chameera-perera-speaks

කොළඹ පැවැති මාධ්‍ය හමුවක දී එක්සත් පුරවැසි සංවිධානයේ චමීර පෙරේරා සිදුකළ කරුණු දැක්වීමක් පහත පරිදිය.
මේ ආණ්ඩුව නැත්නම් මේ රාජ‍්‍ය නායකයන් බලයට පත්කළේ මේ රටේ ජනතාවද චීන ජනතාව ද කියලා. මම නම් හිතන්නෑ මේ රටේ ජනතාව පත් කරපු පාලකයෙකුට, දේශපාලනඥයෙකුට මේ වගේ තීන්දු තීරණ ගන්න පුළුවන් කියලා .ලංකාවේ මිනිස්සු එහෙම වෙන්න බැහැ. ලංකාවේ ආණ්ඩුවකට මේ වගේ තීන්දු ගන්න බෑ .අපිට හිතෙන්නෙ මේක චීනය පත්කරපු ආණ්ඩුවක් කියලා. දැන් ආණ්ඩුවක් නෑ එක පැත්තකින්. අපිට පේනවා එක්ක එක පොලොස් කොට්ටෝරුවා ,එක එක පිංපි ,එක එක නලුනිලියෝ උන්ට ඕන විදියට තමයි තීන්දු තීරණ ගන්නේ. නිරෝධායන නීති උන් තමයි තීරණය කරන්නේ .දැන් බලන්න අර කරපු කුණුහරුපය. අර ස්ටිකර් අලවන කුණුහරුප මොකක්ද ?කවුද තීන්දු ගන්නේ? අජිත් රෝහණ මහත්මයා ඇවිල්ලා කියන එක කරන්නෙ. කවුද ඒ තීන්දු ගන්නේ ?දැක්කනෙ රස්තියාදුව. මිනිස්සු sticker අලවගෙන තව දිහා වල යනවා .එතනින් ඒකකෙනා ඔහේ නෙමේ අරහ කියලා. අන්තිමට මිනිස්සුන්ට යාගන්න නෑ .

එක්කෝ මේක වහනවා නම් සම්පූර්ණයෙන්ම වහන්න ඔන. නිකං අත්‍යවශ්‍ය සේවාවන් ට එන්න කියලා මිනිස්සු යනවා මිනිස්සු ගියාම මිනිස්සු රස්තියාදු වෙනවා. මොකද්ද ඒ කරපු කුණුහරුපයෙ? කවුරුත් දන්නේ නෑ .ඒක තමයි අපි කිව්වේ මේ ආණ්ඩුව අත්තනැට කාපු එවුන් ඉන්නේ. අර අපි කියන්නේ මරු කියවනව වගේ. මරු වැහිච්ච ආණ්ඩුවක් .ඒවගේ මොකක්ද කරන්නේ කියලා තේරෙන්නෙ නැ. ජනාධිපති කියනවද ,සෞඛ්‍ය අමාත්‍යාංශය කියනවද ,පොලිසිය කියනවද ,නීති හදන්නෙ කවුද, නීති ක්‍රියාත්මක කරන්නේ කොහොමද ,මේ තමන්ට ඕන විදිහට එක් එකා තමන්ට ඕන විදියට වැඩ කරනවා. පාරට බැස්සහම පේන්නෙ ආණ්ඩුවක් නෑ රටක් නෑ .ආණ්ඩුව කරන එකම වැඩේ චීනාට රට ලියලා දෙන එක .ආණ්ඩුව භාර ගෙන තියෙන එකම වැඩේ මේ ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව බාර අරගෙන තියෙන එකම වැඩේ කොහොමහරි කමක් නෑ චීනයට තමන් මේ බල අත්හැරියාත් අන්තිමේදී මේක චීනට ලියල දෙන්න ඕනේ කියන වැඩපිළිවෙළ තමයි ආණ්ඩුව තියෙන්නේ. ඒ අර වෙන වැඩපිළිවෙළක් නර. නැත්තම් මේ නිරෝධායන අන්තිමට නිරෝධාන නීති අපිට විතරයි .අපිට විතරයි නිරෝධායනය .සාමාන්‍ය මිනිස්සුන්ට විතරයි නීති.අපි දැක්කා නිරූපණ ශිල්පිනියක් ,අර මෝස්තර ශිල්පියෙක් මේ මිනිස්සු හොඳ වෙලාවට අපිට අන්තිමේදී තමයි දැනගන්න ලැබුණේ කොහොමද මේ නිරෝධායන නීති කඩ කරල තියෙන්නෙ කියලා.

බලාගෙන යද්දි මේ නිරෝධායන නීති කඩකරලා, මේ ලෙඩේ බෝ කරල එහෙම නැත්නම් මේ වසංගතය බෝ කරගෙන තියෙන්නෙ සමහර නාලිකාවලුයි, ඒ නාළිකාවලට ආපු නලුනිලියො මේක බෝ කරල තියෙන්නෙ. අර ඊයෙ කිව්වේ නිරූපණ ශිල්පිනිය දිග ඇරියේ නිකං ලබ්බ පොලේ ගහනවා වගේ .ඒ මනුස්ස ට යන්න දීලා ඒ මනුස්සයා ගෙදර තියා ගත්තනම් ඔය ටික කියන්නේ නෑ. ඒ මනුස්සයා ජනාධිපතිට අයිතිය කියනවා .යනකොට කිව්ව ජනාධිපතිතුමනි අපි ඔබතුමාව පත්කළේ කිව්වා .බලන්න එයත් ජනාධිපතිව පත් කරන්න දායක වුණ කෙනෙක් .ජනාධිපතිතුමාට එයාගෙ අයිතියක් කිව්වා. එහෙම අයිතිය තිබ්බත් වැඩක් නෑ. මේ වෙලේ ජනාධිපතිතුමා ආණ්ඩුවට වැදගත් වෙන්නේ shangri la එක රට රැක ගන්නවා ද .මේ නළු නිලියෝ කිහිප දෙනා රැක ගන්නවා ද මේ නිරූපණ ශිල්පිනිය රැක ගන්නවාද .

අණ්ඩුව තීරණය කරන්නේ ශ්‍රැන්ගිලා එක පැත්තට .මේක තේරුම් ගන්න ඕන කවුරුත් ආන්ඩුවේ ජනාධිපතිතුමාට තමන්ගේ අයිතියක් නෑ ජනාධිපතිතුමා ඇතුළු ආණ්ඩුවට වැදගත් වෙන්නේ කොම්පැනි. කොම්පැනි දිහා බැලුවම මේගොල්ලෝ කවුද? මේ නිරූපණ ශිල්පීන් .ඒ නිසා ඒ ගොල්ලො වැඩක් නෑ .ආණ්ඩුවට මේ වෙලාව වැඩ වැදගත් වෙන්නෙ ෂැන්ග්‍රිලා එක බේරගන්න ඕන .ප්‍රශ්නයක් ඇහුවොත් කොහොමද මේකට ශ්‍රැන්ගිලා එක ඉඩ දුන්නේ ඒගොල්ලො ගියා වෙන්න පුළුවන්. ඒ මිනිස්සුන්ට ඉතින් වෙන වැඩක් නෑනේ .  කන්න බොන්න ඒ මිනිස්සුන්ට තියෙන්නේ .ඒ මිනිස්සුන්ට ඉතින් ගෙවල් වලට කෑම ගේන්න ලොකුවට ඒ දේවල් නෑනේ .එහෙම හිතන අය නෙමෙයි. එයලා බලන්න කීයක් හරි හොයාගෙන කොහේ හරි ගිහිල්ලා එහෙමනෙ ඒගොල්ලොන්ගෙ ජීවිතේ.  මිනිස්සු එහෙම හිතනකොට ෂැන්ග්‍රිලා එක කියන මේ දැවැන්ත හෝටලයක් මේ luxury hotel කොහොමද ඒ අවස්ථාව දුන්නේ.



මුළු රටම lockdown කරලා. එතකොට කවුරුත් අහන්නේ නෑනේ ඇයි මේ ෂැන්ග්‍රිලා එක කොහොමද යි ශ්‍රැන්ගිලා එක තාම සිල් කරන්නේ නැත්තෙ කියලා. කවුරුත් අහන්නේ නෑ .තැබෑරුම් සිල්  කරනවා. හැබැයි ෂැන්ග්‍රිලා එක්ක සීල් කරන්නැත්තේ ඔය ප්‍රශ්නය හින්දා තමයි ඒ ඔක්කොම ඇරියා අර කොල්ලොන්ගෙ පිටින්. ඒගොල්ලො නිරෝදානෙට දැම්මා .අන්න එතකොට තමයි අපි දැනගත්තේ මෙන්න යකෝ නළු නිළියෝ එකසිය පනහකට විතර කොරෝනා හැදිලා තියලා, සම්භාව්‍ය නළුවන්ගෙන් දුවලා ගැනත් කිව්වනේ. ඇයි ඒ ගොල්ලො ගැන කියන්නේ නැත්තේ. ඇයි ඒගොල්ලො නැත්තෙ මෙගා ස්ටාර් ආපු 150ක් positive වුණා .බලන් යද්දි මේක channel වලින්නේ ගිහිල්ලා තියෙන්නෙ. මෙගා ස්ටාර් මේ ස්ටාර් මේ සැණකෙළි පවත්වපු ඒගොල්ලො තමයි එක බෝ කරල තියෙන්නෙ. අන්න ඒක තමයි කිව්වේ.  ඒ ගොල්ලන් නිරෝධය උෙන් නැත්තේ ?



එකසිය පනහකට විතර මේක positive වුණා. අන්න ප්‍රශ්නේ අපි දන්නේ නෑනේ. අපි හිතුවේ මේ රටේ මිනිස්සුන්ගෙ නොසැලකිල්ල .මේ ආණ්ඩුව සහ මේ වටේ ඉන්න ප්‍රභූන් සහ ආණ්ඩුව වටේ ඉන්න චැනල් මුදලාලිලා සහ ඒගොල්ලොන්ගෙ ව්‍යාපාර නිසා මේක ව්‍යාප්ත වෙලා තියෙන්නේ .ආ මේ පේන්නේ. ඒක නිසා තමයි අපි කිව්වේ මේක නීති දෙකක් .අපිට එක නීතියක්.  අර පොහොර ටික ගන්න ගියේ මනුස්සයා අර පෝලිමේ හිටපු මනුස්සයා බෙල්ලෙන් අල්ලලා එළියට දැම්මා. පොලිසිය අපි දැක්ක එළියට දාපු විදිය. අන්න නීති ක්‍රියාත්මක වෙන විදිය. අසරණයින්ට එක විදිහක්.

මේ පිංපිට ඕන ඕන විදියට වැඩ කරන්න පුළුවන්. මේ කොහෙවත් ඉන්න පිංපි, හිපාටුව නළු නිළියෝ.අඩුම තරමේ නළු නිළියන්ටවත් නීතිය ක්‍රියාත්මක කරන්න බැරි ආණ්ඩුවක් .පිම්පි ආණ්ඩුවක්. මේවා නළු නිළියන්ටවත් නිරෝධායන නීතිය ක්‍රියාත්මක කරන්න බැරි ආණ්ඩුවක් .ඉතිං කොහෙද නීතියක් තියෙන්නෙ .ඒ නිසා ඇත්තටම මේ ආණ්ඩුව අද පවතින්නේ කොරෝනාව මතමයි. corona නිසා පවතින ආණ්ඩුවක් මේක. කොරොනාව නැති කරන්න නම් මේ ආණ්ඩුව ගෙදර යවන්න ඕනේ. ලෝකයම  නැති වුනත් ලංකාවේ කොරොනාව නැති වෙන්නේ නෑ. මේ ආණ්ඩුව මේ ආණ්ඩුවේ ඉන්න මැති ඇමතිවරුන්ගේ තියෙන හපාච්කම .තියෙන පජාත කියන්නේ මේ අවුරුදු සිය දහස් ගණනක් අදහපු දෙවිවරුන්වත් මුන් විකුණගෙන කනවා. මේ කොරෝනා රැල්ල එනකොට පළවෙනි රැල්ල ඇවිල්ලා යනකොටම අර පැණි කාරයෙක් පස්සෙන් යැව්වා. අර කාලිමෑණි කාලි අම්මාවඅදහා ගෙන හිටපු මිනිස්සු කාලි අම්මවත් විකුණුවා. සක්කර පැණියක් පස්සෙන් දිව්වා. මිනිස්සුන්ව පෝලිං ගස්සලා යැව්වා .  ඊට පස්සේ මොකද වුණේ උළුවහු වක් දොරක් හදාගෙන හිටපු වඩු බාසුන්නැහේට ඒ රස්සවත් නැති උනා. ඒ මිනිහට උන්හිටි තැන් නැති වුණා. දැන් ඒ මිනිහ උන්නද මලාද කියල කවුරුත් බලන්නේ නෑ .


මේක ටික කාලයක් යනකොට මේක  ගෙනියන්න බැරි වෙනකොට ඔන්න අනිත් පැත්ත හැරිලා වැක්සීන් එක පස්සේ යනවා. දැන් නාට්‍ය තමයි අර පැණි නාට්‍ය තවදුරටත් ගෙනියන්න බෑ.. ඔන්න දැන් වැක්සීන් නාට්‍ය පටන් අරගෙන. දැන් vaccine එක සූදුවක් බවට පත් කරගෙන. මේ vaccine එක දැන් තියෙන ජනතාව ආරක්ෂා කරන්න නෙමෙයි. ඒගොල්ලොන්ගෙ සූදුවක් .ඒක තම තමන්ට ඕන විදියට කඩාගෙන යනවා. මනාප මල්ල වැඩිය ඒකා  තුන් හාරදාහක් 50,000 ගෙනියනවා .මනාපේ මල්ල තරමට එක එකා ගෙනියනවා තමන්ගෙ පැතිවලට. දැන් එහෙමයි වෙලා තියෙන්නෙ. ගිහිල්ලා අර බැනර් ගහලා තියෙන්නෙ ඔබතුමා අපිට මෙච්චරක් දුන්නට ස්තුතියි.

ේ එක එකාට කොටා දෙන වැඩක් ද මේ එන්නත් දෙනවයි කියන්නේ




දැන් හොඳටම පේනව මේක කොයි තරම් ව්‍යාජයක්, මංකොල්ලයක් බොරුවක් ,මේක මහා නාඩගමක් ඒ මදිවට ෙලා්කය කිවුවහම මේකේ මාත්‍රා දෙකක් දෙන්න ඕනේ කියලා astrazeneca එකට එහෙමනේ කිව්වේ. දැන් කෝ දෙවෙනි මාත්‍රාව. දැන් එතකොට කියනවා නෑ එක මාස හයක් යන්න පුලුවන්ලු.. කවුද ඒ න්‍යායන් හදන්නේ ?එන්නත් වුණත් ලංකාවට අවට පස්සෙ ඒවා දේශපාලනිකරණය වෙනවා. දෙවැනි මාත්‍රාව දෙන්න ඕන එන්නත වුනත් ලංකාවට එනකොට ඒවා පළමු මාත්‍රාව විතරක් සෑහෙයි කියලා කියනවා. ඒවත් දේශපාලනය කරනවා.  දැන් බලන්න sputnik එන්නතේ ප්‍රශ්නේ .දැන් ස්පුට්නික් එක් ගැන අහන්න රුසියාවට යන්න වෙනවා .අපිට මොකක්ද මේක ඇත්ත කියලා .කෙහෙළිය රඹුක්වැල්ල මහත්තයට අනුව  එකක් කියනවා, චන්න ජයසුමන මහත්ම ඒකක් කියනවා, අධ්‍යක්ෂ ජනරාල්තුමා තව එකක් කියනවා. චීන සමාගම තව එකක් කියනවා .කවුරු කියන එකද පිළිගන්නේ. මිනිස්සු ඕකට නෙමෙයි මිනිස්සුන්ට කිව්වොත් එහෙම අපායට යමං කියලා මේක හොඳ වෙනවා කියලා මිනිස්සු අත්සන් කරනවා .

මිනිස්සු එච්චරටම මර බියකින් ඉන්නේ. මම අහන්න දේශපාලනඥයන්ට හදවතක් තියෙන්න එපැයි. ඉස්සෙල්ලා දේශපාලනය කරන්න කලින් ඇස් ඉස් මස් ලේ තියෙන මනුස්ස ජිවිත.  කෙහෙළිය රඹුක්වැල්ල මහත්මයා කියනවා විෂඥයෝ කිව්වලු. කිව්ව විශේෂඥ මොකාද? දැන් විශේෂඥයින් ඇහුවම අපි දැක්කා ඊයේ මාධ්‍යවල පළ වෙනවා ඔන්න ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය දැන් තමයි ඒ පිළිබඳ පර්යේෂණයක් කරන්නේ .මේකේ දෙවැනි මාත්‍රාව ඕනද නැද්ද කියන එක .කවුද කිව්වේ විශේෂඥයා? රඹුක්වැල්ල මහත්තයාගේ ගෙදර හතර පස් දෙනා ද විශේෂඥකම් කළේ.  ගෙදර අය දීපු සහතිකයට අනුව ද මේක ගහන්නේ කියන්නේ. දැන් අපි දැක්කා චන්න ජයසුමන මහත්මයාගෙන් මාධ්‍ය අහනවා මේක ඇහුවහම ඔහු නිකං හරියට සංජය බෙල්ලට්ඨිපුත්ත වගේ .කරකවල අතඇරියා. එක මොකෙකුටවත් තේරුන්නෑ .මේක ගන්නත් පුළුවන් එහෙමයි කියන්නේ. එක දෙක දෙන්න පුළුවන් දෙන්නත් ඕනේ හැබැයි පලවෙනි එක දීලා ලියුමත් හරි. ඒක සමාගමෙන් කිව්වොත් දෙකක් දෙන්න ඔන. මේක දැන් එකක් නැ ඔව් නැද්ද .එහෙම එකක් කියන්නේ නෑ චන්න ජයසුමන මහත්මයා කියපු එක පැහැදිලි කර කර නාථ දෙයියන්ගෙන් සාත්තරයක් අහනවා. නාථ දෙවියන්ගෙ සාත්තරයක් අහල තමයි චන්න ජයසුමන මහත්මයා කිව්ව එකත් පැහැදිලි කරගන්න වෙන්නේ.

ෙසෟඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වරයා කියනවා නෑ අපි නම් උපදෙස් දුන්නේ නැහැ කියලා. බලන්න රට කඩන් වැටිලා තියන තැන. මෙහෙම ලෝකේ මේ විදියට මෙන්න මේ වගේ ලෙඩක් එක්ක මනුස්ස ජීවිත හිලව් කරන, මනුස්ස ජීවිත නිකන් පල්ලෙහාට ඇද දාලා, මනුස්ස ජීවිත විනාසයට ඇදලා දාන්න තමන්ට ඕන විදිහට සංදර්ශන පවත්වන ආණ්ඩුවක් ලෝකේ ඉන්නවනම් ඒ මේ පජාත ආණ්ඩුව තමයි. මේ ආණ්ඩුව ඉන්නකන් නම් මේ රෝගය හොඳ කරගන්න බෑ. ඒ නිසා අවසාන වශයෙන් අර රෝහිත අබේගුණවර්ධන මහත්මයා ඒකත් කියලම ඉවර කරන්න ඕනේ. එයා කියනවා මාධ්‍ය කතා කරනවා මේ නැව ගිලුනත් මේ නැව මුහුදු පතුලට ගියත් මේකෙන් අපි වන්දිය අරගෙන මේක අපි කොහොමහරි පියවගන්න කියලා .නැව ගිලුනත් බෑන් චුන් කියන එක අපි දන්නවා රෝහිත අබේගුණවර්ධන මහත්මයාට. හැබැයි මහත්තයෝ මේ ලැබෙන ඩොලර් මිලියන හාරසිය ,පන්සීයට  රටේ පරිසරය මේ රටේ සමුද්‍රය හිලව් කරන්න එපා. අඩුම තරමේ සත්තුන්ටවත් තියන හෘද සාක්ෂිය තමුන්ලා තියාගන්නවා .මේකට මේ උපාධි ඕනෙත් නෑ ,ඉස්කෝලේ නොගිය පොඩි එකෙක් උනත් දන්නවා දැන් ඒ අවට අපේ සමුද්‍රයට වෙලා තියෙන හානිය .ඒක මේ dollar මිලියන හාරසීය පන්සියයෙන් පියව ගන්න බැහැ කියලා පොඩි එකෙක් උනත් දන්නවා.


සතා සිවුපාවාට පවා පරිසරය වෙනස්කම් දැනෙනවා . ඒ තරම් පරිසරය ගැන සංවේදී. මේ මුන් දේශපාලනඥයෝ ද මනුස්සයො ද .මනුස්සයෙක් නම් තියෙන්න ඕන හෘදසාක්ෂියක් .මේ ආණ්ඩුවේ ඉන්නේ ගන්දබ්බයො. උන්ට හදවතක් නෑ. අපිට සල්ලි ලැබෙනවා නම් හරි. හරියට මේක නිකං කොම්පැනියක් කරගෙන යනවා වගේ. ඉතින් මේ ආණ්ඩුව ගෝඨාභය මහත්තයාගේ ආණ්ඩුව කොම්පැනියක් වගේ .චීනෙත් එහෙම තමයි. ඒගොල්ලො කියන්නේ රාජ්‍ය corporate එකක් කියලා. ඒක රාජ්‍ය කොම්පැනියක්. මොකද එක බලන්න ලාභය .ලබා ගැනීම සඳහා වැඩ කරන එක තමයි රාජ්‍ය සහ පුරවැසියාගේ වැඩේ. දැන් මේ ආණ්ඩුවත් එහෙමයි .ආණ්ඩුවක් හිතන්නෙ මොක නැති උනත් ලාභය තියෙන්න ඕනේ.   කාගේ ආර්ථිකයද ?මිනිස්සු මැරුනට පස්සේ ආර්ථිකය ඇති මොන රෙද්දකට ද ආර්ථිකය මිනිස්සු මැරිලා. මිනිස්සු ජීවත් කරවන්න බලන්න ඕනේ  .ඒක ගැන කතා කරන්නේ නැ.

අපි දැක්කා ජනාධිපතිතුමා කියන්නේ ආර්ථිකය පවත්වා ගෙන යන්න ඕන අත්‍යවශ්‍ය ආර්ථිකයයි කියලා. ආර්ථිකය පවත්වා ගෙන යන්නේ මොකාටද ,ආර්ථිකය චීනාට ද ,මේක නිකං කොම්පැනියක් වගේ පවත්වාගෙන යනවා. මේගොල්ලෝ හරියටම කරන දේ මම කලින් කිව්වා වගේ ඒ කොම්පැණිය කරන්නෙත් ලාභ හොයන එක .ඒ වගේ මේක විකුණ විකුණ යනවා. ඕක තමයි වැඩපිළිවෙළ ආණ්ඩුවේ .එතකොට මැති ඇමතිවරුන් නිකන් කොම්පැණිය share holders ල වගේ උන්ට කැමති ඒවා කඩාගෙන යනවා. වැක්සීන් එක ආවහම කඩාගෙන යනවා ටිකක්. ඉතිං ඒ වගේ තත්වෙකට ඇදවැටිලා තියෙන්නේ. අවසාන වශයෙනුත් කියන්නේ මේ ආණ්ඩුව ආරක්ෂා වෙන්නේ corona වෙන් ඒ නිසා මේ corona ම ආණ්ඩුව අවසන් කරන්නේ නෑ .මොකද කොරොනාව අවසන් කලොත් මේ ආණ්ඩුව අවසානයේ ඒකයි. දැන් මේ ආණ්ඩුවට විරුද්ධව පොඩි එවුනුත් පාරට බැහැලා මේ ආණ්ඩුව එලවනවා .ඒක නිසා මම හිතන්නේ මේක බොහොම පැහැදිලියි. අද අපිට පේනවා කොහොමද මිනිස්සු ප්‍රතිචාර දක්වන විදිහ කියලා. අපි එදා දැක්කා ඉතිහාසයේ අෙප් තරුණ කාලේ දැක්කා අර ටයිටැනික් චිත්‍රපටය හා සමානවම දැන් තරුණයන් කියනවා gotanic කියන චිත්‍රපටය ඉස්සරහට පෙන්නන්න පුළුවන් වෙයි කියලා .තරුණයෝ කියන්නේ එකයි ටයිටැනික් ඉවර වුණා දැන් ඉස්සරහට gotanic ඉස්සරහට එන්නෙ කියලා.