පූජ්‍ය දොඩම්පහළ රාහුල හිමියන් පළකළ අදහස් දැක්වීමක් මේ සමග පළවේ.
අතීතයේ පටන්ම ශ්‍රී සම්බුද්ධ සාසනයේ ආරම්භයත් සමඟ සම්බුදු සසුන ඒ වගේම එය සුරක්ෂිත කර ගන්නා පින්වත් මහා සංඝරත්නය විවිධ අර්බුද වලට මුහුණ දුන්නා .ඒ අතර වර්තමානය වන විට අපේ ශ්‍රී ලංකාද්වීපය තුල මෙතෙක් පැවතුණු ප්‍රධාන සම්ප්රදාය දෙකක් .එක ග්රාමවාසී පින්වත් මහා සංඝරත්නය, පන්සල් මූලික කොට ගෙන ගිහි ජනතාවගේ යම් කාර්යභාරයක් වේ නම් ඒ ඉෂ්ට සිද්ධ කරමින් කටයුතු කළ පිරිස .ඒ අතර දෙවැනි කණ්ඩායම ආරණ්‍යගතව ඒ තමන්ගේ ප්‍රතිපත්ති ආරක්ෂා කරගෙන ත්‍රිවිධ සාසනය ජීවිතයේ ප්‍රතිපත්තිය පර්යප්තියත් අධ්‍යනය කරමින් ප්‍රතිවේධ කරා යන පිරිස. මේ අංශද්වයටම සමහරක් විට නැති එහෙත් ආරණ්‍යවාසී බව හඟවන කණ්ඩායමක් දැනට අවුරුදු 20ක විතර කාල පරාසය තුළ අසපු සංචිතයෙන් රට තුළ සක්‍රීය වෙලා තියෙනවා. මේ ඉතාමත් තදබල ලෙස පින්වත් මහා සංඝරත්නය මේ රට තුළ මේ දේශීය සුරක්ෂිත කරගන්න ඒ වාගේම බුදු සසුන, බුදු දහම බුදුපියාණන් වහන්සේගේ පණිවිඩය ආරක්ෂා කරගන්න ඒ වෙනුවෙන් ඇප කැප වෙලා වැඩ කරන පින්වත් දායක කාරක කාරකාදීන් අරක්ෂා කරගෙන ඒ ගොඩනඟපු සංස්කෘතික දායාද සුරක්ෂිත කරගෙන යන ගමනකදී ඊට සම්පූර්ණම පටහැනි ක්‍රියාමාර්ග අරගෙන යන කණ්ඩායමක් බිහි වුණා.
මේක ලෝකයේ උප සංස්කෘති හැටියට ගොඩනැගෙමින් එන කණ්ඩායම් වලට සාපේක්ෂව ශ්‍රී ලංකාදීපේ තුළත් ගොඩනැගිච්ච පිරිස්. සම්ප්‍රදායානුකූලව ඒ වගේම ඉතාමත්ම වටිනා ඒ ගතික ලක්ෂණ අපේ ආචාරවිධි සුරක්ෂිත කරගෙන යන කණ්ඩායමකට ඒ පිරිසගේ තිබිච්ච පෞරාණික පිළිගැනීමට පහරදීලා, ශ්‍රී ලංකාදීපේ තුළ අවුරුදු උත්සවය ඕනෙ නෑ ,අවුරුදු නැකැත් ශාස්ත්‍ර අවශ්‍ය නෑ ,ඒවගේම ඒවාට ආවේණිකව අවම වශයෙන් පාංශකූලය උවමනා නෑ ඒ සිරිත් ධර්ම බුදුපියාණන් වහන්සේගේ ඉගැන්වීම් නොවේ, පිරිත් පොත පවා වෙනස් කරමින් එහි තිබෙන සියල්ල වෙනස් කරමින් තමන්ට ඕනෑ ආකාරයට ධර්ම කාරණා ගොඩනංවමින් ත්‍රිපිටකය පවා වෙනස් කිරීමට සමහර වෙලාවට සක්‍රිය වෙමින් මේ රට තුළ අවුරුදු දෙදහස් පන්සිය ඉක්මවා ගිය මහින්දාගමනය තුළින්, අපිට ස්ථාපිත වෙච්ච ඒ සම්ප්‍රදායන් විශේෂයෙන්ම ථෙරවාදී ෙබෟද්ධ සම්ප්‍රදායට බරපතල විදිහට කටයුතු කරන කණ්ඩායමක් සක්‍රිය වෙලා තියෙනවා. ඒ අය අතර විශ්වවිද්‍යාල තලබලට ඇතැම් විට ෙතරෙන එය එපා කියා දමා එන, එය පිරිහවන ඒ තරුණ දරුවන්ගේ ජීවිතවලට පවා වගවීමක් නැති තත්ත්වයට ඒ ආචාර්යත්වය තුළින් උපදේශන සැපයෙන අතර ඒ කණ්ඩායම් මේ දේශය තුළ ඉතාමත්ම අතීතය තුළ ඒ තමන්ගේ අපේ වීර අනු නායකත්වය උසුලපු වාරියපොල සුමංගල නායක හාමුදුරුවෝ ,අපේ උඩහාපොල රාහුල හාමුදුරුවෝ ,මේ වගේ උතුමන් වහන්සේලා මිගෙට්ටුවත්තේ ගුණානන්ද හාමුදුරුවො වගේ ,මේ වගේ ශ්‍රේෂ්ඨ උතුමන් වහන්සේලා මේ සසුන රැක ගන්න කරපු කැපකිරීම් ඒ සියල්ලකදී අපි කවදාවත් උන් වහන්සේලාගේ සීලයක් නිරීක්ෂණය කළේ නෑ. නමුත් වර්තමානය තුළ මේ පින්වත් ග්රාමවාසී ස්වාමීන් වහන්සේලාට ඇඟිල්ල දික් කරමින් පව්කාරයෝ වෙනත් විවිධ චෝදනා කරමින් ගිහි සමාජය තුළ ඒ කණ්ඩායම් සම්පූර්ණයෙන්ම පිරිහෙවමින් ගිහි ජනතාව තුළ භේද ඇති කරමින් යන පිරිසක් නිර්මාණය වීම තුළ අද ගම සීසීකඩ බෙදිලා තියෙනවා.
සංඝ සංස්ථාව තුළ විවිධ පලිබෝධකයෝ රිංගවලා තියෙනවා .මෙන්න මේ කාරණාව තුල ලැබෙන ප්‍රතිඵල තමයි සේරුවිල රාජමහා විහාරස්ථානයටත් ලැබිලා තියෙන්නෙ. අපේ ශාන්ත නායක අමාමෑණි ලොව්තුරා බුදු පියාණන් වහන්සේගේ ලළාට ධාතුන් වහන්සේ තැන්පත් කොට ඉදි කරන ලද මේ උතුම් මංගල මහා චෛත්‍යය රාජයාණන් වහන්සේ අයිති විහාරය මේ භූමිය මේ පින්වත් දේශීය විතරක් නෙමෙයි මුළු ලෝකෙම ඓතිහාසික ස්ථානයක්.
අද අවශ්‍ය කරලා තියෙනවා නූතනය තුළ ගොඩනැගෙන මේ වගේ සංඝ නාමයෙන් පෙනී සිටිමින් රාජ්‍ය අනුග්‍රහය ලබා ගනිමින් සක්‍රීයව ක්‍රියාත්මක වෙමින් සමහරක් වෙලාට බුදු පියාණන් වහන්සේ හා මන්දිරය ඉදි කරලා ඒක මහා ගෞතම ශාක්‍ය මුනින්ද්‍ර බුද්ධ මන්දිර කියලා නම් කරගෙන .ධර්මරත්නය වෙනුවෙන් මහා ධර්මරාජ මන්දිර ඉදිකරගෙන අවසානයේදී සංඝරාජ මන්දිරයක් ඉදි කරලා සංඝරාජ හැටියට ඒක ඇතුලට රිංගලා මේ රට තුල තියන මේ සමස්ත ජාතිය, වැවයි, දාගැබයි ,ගමයි, පන්සලයි ,රන්වන් ගොයම් ,අපේ තියෙන සිවුරයි කියන සංකල්පය බිඳ දමලා ජාත්‍යන්තරයට ඕන විදිහට මේ රට තුළ විවිධ බූවල්ලන්ට කටයුතු කිරීමේ තෝතැන්න හදන්න ජාතිකත්වයක් නැති මිනිස්සු සංස්කෘතියක් නැති මිනිස්සු ගොඩනඟන්න.
අන්න ඒ ක්‍රියාදාම ඒක තැනක් තමයි දැන් මේ සේරුවිල රජමහා විහාරස්ථානයට අත ගහන තැන. ඒ අපේ පෞරාණික සිද්ධස්ථාන හොය හොය ඒ තැන්වලට ගෝලබාල ඇතැම් වෙලාවට වස් වසන්න යොමුකරවමින් ඒ ඉන්න ස්වාමීන් වහන්සේලා සමහරක් වෙලාවට බලහත්කරකම් කරවමින් ඒ තැන් ලියා කියා ගනිමින් ක්‍රියාත්මක වෙන වැඩපිළිවෙළක් වර්තමානයේ ඇති වෙලා තියෙනවා .
ඒ නිසා මේක ජාතික වශයෙන් ආගමික වශයෙන් වූ ශාසනික වශයෙනුත් මහා බරපතළ කාර්යයක් .ඒ විතරක් නෙමෙයි ෙමවැනි කටයුතු කරන ඇත්තන් මේ මහා පොළොව භූමිය තුළ ඇතැම් විට අදත් මේ මිහිතලයට අපිට මිහිඳු හාමුදුරුවෝ වැඩම කරලා පටන් ගත්ත තැන තාම වැඩ ටික ඉවර කරගන්න බැරි වෙලා තියෙනවා. නමුත් අපිට පේනවා ලංකාව තුළ ඉදිවෙන මේ සංස්කෘතියට එහා ගිය සමහරවිට චිත්‍රය අපේ නොවේ,
ඒ පිළිරුව ස්වරූපය අපේ නොවේ, ඒ තියෙන ආයතනිකට ඇතුළු වුනාම ඒ ඇතිකරන දේට වඩා වෙනත් හැගීම් නිර්මාණය කරන තැන් නිර්මාණය කරන්න කෝටි ප්‍රකෝටි ගණන් ධනස්කන්ධ ලැබෙනවා. මේ මුදල් කොහෙන්ද ?මේවා රජයක් සොයා බැලිය යුතුයි. සමහරක් වෙලාවට විවිධ අපේ රටට අනතුරු කරන්නට සිටින විවිධ කණ්ඩායම් වල මුදල් මේ ආයතන හරහා money laundry බවට පත්වෙලා පිරිසිදු කරගෙන මේ දේශය විනාශ කිරීමේ වැඩපිළිවෙළක් තියෙනවා. ඒ නිසයි පින්වත් මහා සංඝරත්නය හැටියට එදා සිට අදත් ඉදිරියටත් අපි සක්‍රීයව කටයුතු කරන්නේ .
කිසිම ආකාරයක පක්ෂ පාට එහෙම නැත්තං නිකාය බේදයකින් තොරව මේ සාසනය සම්ප්‍රදායන් ආරක්ෂා කරගෙන ඇප කැප වෙලා කටයුතු කරන ආරණ්‍යවාසී සහ අපේ ග්‍රාම වාසී පින්වත් ස්වාමීන් වහන්සේලාගේ ඉදිරිය අනාගතය සුරක්ෂිත කර ගන්නටත් දේශය තුළ තියෙන වටිනා පුණ්‍ය භූමි සුරක්ෂිත කරගෙන ඒවා CIA සංවිධාන වලට වෙනත් බෝරාකාරයින්ට අතගහලා ඇයි මේ දායක සභාවලට විවිධ ආගමිකයෝ ?ඇයි මේවට විවිධ ආගමිකයෝ ?ඒ නිසා ඒවා තුළින් අපිට පේනවා මේ දේශය වනසන්න බලාගෙන සිටින අයට රංගන්න පුළුවන් නිර්මිත වෙලා තියෙනවා. ඒ නිසා අපි ශ්‍රී ලාංකික ජාතියක් හැටියට අපි කටයුතු කරන අතරතුර මේ රට බුදුපියාණන් වහන්සේ දේශනා කොට වදාළේ මගේ ඇවෑමෙන් සම්බුදු සසුන රැකෙන තැන ඒ වාගේම පන්දහසක් කල් අන්තිම මොහොත දක්වා සාසනය ආරක්ෂිත වෙන තැන සුරැක ගැනීම පින්වත දැන් අප ඉදිරියේ තියෙන දෙයක් .ඒ නිසා විවිධ මත ආගමික ආකල්ප ඇති නීතිඥවරු එහෙම නැත්නම් වෙනත් කණ්ඩායම් වෙනත් සංවිධාන ගතව කටයුතු කළත් බුද්ධ නීතියයි ,බුදුසසුන තියෙන්නෙ.
එක්තරා අවස්ථාවක දී විද්‍යාලංකාර මහ පිරිවෙනට ගිහි සභාවක් විසින් බලපෑම් කරලා 1946 පෙබරවාරි 14 වෙනිදා තණකොළ ලොරි දෙකක් ගෙනල්ලා බෑවා. නුඹලාට දෙන්නෙ දානය නෙමෙයි තණකොළයි කියලා. විද්‍යාලංකාර මහා සංඝරත්නය බුදුමග යමින්, බුද්ධ නියමයට අනුව කටයුතු කරමින් උන් වහන්සේලා සක්‍රිය වුණා. ගන්ටාද නාදය කරලා ,දන්සාලට ගිහිල්ලා පැන් ටික වළදලා ඉච්චිතං පච්චිතං කියලා පින් ටික දිලා ආවා. අපි කිසිසේත් ම ගිහි සභාවට යටත් වෙච්ච පිරිසක් නෙමෙයි. ඒ නිසා බුද්ධ නීතිය ශිෂ්‍යානු, ශිෂ්‍ය පරම්පරාවට මේවට අනුකූලව කටයුතු කරන කොට වර්තමාන අපේ ආයතනවල වැඩිහිටි ස්වාමීන්ද්‍රයන් වහන්සේලාට ශක්තිය දීලා අපේ පින්වත් ස්වාමීන් වහන්සේලා ආරක්ෂා කරගෙන ඉදිරියට කටයුතු කරන්න ශක්තිය ලැබෙන්න ඕනේ .රාජ්‍ය වශයෙන් එන බලගතු මැති ඇමතිවරු හොඳින් දැනගත යුතුයි සංඝභේද කරන්න එපා මේ රට තුළ .
තමුන්වහන්සේලා හරියට අවබෝධය ඇති කරගෙන තමන්ට සෝවාන් ඵලයක් ලැබුන කිව්වට, තමන්ට අනාගාමී ඵලයත් දුන්න කිව්වට, ඒවාට වහල් නොවී සම්පූර්ණයෙන් මේ සමස්ත සංඝ සමාජය සුරක්ෂිතව ,ආරක්ෂා කරගන්නටත් මේ තෙද බලව කටයුතු කරන සසුනට අනිත් පුද්ගලයන්ව අවනත කරගෙන ඒ අයගෙන් කටයුතු මේ සාසනේට ප්‍රයෝජනවත් පිරිසක් බවට පත් කර ගන්ටත් යන ගමනේදී මගේ පින්වත් අපේ දායකවරු හැටියට කටයුතු කරන දේශපාලනමය ශක්තිය ඇති බල ඇණිවල පිරිස්ට අපි අවවාද කරනවා කරුණාකරලා මේ ශාසනික කාරයන් මේ මහා සංඝරත්නයට පවරලා මහා සංඝරත්නය පින්වත් අපේ නායක ස්වාමීන් වහන්සේලාටලාගේ තීන්දු තීරණ අනුව අපේ පොඩි ස්වාමීන් වහන්සේලාට කටයුතු කරන්න ශක්තිය දෙන්න කියලා. මේ කාරණා ටික සමාජගත කරමින් ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණ ප්‍රර්ථනා කරනවා.
0 Comments