chandimal-jayasinghe-speaks

දැනට බණ්ඩාරවෙල ප්‍රදේශයේ නිරෝධායනය වෙමින් සිටින රුපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ මීට සතියකට පමණ පෙර වීඩියෝ සාකච්ඡාවකදී දැක්වූ අදහස් පහත පළවේ


ආයුබෝවන්...ලක්ෂ ගනන් දීලා birth day party එකක් කරන්නෙ ලෝකෙට මවා පාන්නද...?
                     ''නෑ ඉතිං මට ලෝකෙට මවාපාන්න party එකක්ම කරන්න ඕන නෑ...මවා පානවනම් මට ඕන තරම් දේවල් කරලා මවාපාන්න පුළුවන්...ඒක මගේ සතුට...මිනිස්සු ඕකම තමයි අල්ලගෙන තියෙන්නේ...මාව මිනිස්සු දැනගන්නේ මේ හරහා...ඒ නිසා හැමෝටම මේක මතකයි...මම ජීවිතේ කොහොමත් සතුටින් ඉන්න කෙනෙක් සහ මිනිස්සු සතුටින් ඉන්නවා දකින්න කැමති කෙනෙක්...ඉතිං ඒක බලලා ඕන කෙනෙක්ට බනින්න පුළුවන්,විදින්න පුළුවන්,ඒක ඒ අයට අයිති දෙයක් ඒක මගේ ජීවිතේ එක දවසක් විතරයි ඒක සාමාන්‍ය දෙයක් මට....''
●ඔබෙන් අහන දෙ තමයි මේ සල්ලි තියෙන,කොටට අඳින,සුරූපී නිළියන්ට වියදම් කරන සල්ලි ඇය බැරි දුප්පත් මිනිහෙක්ට වියදම් කරන්න කියලා...?
                      ''කවුද කියන්නේ මම ඒ අයට වියදම් කරනවා කියලා...ඒක මිනිස්සු හදාගත්ත දෙයක්...මට party එකකට invite කරන්න පුළුවන් හැබැයි එන්න ඕන ඇඳුම දීලා,එන්න ඕන විදිහට කියලා,හැසිරෙන්න ඕන විදිහට කියන්න මට බෑනේ...ඒක ඒ අයට අයිති දෙයක්...ඇයි ජනප්‍රිය පුද්ගලයන්ට නටන්න බැරිද..

තමන් කැමති ඇඳුමක් අඳින්න බැරිද,සතුටු වෙන්න බැරිද,ජනප්‍රියත්වය මම හිතනවා දැන් සතුට කියන දේට බාධාවක් මගේ ජීවිතේ 2018 ට කලින් මම බොහොම නිදහසේ ජීවත් වෙච්ච කෙනෙක්.මම මොනදේ කරත් කවුරුත් දන්නේත් නෑ...ඊට අවුරුදු ගානකට කලිනුත් මම ඕන තරම් සතුටු වෙලා තියෙනවා.party දාලා ඕන තරම් ජීවිතේ විදපු කෙනෙක් හැබැයි මම හිතන්නේ සමාජ මාධ්‍ය ඉදිරියට ඒමත් එක්ක මම හිතන්නේ 2018 royal party එකෙන් තමයි මාව මිනිස්සු දැනගන්නේ...යම් යම් දේවල් අල්ලගෙන හැබැයි ඒකේ ඇතුලේ කාගෙවත් වැරදි විදිහට හැසිරීමක් මම දැක්කේ නෑ...ඉතිං අපි සතුටු වෙලා ගෙදර ගිහින් නිදිය ගත්තා ඒත් අනිත් අය තාම ඒ party එක දානවා ඉතිං ඒකට මට කරන්න දෙයක් නෑ...''


●අපි ප්‍රසිද්ධ පුද්ගලයන් දකිනවනේ ඔවුන් තමන්ගේ ජීවිතේ යම් අඩියක් තියලා ඉස්සරහට එනකොට අමතක කරන ප්‍රධාන දේ තමයි තමන්ගේ අම්මයි තාත්තයි...හැබැයි ඔබ රැජිණක් වගේ හැමවෙලේම ඉස්මතු කරනවා තමන්ගේ අම්මව.හේතුව.?
                     ''හේතුව වගේ ජීවිතේ ඕනම කෙනෙක්ගේ ජීවිතේ ළඟම කෙනා තමයි තමන්ගේ අම්මා හෝ තාත්තා.මගේ අම්ම විතරයි මං ගාව දැන් ඉන්නේ මගේ තාත්තා දැන් ජීවතුන් අතර නෑ.ඒ අය මාව හදන්න ගොඩක් දුක් වින්ද කියන එක සහ සමහර දෙමව්පියන්ගෙන් දකින දේවල් මම කවදාවත් මගේ අම්මා තාත්තගෙන් දැකලා නෑ...වැරදි දේවල්,වැරදි හැසීරීමක්,සමාජයට වෛයිර කරන එක ලොකු දේවල් ඒ අයට ඕන උනේ නෑ...ඒ අයට ඕන උනේ ගෙදර තාප්පෙ බඳින්න...අක්කගේ wedding එක ගන්න,එයාට දෑවැද්ද හදන්න මේ වගේ පොඩි හීන ඒ අයට තිබ්බේ.ගෙදරට පුටු ගන්න,ගේට්ටු දාන්න,මේ වගේ පොඩි දේවල් ඒ අයට ඕන උනේ.වාහන ගන්න,රටවල් වල යන්න, වගේ හීන ඒ අයට තිබ්බේ නෑ....

ඒ අය ඒජීවිතේ විදින්නේ නැතුව මට අක්කට අඳින්න පළඳින්න ඒ හැමදේම දුන්නා..දෙමව්පියො දුක්වින්දත් පොඩිකාලේ ඉදලා මම දුක් වින්දෙ නැති කෙනෙක් මම දුක් වින්දනම් වින්දේ මම කරන මේ වෘත්තියෙදි විතරයි මොකද මම අවුරුදු 20 ක් විතර ක්ෂේත්‍රයේ පළවෙනි අඩිය තියලා මේ වෙනකල් ඒ විදිහට දුක් වින්දේ මම මං වෙනුවෙන්...ඒ නිසා මට කියන්න බෑ මගේ දෙමව්පියන් මට දුක් දුන්නා,පොඩිකාලේ ඉදලා දුක් වින්දා මගේ දෙමව්පියො දුක් වින්දට ඒ අය මට දුකක් දුනනේ නෑ...ඉතිං ඒ දේ මට කවදාවත් අමතක නරන්න බෑ...එහෙම අමතක කලොත් මම හිතන්නේ මට කවදාවත් හරියන්නෙත් නෑ කියන එක මම දකින්නේ...

ඒ දේ අමතක නොකර මම මගේ අම්මා තාත්තා ජීවත් වෙලා ඉන්නකල් සහ මගේ සහෝදරි එක්ක ඒ අයගේ ජීවිත විදින්න ඒ අයට විදින්න බැරි දේවල් විදින්න දුන්න මිසක් මේ මිනිස්සු කියන විදිහට ලෝකෙට පේන්නවත්,සමාජයට පේන්නවත් මේ කියන කිසිම දෙයක් නිසා නෙවෙයි මම මේ තැනට ආවේ...ආදරේ නිසා සහ කවද හරි ඒ අය මගේ ළඟ නැති වෙච්ච කාලෙක මට දුක් නොවෙන්න,මම ජීවත් වෙනකාලේ රජ උනොත් ඒකට එක හිතින් සතුටු වෙනඑකම කෙනා අම්මා...ඒ දේ නැති වෙච්ච කාලෙක මම මේ රටේ ජනාධිපති උනත් මට වැඩක් නැති වෙයි.මේ ලෝකේ මොන දේ ලැබුනත් මට වැඩක් නැති වෙයි මොකද ඒ දේට හදවතින්ම සතුටු වෙන්න කෙනෙක් නැති වෙයි....

ඒ නිසා තමයි අම්මා එක්ක යන්න පුළුවන් උපරිම තැනට යනවා...පුංචි කාලේ අපි නිදියගෙන ඉද්දි ඒ අය නැගිටගෙන වැඩ කරපු හැටි මට මතකයි අපේ ගෙදර බෝඩිමකට දීලා අපි ඔක්කොම නිදාගන්නෙ බිම...අපි මේ ගත කරන කිසි දෙයක් විදින්නේ නැතුව එයාලා ජීවිතේ ගත කලා.මගේ තාත්තා කවදාවත් රටකට ගිහින් නෑ මගේ අම්මාව මට එක්කන් යන්නපුළුවන් උනා ඒ හැම තැනනට මොකද තාත්තා නැති වෙද්දි ඒ දේවල් වලට ශක්තියක් තිබ්බේ නෑ...ජීවිතේ කවදාවත් මතක් කරලා දුක්වෙන දරුවෙක් වෙන්නේ නැ මම.මම හැමොටම කියන්නේ දෙමව්පියන්ට සලකන්න එක තරම දරුවෙක්ට ලැබීමක් මෙ ලොකේ මේ හොයන ආදරේකින්වත්,සමාජේ හොයන තත්වයකින්වත් අපිට ලැබෙන්නේ නෑ...දෙවියන් බුදුන්ගෙන් ලැබෙන ආශිර්වාදයට වඩා බලයක් දෙමව්පියන්ගෙ ආශිර්වාදයේ ලොකු ශක්තියක් බලයක් තියෙනවා කියලා විශ්වාස කරනවා...ඒක ගන්න කියන එක විතරයි මට කියන්න තියෙන්නේ..මගේ ජීවිතේට මේ හැමදේම ලැබෙන්න ඇත්තේ ඒ නිසයි...''
●අම්මට ආදරෙයිද..?
                          " අනිවාර්යෙන්...අම්මා ඉස්සරහට එන්නේ නෑ මමයි එක්කන් එන්නේ...අම්මා ගොඩක් නිහඬ චරිතයක් මොන දේ කරත් කාටවත් බනින්නේ නෑ...මට උනත් මොන දේ කවුරු කලත් මම ඒ කෙනාට බනින්නේ නෑ...මට මොනදේ තිබුනත් මගේ වාහනේටවත් ඇවිත් නගින කෙනෙක් නෙවෙයි.මම කොහේ යනවා කිව්වත් පස්සෙන් එන්න හොයන කෙනෙක් නෙවෙයි...අරක්කු ටිකක් සිගරට් එකක්බොන්නේ නැතුව මම හිතන්නේ අවුරුදු  36 ක් වෙලත් මම ජීවත් වෙන්නේ මගේ ගෙදර මගේ කාබරේ දොරක්වත් නැතුව...ඉස්කෝලෙට කවදාවත් මම මගේ දෙමව්පයන්ව ගෙන්වලා නෑ...

ඔයාගේ දරුවා මේ වගේ කෙනෙක් කියලා අහන්න මේ වැරැද්ද කලා කියලා අහන්න මම ඒ කන් දෙකට දීලා නෑ...එහෙම දරුවෙක්ට තමයි මේ සමාජේ බනින්නේ මම දන්නේ නෑ ඇයි කියලා...මට හරි දුකක් තියෙනවා මම බොහොම අමාරුවෙන් මෙතනට ආපුකෙනෙක් මම මොනාහරි කලෝත් එක්කෝ income tax එකට එන්න කියනවා,නැත්තම් මගේ ඇඳපු ඇඳුමක් අල්ලගෙන පුළුවන් තරම් මඩ ගහනවා,නැත්තම් මාව නීතිය ඉදිරියට ගේන්න උත්සහ කරනවා,මට මේ වෙද්දි ආදරයක් හෝ කිසිම සම්බන්ධයක් මගේ ජීවිතේ මම හදාගෙන නෑ...ඒ හැමදේම තියෙද්දි මේ හැමදේටම මම තනියම මූණ දෙනවා...මම මේ අවුරුදු තිස් ගානට මම රජයකින් කිසිම දෙයක් ලබාගෙන නෑ...

ඉතිං මම අහන්නේ මොකක්ද මම කරපු වැරැද්ද...මේ රටේ ජනාධිපතිවරයත් පියෙක්,රටේ අගමැතිවරයා පියෙක්,මේ රටේ බලයේ ඉන්න හැමෝම තාත්තලා හැබැයි මට තාත්තා කෙනෙක් නෑ එහෙම තාත්තකෙනෙක් නැතුව ජීවිතේ ගොඩනගාගෙන....සමහර දේවල් වලට මූණ දෙද්දි මගේ ගෙදර අයට ඒ දේවල් තේරෙන්නේ නෑ...මම ඒ දේවල් වලට තනියම මූණ දෙනවා මොකද මම දන්නවා මම කවදාවත් වැරැද්දක් කරලා නෑ...මේ රටටවත්,මේ සමාජයටවත් හිතලා...මගේ රට වෙනුවෙන් කරන්න පුළුවන් මොනාහරි දෙයක් මම හොයල කරලා තියෙනවා...ක්ෂේත්‍රය පැත්තෙන් මට කරන්න පුළුවන් දේමම හොයලා කරලා තියෙනවා...මේ රටේ ඉන්න සමහරක්  තාත්තලාගේ දරුවෝ සැපසම්පත් තියාගෙන රස්සාවක් නොකර ඒ අය ගැන හොයන්න කවුරුත් නෑ...හැම දේකටම මූණ දීගෙන මෙච්ච දුරක් එන එක ලේසි වැඩක් නෙවෙයි...

මට හරිම කලකිරීමක් තියෙනවා මාගේ රටේ ඇයි මේ වගේ කියලා මම දැකලා තියෙනවා පිටරට වල මිනිස්සු ජීවිතේ විදින හැටි ඒ රටවල් වල රජයෙන් හෝ වෙනත් ආයතන වලින් ඒ අයට දෙන ශක්තිය මම දැකලා තියෙනවා...මගේ උප්පැන්නෙ ඉදලා identicard එකේ ඉදලා මම විවාහ උනොත් විවාහ සහතිකේ ඉදලා,මම මැරෙනකොට ගන්න ඕන මරණ සහතිකේ වෙනකල් මම ගන්න ඕන සල්ලි දීලා...අපි ඉස්පිරතාලෙකට ගියොත් එතනට ගෙවන්න ඕන අපි...ඒ හැමදේටම මූණ දීගෙන ජීවත් වෙන්න ඕන ජීවිතයක් ලංකාවේ තියෙන්නේ...එහෙම අමාරු ජීවිතයක් ගත කරන අපිට හැමදෙකදිම මහා කලකිරීමක් තියෙනවා මොනදේ කරත්...ඊයෙ පෙරේදා මගෙ beauty pageant එකක් තිබ්බා ඒකේ එල්ල වෙච්ච චෝදනා ආවා....''


●ඒකේ මොකක් හරි දේශපාලන බලපෑමක් ආවද...?
                   '' නැහැ ඇත්තටම මම දේශපාලඥයෝ කියලා කාවවත් ආශ්‍රය කරන කෙනෙක් නෙවෙයි...හැබැයි මට ඔවුන් ගැන කිසිම වෛයිරයක් නෑ...මේ රට පාලනේ කරන්න අපිට බෑනේ..ඒ අය රටේ මිනිස්සු තෝරලා යවන අයනේ ඉතිං ඒ අයට අපි ගරු කරන්න ඕන සහ ඒ අය අපේ පාලකයෝ විදිහට පිළිගන්න ඕන...ඔවුන්ට මමගරු කරලා ඒකට ආරාධනා කලා ඇරෙන්න ඒ ආරාධනා කලේ මම දේශපාලඥයන්ගේ බිරින්දෑවරුන්ට පමණයි.එහෙම තියෙද්දි මට බලපෑම් කරනවා මම දේශපාලන බලපෑම වලට යටත් උනා,මම මුදල් වලට යටත් උනා, කියලා..ලොකු දුකක් තියෙනවා අවුරුදු 20ක් තනියම මේ ගමන ඇවිත් මම කාටවත් යටත් වෙනකෙනෙක් නෙවෙයි ඕගොල්ලෝ හිතනවද මම දේශපාලඥයෙක්ට හෝ සල්ලි වලට යට වෙයි කියලා...

එහෙම වෙලා තියෙනවනම් ඒක ඔප්පු කරන් ඕන...කටින් ඕනමකෙනෙක්ට කියන්නපුළුවන් මේ දේ මෙහෙමයි මෙහෙමයි කියලා...ඒ වගේ මොන දේ කරත් බලන්නේ වට්ටන්න...මම දන්නේ නෑ ඒකට හේතුව මොකක්ද කියනඑක...වැටෙන්නේ නැතුව යන්න පුළුවන් උපරිම දුර යනවා...මොකද මම දන්නාව උසාවියකවත් පොලිසියකවත් කිසිම චෝදනාවක් නැති පුද්ගලයෙක්...ඉස්සරහටත් මටකරන්න පුළුවන් දේ මම කරනවා..මම එහෙම ලොකු සංවිධාන ශක්තියක් තියෙන කෙනෙක් නෙවෙයි සමහරු හිතනවා ඇති මට අර team එක ඇති මේ team එක ඇති කියලා මට මගේ අතේ ඇඟිලි ගානටවත් යාළුවෝ නැති තරම්...මම night club යන බොන චරිතයකුත් නෙවෙයි...මගේ රැකියාව කරලා මම උපරිමයෙන් බලන්නේ මම ගෙදර ඉන්න...

මට wedding වලට invite කරත් මම යනකෙනෙක් නෙවෙයි...මම උනත් මේ හැමදේම කරන්නේ සතුටින් ඉන්න හැබැයි මමකියන්න ඕන හතර පස් දෙනෙක් බැන්නට මේ රටේ ගොඩක් පිරිසක් මාත් එක්ක එකතු වෙලා ඉන්නවා.සමාජ මාධ්‍ය හරහා මට නරක වගේම හොදත් උනා...ඕනම තැනකට ගියාම මට උදව් කරනවා ඕනම කෙනෙක් මාව දන්නවා..මට මඩ ගහනවනම් ගහන්නේ ගොඩක්ම fake accounts වලින්...මූණටකියන්න බැරි දේ තමයි ඒ කියන්නේ සමහර විට මාත් එක්ක එකට ඉන්න කෙනෙක් fake accounts එකක් හදගෙන ඒ දේ කරනවා වෙන්නත් පුළුවන්...මම කවදාවත් මට මොන මඩ ගැහුවත් මේක අයින් කරන්න කියලා කියන්නේ නෑ ගිහින්...මොකද මට ඒක වැඩක්නෑ...''
●ඔබට ගොඩක්ම තරහකාරයන් ඉන්නේ කවුද..?
                 ''මාව දන්න මිනිස්සු සහ මගේ ක්ෂේත්‍රයේ පුද්ගලයන්...මම ඒක හොදටම දන්න දෙයක් මොකද ඔවුන්ට මේ ක්ෂේත්‍රයේ යන්න බැරි දුරක් මුදල් වියදම් කරලා නෙවෙයි මම මේ තැනට ආවේ මම මගේ වෘත්තිය tv එකක advertisement එකක්වත් දාන පුද්ගලයෙක් නෙවෙයි...magazine එකක advertisement එකක් දාන කෙනෙක් නෙවෙයි...මම මගේ වෘත්තිය කරන්නේ බැඳීමක් එක්ක..එක පවුලකින් මම wedding එකක් කලාම ඒ මුළු පරම්පරාවගෙම wedding කරන මානුෂීය බැඳීමක්...ඒක මුල් කරගෙන තමයි මම මගේ වෘත්තිය කරන්නේ...මට අංක එක මගේ වෘත්තිය මම මගෙ රස්සාවට හරිම ආදරෙයි...මම හම්බකරන්නේමගේ රස්සාවෙන්...world pageant එක ලංකාවට කරන්නේ ලංකාවට විදේශ විනිමය ගේන්න ඒක කරන්න බලාපොරොත්තු වෙන්නේ හම්බ කරන්න නෙවෙයි...මිනිස්සු ඉන්න මතේ මම නෑ මම හම්බකරන්නේ මගේ වෘත්තියෙන් විතරයි.... ''
●රටට දශක තුනහමාරකට විතර පස්සේ හම්බවෙච්ච දෙයක් අපිට නැතිවෙනවා පළමුවෙන්ම සිත් තැවුල වෙන්න ඕන ඔබට...?
                      ''ඔව් අනිවාර්යෙන්ම....මම හිතන්නේ ඒක නැති වෙන්න ප්‍රධානම හේතුව අපි කලින් කතා කරපු මනුෂ්‍යත්වය නැතිකමා ඊර්ෂියාව,වෛයිරය,තරහා,තමන්ට අවශ්‍ය දේ නොලැබීම මම හිතන එකම දේ ඒක...මට දුකක් තියෙනවා ඒත් මම දුක්වෙන්නේ නෑ දශක කීපයකට පස්සේ මට මගේ රට පළවෙනියා කරන්න මට පුළුවන්කම ලැබුනා...සාධාරණව,හරි විදිහට...කාන්තාවන්ගේ ඇතුලාන්තය මට හදන්න බෑ මට කෙනෙක්ව makeup කරලා ලස්සන කරලා කොණ්ඩෙ හදලා දෙන්න පුළුවන් ඒත් ඒ කෙනාගේ හදවත ලස්සන කරන්න සහ ඒකෙනාගේ ඇතුලාන්තය මට හදන්න බෑ...කෙනෙක්ගේ ජයග්‍රහණයේදි ඇතිවන අසතුට,වෛයිරය,තරහව කියනදේ එක්ක මගේ රටට ඒ දේ නැති උනේ...මම නිසාවත් මගෙ pageant එක නිසාවත් දිනපු ජයග්‍රාහිකාව නිසා නෙවෙයි...ඔවුන්ගේ අසතුට තරහව පිරිමැහීමක් නිසා මගේ රටට ඒ දෙ නැති උනා...

ඒත් මම පුළුවන් තරම් උත්සහ ගත්ත මේ දේ ඉතුරු කරගන්න..මේ දේවල් අපිට සාමාන්‍ය උනාට ඒ රටවල් වල් මේ දේවල දකින්නෙ පුද්ගල හිංසනය,බලහත්කාරයෙන් පැහැරගැනීම ඒවගේ දේවල් දකින්නේ මහ අමානුෂීය විදිහට...ඒ රට සම්බන්ධ වෙනවා ලෝකයේ සියලුම රටවල් එක්ක...ඔවුන් වගකියන්න ඕන හැම රටකම ...මේ ඇතිකරපු තත්වෙ එක්ක national directors ලා මම වගේ අය ඒ  තරඟයෙන් අයින්වෙන්න හදලා තියෙනවා...

ඉතිං ඒක ඔවුන්ට පාඩුවත් ඒ නිසා තමයි ඔවුන් තීරණය කලේ ඇයගෙන් ඒ කිරුළ උදුරගන්න...තමන්තුල අතහැරීම තිබුනනම් තමන්තුල වයිරය තරහව නොතිබුනානම් එයා කරන්න හදපු දේ අන්තිමට එයාටම උනා...එයාට ඕන කලේ ඒ කිරළ ගලවලා දෙවනි ජයග්‍රාහිකාවට ඒ කරුළ පළඳවන්න..දිට්ඨදම්මවේදනීය කර්මය අනුව ඇයට සිද්ධ උනා ඇගේ crown එක දීලා ගෙදර යනන්...හැබැයි මටවත් තේරීපත් වෙච්ච ජයග්‍රාහිකාවටවත් කිසිම දෙයක් උනේ නෑ...විසි දෙනෙක් හිටියා එක්කෙනාටයි දිනන්න පුළුවන් ඒ කෙනාගේ මොනවා හරි දෙයක් සිද්ද උනොත් ඒක කතා කරන්න ඕන stage එක උඩ කෑගහලා නෙවෙයි...අපි මාස 3ක් බොහොම ගෞරවාන්විතව තරඟ පවත්වලා ආවසන් වටයට ගියේ අනිත් තැන් වල විසඳගත්ත විදිහට මෙතනත් විසඳගත්තනම් අද අපේ රටට මේ කිරුළු දෙකම තියෙනවා...''


●බලාපොරොත්තුවක් තියෙනවාද හැම දිස්ත්‍රික්කයකම චන්දිමාල් කියන නම තියන්න...?
             ''එහෙම බලාපොරොත්තුවක් තිබ්බා ඇත්තටම නමුත් රටේ මේ තියෙන ප්‍රශ්න එක්ක අළුත් වැඩක් අපි පටන් ගනිද්දි ඒ දේ ගැන අපි තුන්පාරක්වත් හිතන්න ඕන...මොකද අපි කවදාවත් හිතුවෙ නෑ දෙවනි තුන්වෙනි රැල්ලක් එයි කියලා...ආයතන පවත්වගෙන යන්න ලොකු බලපෑමක් එල්ල වෙලා තියෙනවා..pageant එක උනත් අපි කලේ අමාරුවෙන් මොක sponsors ලා හොයාගන්න අමාරු උනා මේ කාලේ....සල්ලි තියෙන කෙනා නැති කෙනා අද හැමොම එකම මට්ටමකට වැටිලා ඉන්නෙ...අනාගතයක් පිළිබඳ අවිනිශ්චිතයි...මම ගෙදරක් හදන්න හිටියා ඉතිං ඒ හැමදේම ටිකක් නතර කරලා තියෙනවා...අපි හැමොම මඟ නැවතිලා කියලා හිතෙනවා...''
●ආගම දහම විශ්වාස කරනවා...?
                       ''ආගම දහම නිසා තමයි මම හිතන්නේ දැන් කොරෝනා ඇවිත් මටනම් තාම හැඳුනෙත් නෑ...මම ආගම දහම අනුව ජීවත් වෙනවා අපේ රට මේ විදහට ඉතුරුවෙලා තියෙන්නෙත් ඒ නිසා කියලා තමයි මට හිතෙන්නේ...ප්‍රාර්ථනා කරනවා මේක ඉක්මනට ලංකාවෙන් තුරන් වෙලා බොහොම ඉක්මනට රට තිබ්බ වගේම තත්වෙකට ආයිත් එන්න කියලා...''
●ඊළඟට එන ඔබේ උපන් දිනය සමරන්න හිතන් ඉන්නේ කොහොමද....?
                    ''උපන්දින තුනක් පිට පිට ඒ දවසට සමරන්න බැරි උනා...මට වැඩිය මගේ යාළුවෝ බලන් ඉන්න දවසක්...හැමෝම එකට සතුටුවෙන දවසක්...වෙනදානම් පන්සලේ හරි ගෙදර හරි මොනවා හරි කලා මේ නීති එක්ක මොනවාත්ම කරන්න බැරි වෙලා තියෙනවා බලාපොරොත්තු වෙනවා ගෙදර මේ සැරේ CAKE එකක් කපන්න..මොකද PARTY ගන්න නීතියෙන් තහනම්...අපි බලමු මේ සේරම ඉවර උනාම මොනවා හරි දෙයක් කරන්න...''
●ආසන්න අවුරුද්දේ අගම දහමට හරිම ලැදී...හිතේ බලාපොරොත්තුවක් තියෙනවද මහන වෙන්න...?
                           ''නැහැ....ඕනම කෙනෙක් මගෙන අහනදෙයක් ඕක....මට එහෙම මහනවෙනවනම් ලංකාවේ ඕනතරම් පන්සල් තියෙනවා මාව මහන කරගන්න කැමති ස්වාමීන් වහන්සේලා ඕනතරම් ඉන්නවා....හැබැයි මම කියන්නෙ කෙනෙක් ආගමට අනුව ජීවත් වෙන්න සිවුරක් දරන්නම ඕන නෑ...එහෙම දෙයක් කරොත් අපිට යම් දේවල් සමාජයට රටට කරන්න යම් සීමාවල් එනවා...

මම ගිහි පුද්ගලයෙක් විදිහට මේ විදිහටම ඉදගෙන දේවල් කරන්න මට පුළුවන්...ඒ වගෙ නැති උනත් මම ඒ සමීපයෙ ජීවත් වෙන කෙනෙක් කියලා හිතෙනවා...සුරාසූදුවෙන් තොරව,ධාර්මිෂ්ඨව මුදල් හම්බ කරමින්,කිසිම කෙනෙක්ට කරදරයක නොකර ජීවත්වෙන පුද්ගලයෙක් විදිහට මගේ ගෙදර ලොකු බුදු පිළිමයක් තියෙනවා මට ගෙදර පන්සල වගේ මම POST එකක් SHARE කරත් කරන්නේ කටවත් මඩ ගහන ඒවා නෙවෙයි...මේ ක්ෂේත්‍රයේ ඉන්න ගොඩ දෙනෙක්ගේ හිත හදපු කෙනෙක් මම ඒවා ලොකෙට කියන්න යන්නේ නෑ..මම තනියම කතා කරලා සමාජයේ හොද පැත්තට ගනන්න උත්සහ කරනවා...ඒ අයගේ ගෙවල් වලට ඒ අයව ප්‍රෂ්ණයක් නැත්තම් ඒ අයට ප්‍රශ්නයක් නැත්තම් ඇයි අපි ඒ අයව ප්‍රශ්නයක් කරගන්නේ...

ඒ කෙනාට අපහාස කරන්න ගියොත් වෙන්නේ ඒ කෙනා තව තව ඒ දේවල් කරන එක...මට බැන්න කිව්වත් මොන දේ කිව්වත් මම මගේ PARTY නවත්තන්නෙ නෑ...මගේ සතුටවත් මගේ ජීවිතේ විදින එකවත් මමනැවැත්තුවේ නෑ...ඕනම කෙනෙක් හරි වයසට එද්දි ඒ ලැබෙන්න ඕන දේවල් ලබන්න ඕන...එහෙම නැතු උනොත් මම උනත් මේ සමාජයට වයිරකරයි...කෙනෙක් තමන්ගේ හරි වයස එද්දි තමන් සල්ලි හම්බකරගන්න ඕන,තමන්ට ඉන්න තැනක් තියෙන්න ඕන,තමන් කැමති කෑම බීම කන්න ඕන,තමන්කැමති වාහනයක් පදවන්න ඕන,අද මේ තරුණ ජීවිත වලට වෙලා තියෙන්නෙ අම්මගේ තාත්තගේ සල්ලි වලින් RELOAD දාගෙන FACEBOOK එකේ වීරයො වෙන්න හදනවා...

තමන් ඉදගෙන ඉන්න පුටුව,PHONE එක පවා දෙමව්පියන්ගේ සල්ලි වලින් අරගෙන සමාජයට වෛයිර කරමින් ජීවත්වෙනවා...මම වගේ තැනට එන්න නෙවෙයි මම කියන්නෙ තමන්ගේ ජීවිතෙ  ලබන්න පුළුවන් තමන්ට සතුටු වෙන දේවල් ලබාගන්න පුළුවන් මට්ටමකටවත් එන්නපුළුවන් උනොත් මම හිතන්නේ නෑ මිනිස්සු මේ විදිහට සමාජයට වෛයිර කරන එකක් නෑ..මට සමාජයට වෛයිර කරන්න හේතුවක් නැතුව තියෙන්නේ මට මගේ ජීවතේ මට ඕන හැම දේම අඳිනවා පලඳිනවා,කනවා බොනවා යන්නකැමති තැන් වල යනවා මට ප්‍රශ්න නෑ ජීවිතේ...මට මගේ ජීවිතේ මොන දේ තිබුනත් වාහන දෙකයි මම අරගෙන තියෙන්නේ...මම සමාජයට පෙන්නනව නම් ඕනම වාහනයක් පැදලා පින්තූර දාලා පෙන්න පුළුවන්...මම කියන්නේ තමන්ගේ හදවත ඇතුලින් තමන් පොසත්නම් ඒ ඇති...මම අඳින ඇඳුම් සපත්තු branded නෑ එහෙම වෙන්න ඕන තමන්ගේ හිතයි නමයි..ලෝකේ තියෙන brands ඇන්දා කියලා අපි branded වෙන්නෙ නෑ...මම සමාජයේ ඕනම තැනක ඉදලා තියෙනවා කුඩු ගහන තැන් වල පවා මම ඉදලා තියෙනවා...

pils දාන තැන් මේ හැමතැනම හිටය කෙනෙක්...හැබැයි මම කවදාවත් ඒවා පාවිච්චි කරලා නෑ...මේ සමාජය කියනවනම් මනුස්සයෙක්ව නාස්ති කරන්න ඒක බොරු...ඒනම් ඉස්සෙල්ලම නාස්ති වෙන්න ඕන කෙනා චන්දිමාල් ජයසිංහ...කෙනෙක්ට පුළුවන්කියනවනම් කෙනෙක් වසගයට ගන්න වැරදි දේකට පොළඹවගන්න පුළුවන්නම් එහෙම වෙන පළවෙනි කෙනා මම...මම එහෙම උනේ නෑ...මේ සේරටම මුල තමන්ගේ හිත...මිනිස්සුන්ට කියන්නපුළුවන් චන්දිමාල් අකුරු හතරක කෙනෙක්,හැබැයි කාටද ඒක කරන්න පුළුවන්...ඒක දන්නේ මම....මට පුළුවන් royal wedding එකක් අරගෙන ඕන කෙනෙක් බැඳින්න ඇයිමම බැඳලා කාන්තාවක් පෙන්නලා සහතිකයක් පෙන්නලා ලෝකෙට ඔප්පු කරන්න යන්නේ...කාට බයේද....මම පිරිමියෙක් කියලා ඔප්පු කරන්න මම ඇයි කසාද බඳින්නේ...මම ළමයෙක් හදලා පෙන්නන් ඕනත් නෑ...''

●මෙච්චර මිනිස්සු මේ අකුරු හතරකින් මට බනිනවා  හිතට ප්‍රශ්නයක් එන්නේ නැද්ද..?
                          ''මට ලෝකෙට සමාජයට මම පිරිමියෙක් කියලා පෙන්නගන්න අවශ්‍යතාවයක් නෑ...මම දන්නව මම පිරිමියෙක් කියලා එච්චරයි...''



●කොහොමද චන්දිමාල් වගේ කෙනෙක් වෙන්නේ කියලා මේ සමාජයේ ඉන්න අයට කිව්වොත්...?
                        '' චන්දිමාල් වගේ කෙනෙක් වෙන්න් මේ රූපලාවන්‍ය ක්ෂේත්‍රයම තෝරගන්න ඕන නෑ...මමත් මුලින් මේ course කියන හැමදේම කලා...හැම shop එකක්ම දාලා බැලුවා,රට ගිහින් බැලුවා,මේ හැම උත්සහයක්ම ගත්තම මට තේරුණා ඒක මගේ ඇඟ ඇතුලේ නැත්තම් මම ඒ දේවල් කරලා තේරුමක් නෑ එතකොට අපි කොච්චර ඒ දේ ඉගෙනගත්තත් ඒ දේ අපිට පිහිටලා නැත්තම් අපිට ඒ දෙ තුලින් ඉදිරියට යන්න බෑ...මේ දක්ෂතාවය තියාගෙන පිරිමියෙක් වෙන්නඒ පස්සේගියානම් මම මාසෙට 50,60 ගන්න පුටුවක් උඩට වෙලා ඉන්න මනුස්සයෙක් වෙන්න තිබ්බා,වාහනයක් වත් නැතුව,පර්ස් එකේ කීයක් හරි දාගෙන,මමත් සමාජයට වෛයිර කරන මනුස්සයෙක් වෙයි..මගේ වෘත්තිය මොකක්ද මගේ දක්ෂතාවය මොකක්ද කියලා අඳුරගෙන මට යන්න පුළුවන් උපරිම දුර මම ගිහින් තියෙනවා...''

●හිනාවෙච්ච මිනිස්සු නැද්ද..?
                   ''අනිවාර්යෙන්...මේ වෘත්තිය කරද්දි ගෑනු කෙනෙක්ට වගේ නෙවෙයිනේ මේ වෘත්තිය කරද්දි ඕනම කෙනෙක්ට මම කිව්වා නම කියනවනේ...හැබැයි මම ඒවට සැලුනේ නෑ...වෙන වෘත්තීන් කරන අයට වැඩිය මම ඉහලින් ඉන්නවා...ලොකුකමට කියනවා නෙවෙයි මම බොහොම ගෞරවයෙන් ජීවත්වෙනවා...මොකද මම මගේ පෞරුෂත්වය හදාගෙන ඕනම ක්ෂේත්‍රයක ජීවත් වෙන්න පුළුවන්...මගේ ජීවිතේ යන්න ඕන target වලට ගිහින් මගේ ජීවිතේ විදිමින් මම අදහන ආගම දහම අදහමින් මගේ පවුලට රටට යුතුකම් ඉෂ්ඨ කරමින් ජීවත්වෙන තරුණයෙක්...ඉදිරියේද බලනවා කරන්න ඕන දේ...මට ගොඩක් ආරාධනා ලැබෙනවා සමහරදේවල් වලට විශේෂයෙන්ම දේශපාලනයට...තාම මම ඒ තීරණ වල නෑ...

මගේ ක්ෂේත්‍රයෙ මට යන්න තව ගොඩක් දුර තියෙනවා එතනින් පස්සේ මම ජීවිතේ මොකක්ද කරන්නේ කියන තැන ඉන්නවා....අපි බලමු ඉස්සරහට..මේ දෙසැම්බර් වල ලෝක විවාහක රූ රැජින තරඟාවලිය ලංකාවේ පවත්වන්න සියලුම කටයුතු සූදානම්...ඒක තියෙන්න තිබ්බේ අගෝස්තු හැබැයි මේ තත්වය එක්ක අගෝස්තු වලඒක තියන්න බැරිවෙයි...පළඳු වෙච්ච දේවල් මැකෙයි අපේ රටේ මිනිස්සු එහෙම නෑ කියන එක පෙන්වන්න ඕන....එකට විශේෂයෙන් අපේ අය වගකියන්න ඕන..මොකද අපේ කැමරා හරහනේ ඒක ලෝකෙට ගියේ...අපේ අයටත් වගකීමක් තිබ්බා ඒ දේවල් ලොකෙට යවන්නේ නැතුව අපේ රටේම විසදගන්න...

අපේ අය හිතන්නේ නෑ මේ යන්නේ ලෝකෙට ලංකාව කියන එක...පුද්ගල මානසිකත්වය එක්ක තමයි අපේ රටේ මිනිස්සු ජීවත් වෙන්නේ...එක රටක් එක ජාතියක එහෙම හැඟීමක්නෑ...අපේ කියන එක නෑ...එහෙම දෙයක් තිබ්බනම් මේ දේ ලෝකෙට ගිහින් අපේ මේ crown එක නැතිවෙන්නෙත් නෑ...විනිශ්චය මණ්ඩලයට ගරුකලානම් මේ කිසි දෙයක් අද වෙන්නේ නෑ....කෙනෙක්ව ලස්සන කලාට මට ඒ කෙනාගේ ඇතුල ලස්සන කරන්නබෑ.....'' 

 සාකච්ඡාව - KONARA VLOG