ds-senanayake-reverse

කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයේ සහ ඊට යාබඳව පිහිටි ශ්‍රී බෞද්ධාලෝක විහාරයට අයත් ඉඩම් කොටසක් ජනපතිවරයාගේ අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් රජයට පවරා ගනිමින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කළ ව්‍යාපෘතිය ආදි සිසුන්ගේ විරෝධය නිසා නතර කර තිබෙයි.





අදාළ ඉඩම් කොටස් නාගරික සංවර්ධන අධිකාරිය විසින්, මෙලෙස පවරා ගෙන තිබුණේ කාර් පාර්ක් එකක් හදන නාගරික සංවර්ධන කටයුත්තක් සඳහා යැයි සඳහන් කරමිනි.

නාගරික සංවර්ධන ව්‍යාපෘති විශේෂ විධිවිධාන පනතේ ප්‍රකාරව ජනාධිපතිවරයා මෙම පවරා ගැනීම කර තිබූ අතර ඊට අදාළ ඉඩම් පවරා ගැනීමේ අති විශේෂ ගැසට් පත්‍රය මැයි මස 19 වනදා 2228/27 යන අංකය යටතේ නිකුත් කර තිබුණි.
 පවරා ගෙන ඇති මුළු ඉඩම් ප්‍රමාණය රූඩ් 2යි පර්චර්ස් 20ක් හෙවත් හෙක්ටයාර් දශම 2530ක් විය.

කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ නිලධාරීන් අද පෙරවරුවේ නාගරික සංවර්ධන අධිකාරිය වෙත ගොස් විරෝධය පළ කළ අතර
 මාධ්‍ය හමුවක් පවත්වමින් නව තීරණය හකුළාගන්නා බව නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රසාද් රණවීර කරුණු පැහැදිලි කළේය.
ඔහු පවසා සිටියේ තමන් ඇතුළු පිරිස විදුහලට හොඳක් කරන්නට ගිය නමුත් ආදි සිසුන් එපා කියන නිසා එය අත්හළ බවයි. ජනපති මෙය ආපස්සට හරවන්නට තීරණය කර ඒ ගැන දැනුම් දුන් බවයි.

මේ ගැන පෙර අප පළ කළ ලිපිය
අති විශේෂ ගැසට් පත්‍රයකින් බොරැල්ල ඩීඑස් සේනානායක විද්‍යාල ඉඩමක් රජයට පවරාගනී