chandimal-court

කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ සාදයක් දැමීම නිසා පොලිස් අත්අඩංගුවට පත්ව දැනට ඇප මත මුදාහැර නිරෝධායනය සඳහා යොමු කර සිටින රූපලාවන්‍ය වේදී චන්දිමාල් ජයසිංහගෙන් පොලිසිය ඉදිරිපිටදී මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්න හා ඔහු ලබාදුන් පිළිතුරු මේ සමග දැක්වේ.
චන්දිමාල් ඇප මත නිදහස්ව සිටි අවස්ථාවේ නිරෝධායනය සඳහා පස්සර බණ්ඩාරවෙල වෙත යවන්නට පොලිසිය කටයුතු කරද්දී නිවසින් අතුරුදන්ව සිටි අතර ඊයේ දහවල් වනතුරු තලවතුගොඩ හේමාස් රෝහලේ රැඳී සිටියේය. පසුව ඔහු එයින් නිදහස් කර පස්සර බලා පිටත් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක දන්වා තිබේ.


මේ සමග පළවන සංවාදය ඇතිවූයේ රියදුරු මාර්ග නීති කඩකිරීමක් සිදුකිරීම සම්බන්ධයෙන් චන්දිමාල්ට පොලිසියට යන්නට සිදුවූ අවස්ථාවේය.

මොකද උනේ දැන් නීතිය අවභාවිතා කළේ ඇයි?
නෑ අපේ මේ ඩ්‍රයිවර් මහත්තයා ඉරක් කපලා ඒකට ඒයාව ඉදිරිපත් කළා.

දැන් එතකොට ඔයාට වෙනම නීතියක් ද තියෙන්නේ ?රටෙන් නිරෝධායන නීති නැද්ද?
නෑ එහෙම නීතියක් තියෙනවා නං ඉතින් පොලිසියට ඒන්නෙ නෑනෙ නේද?

එතකොට මේ වගේ උත්සව පවත්වන්න ඔයාට වෙනම නීතියක් තියෙනවද
නෑ උත්සවයක් එහෙම පැවැත්වුවේ නෑනේ..

එතකොට මේ උපන්දින සාදයක් කරේ කවුද?
නෑ එහෙම නෑ. අපි කාමරයක් අරගෙන හිටියා.

ඒකට තිස් දෙනෙක් විතර සහභාගි වෙලා තියෙනවා කියලා කියනවා?

නෑ ඕගොල්ලන්ට අද බලාගන්න පුළුවන් තිස් දෙනෙක් සහභාගි වුණාද නැද්ද කියන එක. ඕගොල්ලො එක්ක මට කිසිම තරහක් නෑ. ඕගොල්ල මාධ්‍ය සංදර්ශනය කරල ඕන දෙයක් ඔයාලට ලබාගන්න පුළුවන් .මම කුඩු විකුණලා නැහැ, මිනී මරලා නැහැ.

දේශපාලන කාගේ හයියට ද ඔබතුමාලා මේවා කරේ ?
පාලන හයියක් තියෙනවා නං අපි උසාවියට යන්නෙත් නෑ .මෙහෙම පොලිසියට ඒන්නෙත් නැහැ. එහෙම බොරු දේවල් භාවිතා කරන්න එපා.

දැන් පාරේ එතකොට සාමාන්‍ය මනුස්සයෙක්ට එනකොටත් අල්ලනවා නම් ඔබතුමන්ලා කොහොමද හොරෙන් ආවෙ?

නෑ එහෙම ආවේ නෑ. අපි නීතියට ඕන වෙලාවක ගරු කරනවා .නීතියට ඕනෑම වෙලාවක යටත් වෙනවා.

කාගේ හයියෙන්ද ඔබතුමාලා ආවෙ කියන්නකො?

කාගෙවත් හයියක් නැහැ ඉතින් අයියා ඇති ඒත් මට හයියක් නැහැ

ඒ නං ඉතින් පාරේ සාමාන්‍ය මනුස්සයෙක්ටත් යන්න බැරුව බතුමන්ලා කොහොමද ඔච්චර ප්‍රමාණයක් ඒන්නෙ?
මම යනවා බුදු සරණයි හැමෝටම.



--------------------------------
රියදුරු

මොකද ඔයාට ඇප හම්බුනාද?

මාව arrest කරේ නෑ.  මොකද මගේ කහ ඉර කැපෙන එකක් විතරයිනේ arrest කිරිමක් මුකුත් වුනේ නැහැ. ඉතින් කහ ඉර කැපෙන එක මාර්ග නීතිය අනුව වැරැද්දක් .ඒකට ඉතිං උසාවිය විසින් මට දඩයක් දෙයි.

දැන් ඔය උසාවියට ද යන්නේ
ඔව්

දැන් මේ ඕගොල්ලොන්ට අලුත් නීතියක් ද එක රටක්, එක නීතියක් කියලා තිබ්බට ඕගොල්ලොන්ට වෙනම නීතියක් ද තියෙන්නෙ?

සාමාන්‍යයෙන් අපේ වාහන ඩ්‍රයිවර්ලා වාහන එලවන කොට ඉතිං කහ ඉර කැපෙනවා, සුදු ඉර කැපෙනවා. ඔයාලත් වාහන එලවනවනම් දන්නවා ඇතිනෙ. ඕගොල්ලන්ගේ අතිනුත් කැපෙන ඇතිනේ, දඩකොල කනවා ඇති නේ.