රනිල් වික්‍රමසිංහ මහත්මයාට ආණ්ඩුවක් ඕනෙ නැහැ. එයාට ඕන කරන්නේ එයාගේ වැඩපිළිවෙල කවුරුහරි ගෙනියනවා නම් අංගුලිමාලයන් වුණත් කමක් නෑ එයා පිළිගත්ත අර රිගෙනින් වගේ අර නවලිබරල් වැඩපිළිවෙළ ගෙනියනවා නම් එච්චරයි. ඒ නිසා එයා දන්නවා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා එයාට වඩා හොඳින් මේ නව ලිබරල් වැඩපිළිවෙළ ගෙනියනවා.. එයාට කොරන්න බැරි විදියට ගෝඨාභය මහත්තයා අර කිව්ව ඉඳගෙන ඒයත් ටර්මිනේටර් කෙනෙක් කියලානේ.. එයත් ටර්මිනේටර් කෙනෙක් විදියට එයා ඒයගේ කටයුතු ඉතාම හොදින් ගෙනියනවා  හතර වටේ තිබෙන මර්මස්ථාන ටික, මුහුදෙ ඉඳලා, රට මැද ඉඳලා කොළඹ නගරෙ තිබෙන්නා වූ අතිශය වටිනා කියන ඉඩකඩම් ටික මේවා විකුණලා මේ නව ලිබරල් මූල්‍ය කරන වැඩ පිළිවෙල ඉතාම හොඳින් ගෙනි යනවා...




මේක රනිල් වික්‍රමසිංහ මහත්මයාටත් බෑ ගෙනියන්න.. ඒ නිසා ඒ වැඩේ ගෙනියන කොට රනිල් වික්‍රමසිංහ මහත්මයාට ඕන කරන්නේ ඒවට විරුද්ධව ගල් පෙරළනවා නම් කවුරුහරි විපක්ෂයෙ අන්න ඒ ගල් පෙරලන ඒ ගල් ටික කඩලා දාලා ඒළිපෙහෙළි කරලා වැඩේ යන්න ඉඩ දෙන්න තමයි ඕන කරන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයට. ආයෙත් වෙන වැඩක් නැහැ. ඒ වගේම අපි දැක්කා දැන් මේ ඉන්ධන මිල බරපතල ප්‍රශ්නයක් වෙලා තියෙන මොහොතක අපි ඊයෙ මාධ්‍යවලින් දැක්කා ඒක පිළිබඳ සාකච්ඡා කරන්න ඕන මොහොතක කැබිනට් මණ්ඩලයට ජනාධිපතිවරයා ඇවිල්ල නැහැ. ජනාධිපතිවරයා ආවෙ නැහැලු කැබිනට් මණ්ඩලයට අපි දැක්ක කැබිනට් ප්‍රකාශක අමාත්‍යවරයා කියනවා ඉදගෙන අතිශය වැදගත් කාරණයක් තිබුන හින්දා එතුමා ආවෙ නැහැල්ලු මේ ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයට. අපිට පොඩ්ඩක් පැහැදිලි කරන්නකො මේ වෙලේ මේ ඉන්ධන මිල සහ මේ ඉන්ධන මිල නිසා මුහුණ දීලා තියෙන අර්බුදය ඒ අර්බුදය පිළිබඳ සාකච්ඡා නොකර ඒකට මුහුණ නොදී ඒක පිළිබඳ සාකච්ඡා කරන කැබිනට් මණ්ඩලයට පැමිණෙන්නේ නැතුව එකට වඩා වැදගත් ඊට වඩා අතිශය වැදගත් කාරණය මොකක්ද ජනාධිපතිවරයාට තියෙන.. දිව්‍යලෝකෙ සක්‍ර දේවේන්ද්‍රයාගේ දේව සභාවට ආරාධනා කරලා නෑනෙ මේ රටේ ජනාධිපතිවරයාට.මීට වඩා වැදගත් දෙයක් තියෙනවද. මේ රාජකාරියට වඩා දේවකාරියක් තියෙනවද මේ ජනතාවගේ ප්‍රශ්න ගැන කතා කරන්න ,මේ ඉන්ධන මිල ඉහළ යාම නිසා බරපතළ පීඩනයකට, බරපතළ අසහනයකට බරපතළ අනතුරකට මිනිස්සු බරපතළ විදියට පීඩාවට පත් වෙමින් ඉන්න මොහොතක් .සියලු අංශයන් වලින් මිල ගණන් ඉහළ ගිහිල්ලා මිනිසුන්ගේ බනිස් ගෙඩියෙ ඉඳලා  පාන් රාත්තල ඉඳලා හැම දෙයක්ම ඉහළ යන්න නියමිත වෙලා තියෙන මොහොතක සමාජය පහළම තීරු කඩන් වැටිලා කිතු කිතු ෙවලා යන්න නියමිත වෙලා තියෙන මොහොතක මේකට මුහුණ දෙන්න මේකට යම්කිසි විදිහකට නිවැරදි කිරීම සඳහා මේකට අනුග්‍රහය දක්වපු, මේක යෝජනා ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයේ නැහැ කියන්නේ විසිවන සංශෝධනය ඇතුළු සියලූ බලතල දීලා සර්වාධිපති බලතල සියලු ෙද් තමන්ගේ අතේ තියාගෙන ඉන්න ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයට එන්නේ නැහැ කියන්නේ ඊට වඩා මොකක්ද තියෙන ඉහළම වැඩේ. ඊට වඩා තියන අතිශය වැදගත් රාජකාරිය මොකක්ද.

 එතුමාට පැවරිය රාජකාරි එතුමා මම හිතන්නේ ජනතාවගේ කාර්ය නෙමෙයි එතුමාට පැවරීච්ච කාර්යය තමයි මේ නව ලිබරල් වැඩපිළිවෙළ ගෙනියන එක. එතුමා ඒක හරියට කරනවා. නිසි පරිදි චීනෙට පෝට් සිටි දෙන එක අවශ්‍ය කරන විදියට ඉඩකඩම් ලබා දෙන එක ඒ වැඩ ටික කරනවා. මම හිතන්නේ ඒක තමයි හරියටම කරන රාජකාරිය බවට පත්වෙලා තියෙන්නේ.

ඒ නිසා අපි කියන්නේ මේ රජය තවදුරටත් ජනතාව පිළිබඳව හිතන රජයක් නෙවෙයි. ජනතා පිළිබඳ හිතනවා නම් අපි දැක්කා කැබිනට් මණ්ඩලයේ ඉවර වෙලා යනකොට කියනවා අපි කතා කරේ නෑ මේ ඉන්ධන මිල ගැන. ඉන්ධන මිල ගැන කතා කරන්නෙ නැති එවුන් ඉන්නවනම් මේ මොහොතේදී මේ ජනතාව වෙනුවෙන් කතා කරන්න බැරි එවුන් ඉන්නවනම් උන් මැති ඇමැතිවරු ද? ජනතා නියෝජිතයෝ ද?උන්ට හදවතක් තියෙනවද?  උන්ට අපි කියන්නේ මොක්කුන්ද ? ඇත්තටම උන් ගන්දබ්බයොනේ. හදවතක් නැති ගන්ධබ්බයෝ.. ඉතින් මේ වගේ ගන්ධබ්බයෝ බලයට පත්වෙලා තියෙන්නේ උන්ගේ හීන මානේ නැතිකරගන්න, උන්ගේ හීන මානේ නැතිකරගන්න, රථගාය නැති කරගන්න මිනිසුන්ට ඉහළින් ඉඳලා මිනිස්සුන්ගේ ඡන්දය අරගෙන මිනිස්සුන්ට ඉහළින් ඉඳලා සුඛෝපභෝගී ජීවිත ගත කරන්න.. එතකොට ඒ ජීවිත අපිට ගත කරන්න බැහැ ඒකනෙ කියන්නෙ.


අපි රුපියල් පන්දහක් කාල ඉන්නවා..අපි කනවා නෙමෙයි ලෙව කනවා. අපිට පාන්දහ දෙනවා උඹලා කාපන් මුළු දවස් තුන්සිය හැට පහේම මාසම කාපන් රුපියල් පන්දාහක් කියලා.ඉතින් එවැනි තැනකට මිනිස්සු ඇද දාලා මේගොල්ලෝ තමන්ගේ රාජකාරිය පැහැර හැරලා මේගොල්ලෝ මේගොල්ලෝ  සුභ විහරණය සදහා කටයුතු කරමින් ඉන්න ආණ්ඩුවක්.. එනිසා අපි අවසාන වශයෙන් කියන්නේ අර පහුගිය කාලවල මේ ආණ්ඩුව ගේන්න  දරදිය ඇද්ද සිවුරු කරේ තියාගෙන ගිය සමාවෙන්න ඕනේ කියන්න බුදුරජාණන් වහන්සේගේ සිවුර පවා ඒයට පවා අගෞරවය කරමින් ඒක කරේ තියාගෙන ගිය පුළුවන් තරම් බොරු කියපු බුදුහාමුදුරුවෝ වැඩපු ඒ විහාරස්ථානවල පවා නයි ආවා ,නාගයන් ආවයි කියලා  මිත්‍යාව වපුරපු ඒ හාමුදුරුවරු ඒ සාදුලා මම හිතන්නේ මේගොල්ලෝ දැන් මාර්ගඵල ලබලා තියෙන්නේ. මේගොල්ලෝ ඔක්කොම මාර්ගඵල ලබලා එක්කෙනෙක්වත් මේ පොළොවෙ නෑ.. ඒ නිසා  port city ඒක දෙනකොට නෑ ,මේ සමුද්‍රය විනාස කරනකොට නෑ ,පෝර ටික ගන්න ගියාම මිනිස්සු ටික පාරට බහිනකොට නෑ ,එන්නත් ටික නැතුව මිනිස්සු රස්තියාදු වෙනකොට නෑ, මිනිසුන්ට අවශ්‍ය කරන පහසුකම් ටික ගන්න කොට නෑ, ඊට පස්සේ සීනිවලින් හොරකම් කරන කොට නෑ ,එතකොට දැන් මේ ඉන්ධන ටික වැඩිවෙලා මිනිසුන්ට යන එනමං නැති වෙලා ඉන්නකොට නෑ.. මොකද වෙලා තියෙන්නෙ . මේ ඔක්කොටම මාර්ගඵල ලැබිලා.. අනේ සාදු.. මම හිතන්නේ ඒ අය හරි කමක් නෑ මාර්ගඵල ලැබිලා මේකෙන් එළියට ගිහිල්ලා තියෙනවා නම් මේකෙන් සුගතියක් අත්වෙලා තියෙනවා නම් මම හිතන්නේ හුදිජනයා විදිහට පෘථග්ජනයා විදිහට අපිටත් සතුටක් බොහොම ස්තූතියි.