කොරෝනා වයිරසය ආසාදනය වී සුවවීමෙන් පසු නිවෙලට ගොස් සිටි සිවු දරු මවකට හා එක්දරු පියකුට නැවත කොරෝනා වෛරසය ආසාදනය වී නිව්මෝනියාවෙන් මියගොස් ඇති බව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ පැවති පශ්චාත් මරණ පරික්ෂණයක දී අනාවරණය විය.
මියගොස් ඇත්තේ හික්කඩුව වවුලගොඩ පදිංචි 73 හැවිරිදිවියේ පසුවන සිවුදරු මවක් හා බුස්ස ප්‍රදේශයේ පදිංචි 59 හැවිරිදි වියේ පසුවන එක් දරු පියෙකි. සිවුදරු මව කොරෝනා වෙරසය ආසාදනය වීමෙන් පසු ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ කාරෝනා රෝගින් සඳහා වෙකොට ඇති වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිට මැයි 20 වැනි දින සුව වී නිවෙසට ගොස් ඇත.
ඇයගේ පවුලේ සාමාජිකයන් ද නිරෝධායනයට ලක්කොට ඇත. මෙකි මව නිවසේ සිටිය දී හුස්ම ගැනීමට අපහසු වී ඇති අතර නිවැසියන් විසින් 1990 හදිසි ගිලන් රථ සේවට දැනුම් දී ඇත. ගිලන් රථය පැමිණෙන විට මව නිවස තුළ දී මියගොස් ඇති බව හදිසි මරණ පරික්ෂණයේ දී අනාවරණය විය. බුස්ස ප්‍රදේශයේ පදිංචි එක් දරු පියා කොරෝනා වෛරසය ආසාදනය වී වළහන්දුව කොරෝනා වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබාගෙන ඇත. ඔහු 28 වැනිදින එම වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සිට සුවය ලබා නිවෙසට ගොස් ඇති අතර දින 03කට පමණ පසු හුස්ම ගැනීමට අපහසුවීමෙන් නිවස තුළ දී මියගොස් ඇත. මෙම මිය ගිය සිවුදරුමවගේ හා එක් දරු පියාගේ හදිසි මරණ පරික්ෂණය රම හදිසි මරණ පරික්ෂක වයි.එම්. සාගරිකා නිල්මිණි මහත්මිය විසින් සිදු කළාය. පශ්චාත් මරණ පරික්ෂණය සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි සමාධි දදෙණිය ආරච්චි මහත්මිය සිදු කළාය. ඉදිරිපත් වූ සාක්ෂි හා වෛද්‍ය වාර්තා සැලකිල්ලට ගත් මරණ පරිකවරිය කෝවිඩ් නිව්මෝනියාවෙන් මෙකි මරණ වී ඇති බවට තීන්දු කළාය.
(යක්කලමුල්ල ජේ.කේ.එල්. චාමින්ද)
0 Comments