කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරු, ග්‍රාම නිලධාරී සමෘද්ධි නිලධාරි සහ සංවර්ධන නිලධාරි පෙරේදා (9) රාත්‍රියේ සිට කොරෝනා එන්නත්කරණ රාජකාරිවලින් ඉවත් වී සිටිති. තම නිලධාරින් එම රාජකාරි කටයුතුවල යෙදීම සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විරෝධය දැක්වීම නිසා එම තීන්දුව ගත් බව කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා පැවැසීය. ප්‍රාදේශීය ලේකම්වරුන්, සමෘද්ධි සහ සංවර්ධන නිලධාරින් මෙන්ම ග්‍රාම නිලධාරීන් ද එන්නත්කරණ වැඩසටහනට සම්බන්ධ වීම අනවශ්‍ය අතපෙවීමක් ලෙස අර්ථ දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සෞඛ්‍ය ලේකම්වරයාට ලිපියක් යවා තිබෙන බව ද ඔහු කීය.
එන්නත්කරණ ක්‍රියාවලිය සාමුහික ක්‍රියාදාමයක් හෙයින් ජනතාව එම ස්ථානවලට එක්රැස් කිරීම,
ලියාපදිංචි කිරීම හා වෙනත් පහසුක්ම සැපැයීම වැනි විශාල කාර්යභාරයක් තම නිලධාරින් සිදුකළ බව ද ප්‍රදීප් යසරත්න මහතා පැවැසීය. එහෙත් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය එම කාර්යභාරය හෑල්ලුවට ලක්කරමින් සෞඛ්‍ය නොවන සේවකයන් එන්නත්කරණ වැඩසටහනට මැදිහත්ව ඇති බවට චෝදනා කර තිබෙන බව ද ඔහු කීය. තම නිලධාරින් කොළඹ දිස්ත්‍රික්කයේ එන්නත්කරණ වැඩසටහන්වලට සහභාගි නොවීම නිසා ඊයේ (10) දිනයේ එන්නත්කරණ වැඩසටහන් අවුල් ජාලාවක් බවට පත්ව තිබූ බවට තොරතුරු හෙළි වී තිබෙන බව ද කොළඹ දිස්ත්‍රික් ලේකම්වරයා කීය.
- රේඛා තරංගනී ෆොන්සේකා-
0 Comments