dengue-and-covid19

වෛද්‍ය පර්යේෂණ ආයතනයේ හිටපු වැඩබලන අධ්‍යක්ෂ ජයරුවන් බණ්ඩාර මහතා මේදිනවල පැතිරෙන  ඩෙංගු රෝගය හා කොරෝනා රෝගය සමාන ලක්ෂණයන් පෙන්නුම් කිරීම ගැන සිදු කළ පැහැදිලි කිරීමක් මේ සමග පළවේ.


ඩෙංගු කියන්නේ වෛරස් රෝගයක්. කොරෝනා  හැදෙන්නෙත් වෛරස් ආසාදනයකින් නේ .මේ වයිරස් දෙකේ හැසිරීම බෝවෙන ක්‍රමවේද සහ ඒක හින්ද ඇතිවන සංකූලතා වෙනස් .හැබැයි අපි ගත්තහම රෝග ලක්ෂණ විදිහට ඩෙංගු රෝගය හින්දා එන රෝග ලක්ෂණයි මූලික රෝග ලක්ෂණ කියන්නේ. දරුණු වෙන රෝග ලක්ෂණ නෙමෙයි මූලික රෝග ලක්ෂණ ගත්තහම ඩෙංගු රෝගයේ මූලික රෝග ලක්ෂණයි කොරෝනා හැදෙන කෙනෙක්ගේ මූලික රෝග ලක්ෂණයි බොහෝවිට එක සමාන වෙන්න පුළුවන්.



ඒ හින්ද අපිට කොරෝන ගැන අමතක කරලා ඩෙංගු ගැන කතා කරන්නත් බැහැ ,ඩෙංගු අමතක කරලා කොරෝන ගැන කතා කරන්නත් බෑ. අභියෝග කියන ඒවා මේ එක අභියෝගයක් දීලා ඒක ඉවර උනාට පස්සෙ තව එකක් එනවා නෙමෙයි ජීවිතේට .ඒ නිසා සේරම බලපෑම් ඇතුලේ අපි කෙලින් හිට ගන්න එක තමයි වඩාත් වැදගත්. දැන් අපි කොරෝනා වල රෝග ලක්ෂණ ගත්තහම අපි ඉස්සෙල්ලා කිව්වා නහය බර ගතිය ,උගුර රිදෙන එක, යම්තම් ඇඟ රිදනෙක ඒක, ඊට පස්සේ එක ටිකෙන් ටික වැඩි වෙන එක, උණ එන එක, ඊට අමතරව ගියාම කැස්ස් එනවා, වියලි කැස්ස ඊට පස්සේ හුස්ම ගැනීමේ අපහසුතා ඇති වෙනවා. මේවා තමයි කොරෝනා රෝග මුලික ලක්ෂණ වෙන්නේ. ඒ අතරතුර ලෝකයේ සහ අපේ රටේ විවිධ අවස්ථාවල වාර්තා වෙලා තියෙනවා කොරෝනා රෝගීනුත් බඩේ අමාරුව කියලා  හැදිලා ගියා ඊට පස්සේ ඇඟ රිදෙනවා මේවත් එක්ක පරික්ෂා කරාම ඉස්පිරිතාලෙ කොරෝන පරීක්ෂා කරා.

ඉතිං කෝවිඩ් positive එහෙම කියපු අවස්ථා ඕන තරම් හම්බවුණා .ඇග විතරක් covid රෝගයේ positive වුන අවස්ථා හම්බවුණා .මුකුත්ම රෝග ලක්ෂණ නැතිවත් කොරොන රෝගීන් හම්බුනා.  ඒගේමයි ඩෙංගු රෝග ලක්ෂණ ගත්තහම සාමාන්‍යයෙන් සෙම්ප්‍රතිශ්‍යාව කියන පැත්තට වඩා ඇඟ රිදෙනවා, උණ ඒනවා නම් අධික ලෙස ඔලුව කැක්කුම හැදෙනවා ,ඇස් දැවිල්ල හැදෙනවා ,මේ වගේ ඒව තමයි ඇස් රතු වෙනවා ඊට පස්සේ එන්න එන්න උණ ගතිය වැඩි වෙනවා. දැන් මේ රෝග ලක්ෂණ ගත්තහම ඒ රෝග ලක්ෂණ කෝවිඩ් වලත් තියෙනවා. නමුත් රෝග විෂබීජ ජාති දෙකක් .මේ කොරොන රෝගය හින්දා මරණයට පත් වන ප්‍රමාණය 1000 ඉක්මවලා. ඒ වගේමයි ඩෙංගු රෝග හින්දත් පහුගිය වසරවල දහස් දහස්ගණන් මියගියා. වයස් භේදයකින් තොරව දරුණු විදිහට මීට ඉස්සර වසර වල ඩෙංගු රෝගීන් මිය ගියා .



කෙනෙකු ඩෙංගු රෝගීය නිසා මියයන කෙනෙක්ට කෝවිඩ් ආසාදනය තියෙන්නෙ බැරිකමකුත් නෑ. එතකොට දැන් කොවිඩ් වල තියන විශේෂත්වය තමයි වෙනත් රෝගයක් එක්ක කෝවිඩ් ආවොත් එහෙම දැන් දියවැඩියාව තියෙනවා නම් ,අධි රුධිර පීඩනය තියෙනවා නම් ,කොලොස්ට්‍රෝල් වැඩි නම් ,පිළිකාවකට බෙහෙත් ගන්නවා නම්, දීර්ඝකාලීන ශ්වසනාබාධ තියනවනම් ,එහෙම කෙනෙක්ට හැදුනේ අනිවාර්යෙන්ම මරණයට පත් වීමට තියෙන ඉඩ ඉතාමත් අධිකයි .නමුත් ඩෙංගු රෝගයේ තියෙන එක තමයි අනිකුත් රෝග වල සංකූලතා ඩෙංගු රෝගීන්ට එතරම් බලපාන්නේ නැහැ. ඉතිං ඒව හින්දා හොඳම දේ තමයි මේ රෝග දෙකෙන්ම වළක්වා ගන්න පුළුවන්කම තියෙනවා .තව එක මූලික කාරණාවක් කියන්න ඕන ඒ තමයි ඩෙංගු රෝගය කියන්නේ මදුරුවෙක් විසින් බෝ කරන රෝගයක්. එකම ගෙදර ඉන්න මහත්තයාටයි ,නෝනටයි මහත්තයට හරි නෝනට හරි ඩෙංගු හැදුනා කියල අනිවාර්යෙන්ම අනිත් කෙනාට හැදෙන්න නියමිත නෑ .ඒක විසබීජ ආසාදිත මදුරුවෙක් ගිහිල්ලා දෂ්ඨ කරන්න ඕනේ අනිත් කෙනාට virus එක බෝ කරන්න ඔන.  ඒ නිසා එක ගෙදර එක්කෙනෙක්ට හැදුනා කියලා අනිවාර්යෙන්ම ආසාදිත මදුරුවො නැත්නම් මේක බෝවෙන්නේ නැහැ.





ඒ නිසා එක්කෙනෙක්ට අමාරු වුණා කියලා අනිත් එක්කෙනාට බෝවෙන්නේ නැහැ. මේක දන්න හින්ද අපිට පුළුවන් ඩෙංගු රෝගයෙන් වළකින්නට ගෙදර ඩෙංගු ආසාදිත මදුරුවො එන්නේ නැති තැනක් කරගන්න. ඒ හැකියාව අපිට හොඳටම තියෙනවා.මේ දවස් වල ගෙවල් වලටම වෙලා ඉන්න හින්දා හොඳම වැඩේ වැහිකාලේ ආවහම අපි දන්නවා වතුර හැම තැනම එකතු වෙනවා. දැන් ඊයේ පෙරේදා වැස්ස මේ හොඳට අව්ව පායල තියනවා එක පාරටම හුළඟක් එක්ක වැස්ස ලොකුවට එනවා. ටික වෙලාවක් ගිහිල්ලා ඒ වැස්ස නැතිවෙලා අයිත් අවුව පායනවා. හැබැයි අර එන වැහි වතුර පොඩි පොඩි තැන්වල එකතු වෙන්නට පුළුවන් .අපි දකින්නෙත් නෑ .හිතලම හොයන්න ඕනේ .කොහෙද වතුර එකතු වෙච්ච තැන් තියෙන්නෙ කියලා අපිම හොයන්න ඕනේ. ගෙදර ඉන්න කට්ටිය එකතුවෙලා එක තැනකින් පටන්ගෙන රවුමක් ගේ වටේ හරි ,වත්තෙ හරි රවුමක් ඇවිදගෙන ආවහම වතුර එකතු වුන තැන් ටික හොයාගන්න පුළුවන්. ඒ තැන් ටික විනාශ කරන්න දවසකට එක සැරයක් කලත් මේ වැඩේ කරන්න පුළුවන්. එහෙම කරපුවාම මේ මාරාන්තික රෝගීන් බේරිලා ඉන්න පුළුවන්.


හැබැයි කෝවිඩ් එහෙම නෙමෙයි .තමන්ගේ ගෙදර නෙමෙයි අල්ලපු ගෙදර කෙනෙක් තිබිලත් තමන්ගේ ගෙදර කෙනෙක්ට බෝ වෙන්න පුළුවන් .මොකද virus එක ලේසියෙන්ම පැතිරෙනවා .වාතයෙන් පැතිරෙන්නේ නැති වුණාට යම් යම් හේතූන් හින්දා අවට ගෙවල්වල එක්ක සම්බන්ධතා ඇති වුනොත් ඒක බෝ වෙන්න පුළුවන්. ඕක මුදල් හුවමාරු කරනකොට වෙන්න පුළුවන් . අදාලම නැති කෙනෙක් ,වෙනත් ප්‍රදේශයක කෙනෙක් ජංගම වෙළෙන්දෙක් වෙන්න පුළුවන් වෙනත් ආකාරයකින් සම්බන්ධතාවයක් තියෙන කෙනෙක් වෙන්න පුළුවන්, තමන් එළියට ගිය අවස්ථාවකදී වෙන්න පුළුවන් virus එක අරගෙන ගෙදර එන්න පුළුවන් .ඊටපසු ගෙදර කට්ටියට බො කරන්න පුළුවන්. එහෙම එකක් වුණානෙ මහරගම දී.

දැන් මහරගම පැත්තේ තණමල්විල පැත්තෙ හරි තිස්සමහාරාමය පැත්තක හරි කට්ටිය ඇවිල්ලා යම්කිසි අවස්ථාවක උත්සව අවස්ථාවකට සම්බන්ධවෙලා ඒ ගොල්ලො ගෙදර ගිහිල්ලා අන්තිමට මම හිතන්නේ අම්මයි තාත්තයි සේරම කට්ටියට මිය යන්න සිද්ධ වුණා .මේ රෝග දෙකේම සමාන රෝග ලක්ෂණ තියෙනවා ඒ වගේම වෙනස්කමුත් තියෙනවා .භයානක තත්ත්වය ගත්තහම කොරෝනා රෝගය ඉතා ලේසියෙන් මිනිස්සු මිනිස්සු අතර පැතිරෙනවා .මිනිස්සු තමයි මේ වෛරස් එක බෝවෙලා පිට කරන්නේ ව්‍යාප්ත කරන්නේ මිනිස්සු. නමුත් dengue virus එක ව්‍යප්ත කරන්නේ මදුරුවා. මදුරුවො ඉතින් ආගම දහම අනුව කෙසේ වෙතත් මදුරුවෝ බෝවන තැන් විනාශ කරන්න පුළුවන්. ඒ නිසා මේ වෙලාවේ කොරෝනා වල මෙච්චර මාරාන්තික ව්‍යසනයක් ලෝකෙ පුරා පැවතිලා අපේ රටටත් ඒක මාරාන්තික වෙලා තියෙන වෙලාවේ ඩෙංගු බෝ නොවෙන්න වැඩ නොකලොත් ගහෙන් වැටිච්ච මිනිහට ගොනා ඇන්නා වගේ වැඩක් තමයි අපේ රටේ මහජනතාවට වෙන්නේ.