colombo-stickers-vehicle

වර්ණ එකොළහකින් යුත් ස්ටිකර් ඇලවීමේ වැඩසටහන ඊයේ (07 වැනිදා) ක්‍රියාත්මක වූ අවස්ථාවේ අසාමාන්‍ය ලෙස වාහන තදබදයක් හටගෙන ඇති අතර එකින් එක්කෙනා පරීක්ෂා කරමින් ස්ටිකර ඇළවීමට සිදුවීම මෙයට හේතුවී ඇත.



කොළඹට වාහන හැත්තෑ අටදහසක් පමණ ඇතුළු වී ඇති අතර මෙම කටයුත්ත නිසා හටගත් තදබදය දුටු ජනපතිවරයා ඒ ගැන සොයා බලා ඇතැයිද එය තාවකාලිකව නතර කරන්නට උපදෙස් දී ඇතැයිද වාර්තා පළව තිබේ.
ඒ අනුව එම ස්ටිකර් ඇළවීමේ කටයුතු අද (8) සිදු නොවනු ඇතැයිද වාර්තා විය.
කොළඹට පැමිණෙන අත්‍යවශ්‍ය සේවාවල නිරතවන්නන්ගේ පහසුව තකා මෙම නව ස්ටිකර් ක්‍රමය හඳුන්වා දුණි.
හයිලෙවල් මාර්ගය, ගාලු පාර, නුවරපාර, මීගමු පාර, පාර්ලිමේන්තු මාර්ගය ඔස්සේ එන වාහන සඳහා
උදෑසන 6.30 සිට පැය තුනකදී පමණක් රථවාහන විසි අට දහස් හත්සිය අසූ හතරක් (28784) කොළඹට ඇතුළු වී ඇත.