මාර්ග නීති කිහිපයක් උල්ලංඝනය කළ වීඩියෝවක් ප්රසිද්ධවූ පසු රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහගේ රියදුරු මාර්ග නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබෙයි.
පසුගියදා නිරෝධායන නීති කඩමින් සාදයක් පැවැත්වීම නිසා උසාවියට ඉදිරිපත් කළ චන්දිමාල් හා පියුමි උසාවි කටයුතු අවසන්වී පිටත්ව යද්දී වාහනයට නංවාගැනීමෙන් පසු උසාවිය ඉදිරිපිට සුදු ඉරි සහිත ස්ථානයක යූ ටර්න් එකක් ගැසීම හා ඉන් ටික දුරක් ගොස් ඔවුනගේ නීතීඥයෙකු වාහනයට නංවාගැනීම පිණිස වාහන නැවතීම තහනම් යයි පුවරුවද සඳහන් වූ තැනක අනෙක් අයට අවහිර වනසේ තනි ඉර සහිත පටු මාර්ගය වාහනය නවතාගෙන සිටීම දැක්වෙන වීඩියෝව සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරය වීමෙන් පසු මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
තොරතුරු ඔස්සේ විමර්ශන සිදු කර රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු අද (02) අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේ රු 12,500ක දඩ මුදලක් නියම කර තිබේ.
0 Comments