ආණ්ඩුව පසුගිය 28 වැනිදා වනවිට රුපියල් බිලියන 1128ක් (1,128,000,000,000) ඉක්මවා මුදල් අච්චු ගසා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා මාධ්‍ය හමුවකතදී පැවසීය. ඔහු කියූ සම්පූර්ණ විස්තරය පහතින්
"මේ ආණ්ඩුව පසුගිය ජුනි 28 වැනිදා වනවිට රුපියල් ට්‍රිලියනය ඉක්මවලා මුදල් අච්චු ගහලා තිබෙනවා. ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්ව දින 592ක් ගත වනවිට සමස්තයක් ලෙස රුපියල් 1,128,000,000,000ක මුදල් අච්චු ගහලා තිබෙනවා. මේකේ තිබෙන භයානක තත්වය යහපාලන රජය 2019ට අච්චු ගැහුවේ බිලිනය 29යි. ඒත් මේ මාස ගාණට අඩු ගහලා තිබෙනව බිලියන 1,128ක්. ඒක හරියටම ආණ්ඩුවේ වාර්ෂික ආදායමට සමානයි. මේක සම්පුර්ණයෙන්ම මූල්‍ය විනයක්.
පාලනයක් නැතිව, සිම්බාබ්වේ වගේ මුදල අගයක් නැති වෙනවා මේ විදියට රජයේ වියදම් සියල්ල මුදල් අච්චු ගගහා පියවන්න ගියොත්. දැනටම මේ බඩු මිල අහස උසට නැගලා තිබෙන්නේ, ආණ්ඩුව නම් කියන්නේ 10%කින් ඉහළ ගියා කියලා. නමුත් පාරට බැස්සම් තේරෙනවා කීයකින් ඉහළ ගිහින්ද කියලා. දැන් ඩොලර් නෑ. ඒ නිසා පිටරටින් බඩු ගෙන්වන්න විදියක් නැහැ, ඇත්ත කතාව ඒකයි. නැතුව මේ කාබනික පොහොර වන්ගේ ප්‍රශ්නයක් හෝ වෙනත් ප්‍රශ්නයක් නිසා නෙවෙයි.
තෙල් බිල ගෙවාගන්න විදියක් නැහැ. ඉතින් ආණ්ඩුව බලන්නේ රටේ වටිනාම සම්පත්, ගොඩනැගිලි ටික විකුණලා මුදල් සොයා ගන්න. නැත්නම් ඉතින් රටේ ගුවන් හමුදා මූලස්ථානය, නාවික හමුදා මූලස්ථානය, පොලිස් මූලස්ථානය, විදේශ අමාත්‍යාංශය විකුණයිද වෙන ආණ්ඩුවක්. ඒ අනුව රාජපක්ෂවරුන්ට පොදුවේ මේකට වැඩපිළිවෙළක් නැහැ. රට ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් දෙකෙන්ම බංකොළොත් කිරිම තමයි මේ සිදු කරගෙන යන්නේ. මේක මේ යුද්ධය පෙන්න පෙන්න අතීත කතා කියලා හරියන්නේ නැහැ. යුද්ධය කරපු හැටි අපි හොඳට දන්නවා. මේකෙන් අන්තිමට වෙන්නේ භාණ්ඩ මිල ඉහළ යන එක. පඩි ගෙවන්න සල්ලි නෑ. පැන්ෂන් ගෙවන්න සල්ලි නෑ. සමෘධියට සල්ලි නෑ.
මේකට ප්‍රධාන හේත්තුව ගෝඨාභය. රාජපක්ෂ මහතා බලයට පත්වෙලා 2019 දෙසැම්බර් 01 වැනිදා ධනපතියන්ට ලබා දුන් බදු සහනය. මේ ආණ්ඩුව කොහොමත් අවුරුදු 05 අවසන් වෙනකන් යන්නෙ නෑ. දැනටමත් ඩොලර්වලින් බංකොළොත් ෂ්නාවෙලා ඉවරයිනේ. ඒ කියන්නේ පුද්ගලික සහ රාජ්‍ය බැංකුවලට ඩොලර් නැති ප්‍රශ්නයක් තිබෙන්නේ. ඊළඟට තිබෙන්නේ මහ බැංකුව ඩොලර්වලින් බංකොළොත් වීම. ඉන්පසුව තිබෙන්නේ රුපියල්වලින් බංකොළොත් වීම.
ඉතින් දැනටමත් රුපියල්වලින් බංකොළොත් වන භාවයක් පෙනෙන්න තිබෙනවා මුදල් අච්චු ගැසීමේ ක්‍රියාවලිය හරහා. මේ ආණ්ඩුවට තිබෙන්නේ තුනයි. පළමුවෙනි එක තමයි උද්දච්චකම. තමන් තීරණයක් ගත්තම ඒකේ හරි වැරැද්ද බලන්නේ නැතිව ක්‍රියාත්ම ක කීම. දෙවැනි එක මෝඩකම. ඒ කියන්නේ ඇත්තටම මේවා ගැන අවබෝධයක් නෑ. තුන්වැනි එක ධන තණ්හාව. හැමදෙයින්ම හම්බ කරන්න හදනවා. ඒ නිසා පැහැදිලිව කියනවා පසුගිය කාලයේ කළා වගේ දේවල් දැන් කරන්න බෑ. එහෙම තත්ත්වයක නෙවෙයි. රට තිබෙන්නේ"
0 Comments