තව වසර දෙකක් යනතුරු මෙරටට වාහන ආනයනය නොකරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවැසීය. රටේ ආර්ථිකය ස්ථාවර තත්ත්වයකට එනතුරු අපහසුවෙන් වුව එවැනි තීන්දු වලට යාමට සිදුවන බව කී රාජ්‍ය ඇමැතිවරයා,
කොවිඩ් වසංගතය හමුවේ රට ඉදිරියට ගැනීමට සෑම දෙනකුම කැපවීම් කළයුතු බව ද සඳහන් කළේය. පසුගිය යහපාලන රජය සමයේදී වාහන ආනයනයට අසීමිත බදු සහන ලබාදීම නිසා දේශීය වාහන කමාන්තය විශාල වශයෙන් බිඳ වැටුණු බව ද ඔහු පැවසුවේය.
රජයේ නව තීරණය සමග දේශීය මෝටර් රථ සහ මෝටර් අමතර කොටස් නිෂ්පාදන කර්මාන්තය දිරිගැන්වී ඇති බවත් රජය අද ගමන් කරමින් සිටින්නේ එවැනි වූ වැදගත් තැනකට බවත් දිලුම් අමුණුගම මහතා ප්‍රකාශ කළේය. වාහන ආනයනය තාවකාලිකව නතර කර ඇත්තේ රටේ ඩොලර් සංචිතය ආරක්ෂා කර ගැනීම සඳහා යැයි ද රාජ්‍ය ඇමැතිවරයා කීය.
0 Comments