
කොරෝනා මරණ වාර්තාව ඉදිරිපත්කරන ආකාරය වෙනස් කිරීමෙන් පසු ඉරිදා (13) දිනයේ මරණ 57 ක් වාර්තාවී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා 14 සඳුදා දන්වා තිබේ.
මෙම මරණ වාර්තාවේ වයස් කාණ්ඩ අනුව කාන්තා පිරිමි බව අනුව විස්තර පමණක් ඇත. කෙසේ වෙතත් මියගිය අය ගැන ඊට වඩා වැඩි විස්තර නැත.
මෙම නව ආකෘතිය ගෙන එන්නට පෙර සෙනසුරාදා දක්වා මරණ වාර්තා කළේ පෙර විවිධ දිනවල එකතුවක් ලෙසිනි. ඒ අනුව සෙනසුරාදා මරණ කිසිවක් නැතිවූ (0 ක්) අතර සිකුරාදා 11 ක් බ්‍රහස්පතින්දා 15 ක් පමණක් විය.
නව සැකසුමේදී ඒ දිනවල මදිපාඩුවූ මරණ ඇතුළත් නොකර අතහැරියාද යන්න පැහදිලිකර නැත.
අපගේ ගණනයන් අනුව මේ මාසයේ වරින්වර වාර්තා කළ කොරෝනා මරණ ගණන පහළම වගුවේ පරිදිය.


Comments
Post a Comment
Your comment will be visible after approval