daily-mirror-astrasenica-japan

ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා 600,000 ක් ශ්‍රී ලංකාවට ලබා දීමට ජපන් රජය සලකා බලා ඇති බවට පසුගියදා පළවූ  වාර්තා සනාථ කිරීම ජපාන තානාපතිවරයා ප්‍රතික්ෂේප කළ බව අද (11) ඩේලිමිරර් පුවත්පත වාර්තා කර තිබේ.



ජනාධිපතිගේ ඉල්ලීමක් පරිදි ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ්-19 එන්නත් මාත්‍ර 600,000 ක් ශ්‍රී ලංකාව සඳහා ලබා දීමට ජපානය පොරොන්දුවූ බව පසුගිය වාර්තා වලින් පැවසුණි. එම ඉල්ලීම ජපාන අගමැති යොෂිහිඩ් සුගා වෙත ඉදිරිපත් කරන ලද බවද වාර්තා විය. ජපාන තානාපති සුගියාමා අකිරා ශ්‍රී ලංකාවේ ජනාධිපති සමග බදාදා පැවති සාකච්ඡාවකදී මෙම ඉල්ලීම ඉදිරිපත්වූ බව වාර්තා වල පළවිය.

මේ පිළිබඳව කොළඹ ජපන් තානාපති කාර්යාලයෙන් විමසීමක් කරන ඩේලි මිරර් පුවත්පත ප්‍රකාශ කරන්නේ ජපාන තානාපති කාර්යාලය ඒ සම්බන්ධයෙන් එකඟතාවයක් ඇති නොවූ බවයි.

ඩේලිමිරර් පුවත්පතෙහි ඊමේල් පණිවුඩයකට පිළිතුරු දෙමින් තානාපති කාර්යාලය පවසා ඇත්තේ මේ සම්බන්ධයෙන් සිය මූලස්ථානය විමර්ශනයක් සිදු කරන බැවින් රජය සමඟ සන්නිවේදනය හෝ අදහස් ප්‍රකාශ කිරීම සිදු කළ නොහැකි බවයි.
ඩේලි මිරර් වාර්තාව පහතින්