dilan-president-speech

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මාධ්‍ය හමුවකතට එක්වී පැවසූ අදහස් පහත පරිදිය.

‘ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතා කරපු කතාව පිළිබඳව විවිධ කතන්දර කියන පාර්ශවයන්ට අපි කියන්න ඕනේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා  ඒ ජාතිය අමතා කරපු කතාවේ වෙන ජාතිය අමතා කරපු කතා කතාවලට වඩා කරපු වෙනස කටින් විතරක් නෙමෙයි මහපොළොවේත් පෙන්නලා තියෙනවා.. 



ඉතින් ඒ නිසා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා කටින් බතල හිටවන කෙනෙක් නෙමෙයි.

එතුමාට කොච්චර මඩගහනවා ද එතුමා මේ රටේ ජනාධිපති වෙන්න නාමයෝජනා බාර දුන්න දවසේ ඉඳලා විරුද්ධ පක්ෂයෙන්.. එදත් මට ගැහුවා, නාමයෝජනා කාලෙත් මට ගැහුවා, ජනාධිපතිකරණ කාලෙත් මඩ ගැහුවා, ජනාධිපති වුණාට පස්සෙත් මඩ ගැහුවා.. දැනුත් මට ගහනවා.. හැබැයි වෙනදා මේ රටේ ජාතිය අමතපු හැම අවස්ථාවකම රාජ්‍ය නායකයා විරුද්ධ පක්ෂය පිලේ කවුරුහරි පිළිබඳව අඩු ගානේ ඇනුම් පදයක් හරි කියන්න කියලා තමයි නැවැත්තුවේ..

ජාතිය අමතා කරපු සමහර කතාවල තිබුණේ සමහර නායකයන්ගේ මීට ඉස්සර විරුද්ධ පක්ෂය ගැන කරපු කතාවක්.. හැබැයි එතුමා  දේශපාලනයට ආව දවසෙ ඉඳලා එතුමාට කොච්චර මට ගැහුවත් එතුමා වචනයකින්වත් විරුද්ධ පක්ෂය හෝ තමාගේ විරුද්ධ පක්ෂ අපේක්ෂකයා පිළිබඳව කතා කරන්න ගියේ නැහැ.. ඒකත් අලුත්ම දේශපාලන විලාසිතාවක් system change එකක් තමයි ඉල්ලුවේ මේ රටේ මිනිස්සු. හැබැයි system change එක් ඉල්ලපු මිනිස්සුම system change කරනකොට ඒකට හිනා වෙනවා. කොච්චර පරිසර සංවිධාන මේ මාධ්‍ය සාකච්ඡා තියලා කියන්න ඇත්ද අපි බොන්නේ වහා ,කන්නේ වහා වෙන කට්ටිය අර අපේ කෘෂිකාර්මික පළාත්වල අපි ඉන්නේ. ඒ කෘෂිකර්ම වල ඉන්න ගොවියෝ ඒ තමන්ගේ නිෂ්පාදන වවන කාලේ ඒ රසායනික ද්‍රව්‍ය ගහන්නේ නෑ නේ මාස්ක් එකක් දාන්නෙ නැතුව. අපි නම් දැන් මාත් දන්නෙ කොරෝන නිසානෙ.. ඒ අය මාසක් දාන්නෙ කොරෝන එන්න ඉස්සෙල්ලා.. රසායන ද්‍රව්‍ය ගහනකොට මාස්ක් දාගත්තා. ඇයි ඒ රසායන ද්‍රව්‍ය විසයි.


අපේ පළාත් වල එහෙම හදිසියේ ඔය පොඩි ලව් පළහිලව්වක් එහෙම ගිහිල්ලා කොල්ලෙක් කෙල්ලෙක්ට තරහ ගියොත් එහෙම මුලින්ම ගිහිල්ලා ගහන්නේ අර කෘමිනාශක බෝතලේ මැරෙන්න. ඉතින් එහෙම තමයි අපේ එළවළු වලට ගැහුවෙ.. එතකොට ඒ වස විස කන්න එපා කියලා කියපු පරිසර සංවිධාන නැහැ. අර හාමුදුරුවෝ නමක් හිටියා වස විස එපාම කියපු හාමුදුරුවෝ කෙනෙක්. දැන් ඒ හාමුදුරු කොහෙද දන්නෙත් නෑ. බලනකොට මේ කරලා තියෙන සම්පූර්ණ දේශපාලන වුවමනාවන් මත කරපු එක එක එන්ජීඕ වල ව්‍යාපෘති. හැබැයි ජනාධිපති තුමාගේ ව්‍යාපෘතිය එහෙම එකක් නෙමෙයි. ම

ොකද මම අපේ කණ්ඩායම් රැස්වීමේදී පොහොර රසායනික පොහොර එහෙම්පිටින්ම ගෙන ඒන එකට විරුද්ධ වුණා.. අපේ පළාතේ එළවළු ගොවියාවත් අඩුගානේ මේ  පලවෙනි වටෙන් අයින් කරන්න අපි දෙවැනි වටයේ ඒගොල්ලො ඇතුලත් කරමු කියලා. හැබැයි ජනාධිපතිතුමා දේශපාලන වාසියක්වත් ගණන් ගන්නේ නැතුව නෑ මේ තීරණය මම ක්‍රියාත්මක කරනවා කිව්වා.


ඉතින් ඒ නිසා system change එකට යන අළුත් නායකයෙක්. මේ මෙතෙක් කල් ජාතිය ඇමතීමේ දී විවිධ දේශපාලන පක්ෂවල නායකයෝ කරපු එකට වඩා වෙනස් ක්‍රමයක් තමයි. හැබැයි ඒක system change එකක් ඒ වගේ දේවල් ලෝකයේ බොහෝ රටවල් වල නායකයො කරනවා. system change එක සමහර වෙලාවට දැන් මගේ දෙපැත්ත ඉන්නේ  තරුණ මන්ත්‍රිතුමාලා දෙදෙනාට එක දරාගන්න පුළුවන්. මොකද ඒගොල්ලෝ system change ඉල්ලපු කාල වල හිටිය අය. අපි system change එක ඉස්සෙල්ලා ඉඳලා ඉන්න අය. අපි වගේ අයට මේ සමහර system change එක අමාරුයි දරාගන්න අමාරුටි.. ආණ්ඩුපක්ෂයේ ඉඳගෙන අපි වගේ අයට system change එකක් දරාගන්න අමාරුයි. මොකද අයියෝ ඇයි මෙහෙම වෙන්නේ කියලා. හැබැයි මේක තමයි මිනිස්සු ඉල්ලපු system change එක.

system change  කරන්න වෙලා තියෙන්නේ  කොරෝනා වසංගතයත් එක්ක. ඒ නිසා මෙවැනි තත්ත්වයක් තුළ ලෝකෙ වෙනත් ආර්ථිකත් එක්ක එකට යන්න වෙන්නෙ අලුතින් අලුත් සාමාන්‍යයක් එක්ක. ආයිත් කිසිම රටක් ලෝකේ ඊළඟ අවුරුදු තුන තුළ ධන ආර්ථිකයක් වර්ධනයකට යන අමාරුයි new normal එක 0 මට්ටමේ තියාගන්න පුළුවන් නම් ඝෘණ නොවී එක තමයි හොඳම දේ. ඉතිං එවැනි තැනකට අලුත් සාමාන්‍ය වලට යන්න වෙනවා.. එවැනි තැනකට යන්න උත්සාහ කරනකොට බැසිල් රාජපක්ෂ මැතිතුමා වගේ කෙනෙක්ගේ පාර්ලිමේන්තු නැවත ආගමනය අපට විතරක් නෙමෙයි ,පක්ෂයට විතරක් නෙවෙයි රටටම ප්‍රයෝජනයක් වේවි.‘