duleeka-sujeewa-speaks

ප්‍රවීණ රංගන ශිල්පිනී දුලීකා මාරපනත් ඇගේ සැමියා රංගන ශිල්පී සුජීව ප්‍රියාල් ලුත් පසුගියදා ලබාදුන් සම්මුඛ සාකච්ඡාවක් මේ සමග පළවේ.

●මොකක්දමේ පරිසර දිනය සහ ඔබට දැනෙන දේ පුංචි හරි දෙයක් කියමු..?
              දුලීකා -   ''අපි ඒ දවස් වල මන්තරේ වගේ කියපු කාරණා මේ වෙනකොට ඉෂ්ඨ වෙමින් තියෙනවා...ඒ කියන්නේ මහ විශාල පරිසර හානි සිද්ධ වෙනවා....මේ සියල්ල වෙන්නේ මිනිස් ක්‍රියාකාරකම් නිසා තමයි...මෑත කාලයේ ගොඩක් අය මට කතා කරලා කියනවා මේක වෙන්නේ නෑ,මේක කවදාවත් හැදෙන්නේ නෑ කියලා...මම හැම වෙලේම කියනවා අපි අපි වෙනුවෙන් නෙවෙයි මේක ආරක්ෂා කරන්න ඕන අපේ අනාගත දරු පරම්පරාව වෙනුවෙන්...ඒක තමයි මම හිතන්නේ ඔබේත් මගේත් වගකීම වෙන්නේ...නමුත් ගොඩක් අය කියන දේ තමයි මේක වෙන්නේ නෑ....වෙන්නේ නෑකියන වචනෙට හේතුව ඒක අපි කරන්නෙ නෑ...මේක මහ පොළොවට පණ ඇවිත් කරන්න ඕන කාරණාවක් නෙවෙයි...

දැන් මහ පොළොවට පණ ඇවිත් තියෙන්නේ ඒකයි අපිට මේ තරම් දඬුවම් දෙන්න සූදානම් වෙලා ඉන්නේ...අපි මේක හිතන්නෙ නැති නිසා එයා පෙරළා අපිට දඬුවම් දෙනවා...එකවත් අපි මේ මෙහොතේ ඔළුවට අරගෙන අපිට පුළුවන්නම් වෙනස් වෙන්න අපිට විශාල කණ්ඩායමක් එකපාර වෙනස් කරගන්න බැරි වෙයි හැබැයි තනි පුද්ගලයෙක් විදිහට තමන්ට වෙනස් වෙන්න පුළුවන්නම් තමන්ට ආරක්ෂා කරන්න පුළුවන්නම් මේ මහ පො‍ළොව තමන්ට හිතන්න පුළුවන්නම් අවට පිරිසරය ගැන අන්න ඒ තමයි වෙනස මමහිතන්නෙ එතනින් තමයි වෙන්න ඕන...තව කෙනෙක් දිහා බලලා ඌ වෙනස් වෙන්නේ නෑ කියලා හිතනවට වඩා මම වෙනස් වෙනවා කියන අදහස ඔළුවට අරගන්න පුළුවන්නම් මම මේ රට රකිනවා මම මේ රට ආරක්ෂා කරනවා,මම ප්ලාස්ටික් පාවිච්චි කරන්නනෙ නෑ,මම ෂොපින් පාවිච්චි කරන්නේ නෑ...

මේ මෑත කාලයේ හොයාගෙන තියෙනවා සාගරය යට ගන්න දෙයක් නෑ..ඒකේ තියෙන්නේ යොගට් කෝප්ප,ටින්,පියන් , මේ දේවල් දැන් මේ වෙනකොට වර්තමානයේ මාස්ක් එකක් ඒකට එකතු වෙලා...පාර්ලිමේන්තුවේ ඉන්නෙත් මේ අතරින් ගිය මිනිස්සු ටිකක්නේ රටේ මිනිස්සුන්ගේ හැටියට තමයි පාලකයොත් බිහි වෙන්නේ රටේ මිනිස්සුන්ට පුළුවන්නම් වෙනස් වෙන්න,ආකල්පමය වෙනසක් සැබෑ වෙනසක්, විනයක්, හික්මීමක්, අන්න ඒ ටික අපේ හදාගන්න පුළුවන්නම් මගේ හදාගන්න පුළුවන්නම් මගේ දිහා බලාගෙන අනෙකා හැදෙයි මගේ දිහා බලාගෙන මගේ දරුවා හැදෙයි මගේ දරුවා වෙනස් වෙයි මම හිතන්නේ එතෙන්ටයි අපි යන්න ඕන....අනෙකා දෙස බලන්න එපා තමන් වෙනස් වෙන්න...තමන් ප්‍රතිපත්තිගරුක වෙන්න එහෙම උනොත් අපි විශ්වාස කරනවා රට ගොඩ නගන්න පුළුවන්...''


●පරිසරයට බිඳක්...මෙවා කියලා ගොඩක් කල් නේද....?
                   '' ඒවා කියලා ගොඩක් කල්...මම හිතන්නේ මම පටන්ගත්තේ 1997,මම කොළඹට පය ගැහුවේ 1996....1997 අවුරුද්දෙ ඉදලම තමයි පරිසරය ගැන කතා කරන්නේ...ඒ කාලේ මට කොළඹ නගරය අලංකාර කිරීම කියලා ඒ කාලේ මට project එකක් හම්බුනා ඒකෙන් හදපු ගස් අද මේ වෙනකොට සමහර පාරවල් වල මහ රූස්ස ගස්...මේ අවුරුදු 20 ක් 23 ක් තිස්සේ හැදිච්ච ගස්...තප්පරේට රට සංවර්ධනය කරන්න කියලා ගස් කපන ඔලමොට්ටල හැත්තක් ඉන්න රටකනේ ඉන්නේ....''
●කොඩි ගහ යට ඉපදිච්චඔබේ පුංචි කාලේ ගැන කතා කරමු..?
                    සුජීව - ''නාරාහේන්පිට තට්ටු නිවාසෙක තමයි මගේ ජීවිතය ආරම්භ වෙන්නේ...මගෙ තාත්තා කොළඹට සංක්‍රමණය වෙනවා දකුණ ප්‍රදේශයේ ඉදලා...තාත්තා සළු සලේ වැඩ කලේ මගේ ළමා කාලය ගත්තොත් මට ළමා කාලයේ මතක්වෙන ප්‍රධානම කාරණාව තමයි මම අමුතු සරුංගල් පිස්සෙක්...වෙනවෙන ඒවා කලා ක්‍රිකට් ගැහුවා,රගර් ගැහුවා...පාසල ඉසිපතන මහ විද්‍යාලයට ගියේ ....අනන්ත අප්‍රමාණ තාත්තගෙන් ගුටි කාලා තියෙනවා අව්වේ පිච්චි  පිච්චි සරුංගල් අරින නිසා...

තාත්තා මට සරුංගල් අරින එක තහනම් කරලා තිබ්බා මම කැත වෙයි කියලා එයා බයයි...හැබැයි සතුට කියන දේට අව්ව,වැස්ස මේ දේවල් අදාල වෙන්නේ නෑ...හරිම සුන්දර ළමා කාලයක් තිබ්බා...අපි නාගරිකව ජීවත් උනත් අපිට විදින්න දේවල් තිබ්බා....අපිට කැලෑවල්,වතුපිට තිබ්බේ නෑ පුංචි ඉඩක තමයි ජීවත් උනේ....''
● එක දවසක මාරපන වලව්වට ගිය වෙලාවක අම්මා කියනවා දැන් පුතේ බැන්ඳනම් හොදයි නේද ඕගොල්ලො කියලා....එතනින් එහාට ආපහු එනවානේ ඒ එනකොට වේදනා කන්දේ ඉදලා ආදරේ දැක අත වනලා ඒ සිංදුව කිය කිය ආවා නේද...ඒ සිදු වීම ගැනත් අපි මතක් කරමු...?
                     සුජීව - '' දුලීකා මාව කෙලින්ම අපි යාළු වෙච්ච මුල් කාලෙම මාව එක්කන් ගියා ගෙදර ඉතිං ගිහිල්ලා කතා කලා කතා කරලා විස්තර ඔක්කොමත් අහලා අපි මේක ඉක්මනට කරමු කියන තැනට අපි ආවා...දෙන්නෙකුට මූලික වශයෙන් අවශ්‍ය වෙන්නේ මානසික නිදහසක කියන එක...ඒක තාමත් බුක්ති විදිනවා ගැට ගහලා නෑ....දුලීකාට මගෙන බලපෑමකුත් නෑ මට දුලීකගෙන් බලපෑමකුත් නෑ හැබැයි මෙතනට තුන්වෙනියෙක් ආවොත් බලපෑමක් තියෙයි...එහෙම නිදහසක් ගැන නෙවෙයි කියන්නේ... ඊට පස්සේ අපි ඇත්තටම ආවේ rehearsal එකකට...අපි ඒ දවස් වල ලෝරන්ස්ගේ මනමලි rehearsal....

වේදනා කන්දේ ඉදලා ආදරේ දැක අත වනලා කොහෙදෝ යන්නේ දුලීකා කියලා ඇහුවා අන්තිමට වැඩේ සිද්ද උනා...ඊට පස්සේ අපි registration එක ඉවර කරලා අපි ආයිත් ගියේ rehearsal එකට ඒ ගියාම කවුරුත් දන්නේ නෑ අපි දෙන්නා marry කලා කියලා....යාළුවෙලා අවුරුද්දක් ගිය ගමන් කොහොම හරි කොළේටත් අත්සන් කරගත්තා....''
                  දුලීකා -  '' ඔව් නැත්තම් අවුරුදු දෙකක් ගියානම් මේක වෙන්නේ නෑනේ මොකද මගේ ස්වභාවය එළියට ආවම කිසිම මනුස්සයෙක් ඉන්නේ නෑ...අයියම ඉන්නවා මිසක්...''
                  සුජීව - ''මෙයා ඉන්න විදිහ හදාගෙන තියෙනවා...මම කැමති පිළිවෙලට ඉන්න මෙයා කැමති අපිළිවෙලට ඉන්න...''
                  දුලීකා - '' ඇත්තටම මම ආසයි එහෙම ඉන්න....මම ආසයි හැඩි කරන්න...ගලවපු එක එතන දාන්න,මුද්ද ගැලෙව්වනම් ගලවපු තැන තියෙන්න ඕන...මෙයා ඇවිල්ලා ලස්සනට පෙට්ටි වල දාලා ලස්සනට අස් කරගෙන මම එයින් එකක් ඇද්දනම් ඇති ඔක්කොම එළියේ....ඒක ආයි ත් තිබ්බා වගේ තියන්නේ නෑ...

අස්සෙන් ගහනවා....එකඟතාවයකට ආවා පස්සේ ඔයාලෙ බඩු ඔයා තියාගන්න මගේ බඩු මම තියාගන්නම් කියලා...''
                  සුජීව - '' මම තේරුම් අරන් තියෙන්නේ අපිට ජීවිතේ බොහෙම කෙටි කාලයයි ති‍යෙන්නේ...එතකොට මම මොකටද මේක මගේ කාබරේ මෙක මගේ ඇඳ කියලා මගේ කියා කිසිවක් නැත....මේ සියල්ල අපි හැමෝගෙම...''
                 දුලීකා - '' එහෙම කියලා මට ඕන හැටියේ හැඩි කරන්න දීලා තියෙන්නේ....මට තව සාමාජිකයො දෙන්නෙක් ඉන්නවා...මට ඒ වැඩේට සහය දෙන්න ඉන්නවා තව කකුල් හතරේ පොඩි කොල්ලො දෙන්නෙක්...එයාලත් මෙහෙන් අදිනවා එහෙන් අදිනවා අයියා එපා කියලා කෑ ගහනකොට ඒ අය රෝල් කරලා හිනා වෙනාව....ඒක මට හරිම සතුටුයි...මෙහෙමයි අයියා කියන දේ මම අහනවා හැබැයි මට පොඩි කාලේ ඉදන් තිබ්බා දෙයක් මට රඟපාන්න එපා කිව්වා මම ඒකමයි කලේ...ඒ දඩබ්බරකම් තමයි අවසානෙදි නරකදේවල් නෙවෙයි ළමා කාලයේ තිබ්බ දඩබ්බරකම්...සමහර දේවල් තාම ඉතුරුවෙලා තියෙන එකට මට කරන්න දෙයක් නෑ...පුංචිනා කියන්නේ ඉස්සර අපේ අම්මට හිටිය සහයිකාව...පුංචිනා කියන්නේ මගේ ජීවිතේට චරිතයක්...උසත් නෑ අඩි හතරහමාරක් විතර උස,කකුල් දෙක බකල,කළුයි,කොණ්ඩේ බැඳලා,චීත්ත දෙකක් එකට තියලා බැඳලා ඉන්න කාන්තාවක් තමයි පුංචිනා කියන්නේ....පුංචිනා කියන්නේ මෙහෙම අඬනවා,මෙහෙම හිනා වෙනවා,මෙහෙම කේන්ති ගන්නවා ඒ කියන්නේ  මෙහෙම වෙනකොට එයාගේ හැඟීම් පට ගාලා වෙනස් වෙන එක්කෙනෙක්...

නමුත් ආදරේ කියන දේ උපරිම ඒ කියන්නේ එයාගෙ දරුවන්ට,එයාට පිංචි අම්මේ කියාගෙන එන දරුවන්ටත් එයා අන්තිමට හදපු දරුවා තමයි මම...තාත්තා අපේ ගෙදරට එනකොට එයා මාව අරගෙන ගහල ගාල් වලට රිංගන්නේ...එහෙම යුගයක මගේ ජීවිතේට හරිම වැදගත් චරිතයක් තමයි පුංචිනා කියන්නේ...ඉතිං පුංචිනා මට ඉස්සෙල්ලම කියල දුන්න කවි අතරේ ගොයම් කවි එක එක කවි අතරේ මට කියලා දෙනවා මෙයා මට කලිසන් කොටා කොට කිඹුලා වෙලේ ගහේ පෙ‍ළොස් හොරා හඳපානේ ගෑනු හොරා...ඒ කියන්නේ ඌ දවල්ට පොළොස් හොරකම් කරලා රෑට මූ ගෑනු හොරකමේ යනවා ඒ කාලේ මට ඕක තේරුනේ නෑ...ඒ නූගත් කාන්තාව එදා ඉදන් විවහාරේ තිබ්බ දේවල්,ඒ අත්දැකීම්,ඒ මිනිස්සුන්ගේ තිබ්බ ඇවතුම් පැවතුම් මොනතරම් ලස්සනට මට දුන්නද කියනවම් මම විශ්වාස කරනවා දුලීකා මාරපන කියන රංගන ශිල්පිනිය බිහිවෙන්නේ පුංචිනාගෙන්....''


●ආදරේට කියන විවිධ නම් තියෙනවා නේද අයියට මොනවද කියන නම්..?
                දුලීකා - ''මම ඒවා කියන එක නැවැත්තුව කට්ටිය එක එක ඒවා කියලම...මගේ ගෙදර මම හදලා තියෙනවා අඳුන් කලවැඳි පැටව් දෙන්නෙක්..අපේ ගෙදර හදලා තියෙනවා මුගටි,ලේන්නු,හාවෝ පුදුම විදිහට සත්තු හදපු ගෙදරක් ඒක...අපේ අම්මට තිබ්බා එකක් කොහෙන් හරි මුව පැටියෙක් හොයාගන්න ඕන කියලා ඒ දවස් වල හම්බුනේ නෑ...හැබැයි දැන් මගේ වත්තේ මුවෝ ජෝඩුවක් ඉන්නවා...ඉතිං මගේ හැමවෙලේම මගේ වාග් මාලාවේ තියෙන්නේ මුගටියො,තලගොයි,ගෝන්නු, ඒ වගේ ඒවනේ ඉතිං මම ආදරේටත් මෙයාට මුගටියා කියනවා,කලවැද්දා කියනවා,ඒ නිසා පරිසර හිතකාමී නම් වලින් අඬගහනවා...''

●ආදරයට එහා ගිය ආදරයක් ලැබුනා දුලීකට මවගෙන් ඇඟේ ඡන්දය ලැබුනනම් ඇය තමයි ශිෂ්‍ය නායිකාව වෙන්නේ..වෙන විදිහේ ආදරයක් ඇය ගාව තිබ්බේ...ඒ ආදරේ එක්ක මේ ආදරෙත් ඒ වගේම තමයි...අත නොදීම බැරි තැන තමයි අත දෙන්නේ...ඒ කැමරාව ඉස්සරහා මවාපාන ආදරයක් නෙවෙයි ඔහු ගාව තියෙන්නේ....?
                 දුලීකා - ''සුජීව කියන්නේ හරිම සංවේදී පුද්ගලයෙක්...මගේ ජීවිතේ පුංචි කාලේඉදලා ගොඩක් අඩු තිබ්බා...ඒ අඩුව මට දැනෙන් දුන්නෙ නැති උනාට මගේ අම්මා මට සියලුම දේ දුන්නට මගේ ජීවිතේ හිස් තැනක් තිබ්බා දැන්නම් බය නැතුව මම ඒක කියනවා...තාත්තා කෙනෙක් මොනවගේ ද කියලා මම දන්නේ නෑ...තාත්තා කෙනෙක්ගේ ආදරය මොනවගේද කියල මම දන්නේ නෑ,තාත්තා කෙනෙක් දරුවෙක් හුරතල් කරන්නේ කොහොමද කියලා  මම දන්නේ නෑ...එහෙම පරිසරයක මගේ අම්මා හැමදේම වෙලා මම ගොඩ නැඟුනට මගේ හිතේකොනකට ඒ අඩුව තියෙන්න ඇති...

ඒ අඩුව මම හිතන්නෙ සුජීව අයියා කියලා මම තාමත් හරිම ආදරයෙන් කියනවා මට කටක් ඇරලා තාත්තේ කියන්න පුළුවන් මාව ඒ තරම් ආදරයෙන් රැකබලා ගන්නවා මොකද හේතුව එයා තේරුම් අරන් තියෙනවා මම හරිම දඩබ්බරයි,කියන දේ අහන ළමයෙක් නෙවෙයි,මට නිදාගන්න හිතුනොත් මම නිදාගන්නවා,මට කන්න බැ කියලා හිතුනොත් මම කන්නේ නෑම තමයි...එතකොට මෙයා මාව ළමයෙක් වගේ බලාගන්නවා කියන එක මම තේරුම් අරන් තියෙන්නේ...සතා ලොකුවට හිටියට සුජිව අයියා කියන්නේ අතුලේ තියෙන්නේ හරිම පුංචි හිතක් කියලා මම හරි සැරියි කේන්ති යනවා චුට්ට එහා මෙහා වෙච්ච ගමන් ඕන දෙයක් කියනවා මූණට ඒක එළියට පේන එක...

නමුත් මගේ ඒ අඩුපාඩුව තිබ්බ තැන සුජීව එ අඩුව පුරවනවා කියලා මට දැනෙනවා....ඒක තමයි වටින්නේ මොකද හේතුව අපිට තව Commandsනෙවෙයි ආදරය තමයි මැරෙනකම් ඕන....මම වසන්ති අක්කලාගේ ගෙදර යනවා අපි දෙන්නගෙ ගෙවල් තියෙන්නේ එක ළඟ ඒ කියන්නෙ එයාගෙ ගෙදරයි මගේ බෝඩිමයි තියෙන්නේ එක ළඟ...එයා තමයි මම මේ industry ආවාම මගේ පළවෙනිම මිතුරිය...එයා තමයි මට ගුරුහරුකම් දුන්නේ ප්‍රසන්න ජයකොඩිගේ වේදිකා නාට්‍යට මාව තෝරගත්තම 1999 වර්ෂයේදී මෙයා තමයි මගේ පළවෙනි මිතුරිය මෙයා තමයි මාව මහරගමට අරගෙන යන්නේ,කෑම කඩවල්,රෙදි කඩවල් වලට මෙයා තමයි අරගෙන යන්නේ...ඉතිං මම එහෙ ගෙදර ගියාම අපි දෙන්නා කරන්නේ film බලන එක...

මගේ බෝඩිං කාමරයේ මට ටීවී එකක් තිබ්බේ නෑ...අද හොද film එකක් තියෙනවා දුලිකා එන්න කීයටද එන්නේ කියලා කියනකොට මම ගිහින් film එක බලන්න ලෑස්ති වෙනවා...එතකොට  මෙයා ඇවිත් සෙනෙහෙබර ධනුද්දර පිටපත දීලා ගිහින් තියෙනව මම නෙවෙයි එළියට ආවේ...එදා ආවනම් එදානෙ හම්බවෙන්නේ...''
●ඔබ නන්දා මිස්ගෙන් සංගීතය ඉගෙන ගත්තා නේද...?
                  දුලීකා - ''ඔව් මම ඉගෙන ගත්තා...ඒ ඉගෙන ගන්න මට ආසාවක් ආවේ මගේ අම්මට කැමැත්තක් තිබ්බා ගුරුවරියක් වෙන්න එක්කො චිත්‍ර ගුරුවරියක් නැත්තම් සංගීත ගුරුවරියක්...මගේ අම්මා ඉංග්‍රීසි ගුරුවරියක්...අපේ අම්මට ඕන කලේ අම්මාගේ අඩි පාරේ යමින් මාවද ගුරුවරියක් කරන්න...මගේ දක්ෂතාව තිබ්බේ චිත්‍ර නැටුම් සංගීත වලට විතරයි නාට්‍ය හා රංග කලාව කියන විශයක් මම දන්නෙත් නෑ...1981 මගේ ලොකු අම්මගේ ලොකු දුව නන්දා මාලනී මිස්ගේ පංති ආවා...එතකොට මම පුංචි දරුවෙක්...මට මතකයි අක්කා ගෙදර ඇවිත් තාල තියනවා මට පහළ පන්තියක ගීතයක් ගායනා කරන්න කිව්වම කිව්වේ කුරුටු ගෑ ගී පොතේ,කඩමන්ඩියෙ දොළ අයිනේ,අම්මාවරුනේ මේව තමයි මමගායනා කලේ මොකද මගේ අක්කා කියනවා ගෙදර....මම උසස්පෙළ කරද්දි මගේ අම්මා මාව නන්දා මාලනී මිස්ගේ පන්තියට ගෙනාවා 1994...මම එතකොට හිතුව අම්මගෙ කැමැත්තට මම ගායිකාවක් වෙන්නම්කො කියලා නමුත් විශ්ව විද්‍යාලයේ මගේ මාර්ගය වෙනස් උනා...ගායිකාවක් වීම කෙසේ වෙතත් රංගන ශිල්පිනියක් බවට පත් උනා...''


●සමහර වෙලාවට කොණ්ඩෙ කළුවට තිබ්බ කාලේ හිතාගන්න බෑ මේ කටහඬ කොහොමද ආවේ කියන එක මේ කටහඬේ බර මේ රංගනය තුල ගායනය තුල අද හොයාගන්න නැතුව ගිහින් තියෙන්නේ ඒ නිසාමේ කටහඬ රැකගැනීම සහ හඬ පුහුණුව ඉතාම වැදගත් මේක පරිස්සම් කරගන්න හැටි කියන්නකො බලන්න..?
                      ''මම මූලික වශයෙන් පාසල් අධ්‍යාපනය අමිතා සමරවික්‍රම  මහත්මිය යටතේ තමයි නාට්‍ය  හා රංග කලාව පිළිබඳ යම් කිසි අවබෝධයක් ලබා ගත්තේ...පස්සේ කාලේ ආචාර්ය සොනමන් ෆොන්සේකා මහත්මයා යටතේ තමයි නාට්‍ය  හා රංග කලාව පිළිබඳ  විදිමත් ආකාරයෙන් ඉගෙන ගන්න හම්බුනේ...හඬ පුහුණුව පිළිබඳ විවිධ අභ්‍යස තියෙනවා...

මූලික වශයෙන් අපි වේදිකාව තුල රඟපානකොට ලොකු හුස්ම ප්‍රමාණයක් අපිට දරාගන්න වෙනවා දෙබස් ප්‍රමාණයක් වැඩිපුර කීමට සහ හඬේ levelඑක වැඩි කරන්න ඕන නිසා බඩට අපි ගන්නා හුළං ප්‍රමාණය වැඩි කරන්න ඕන..මූලික වශයෙන් මේ බඩේ තියෙන හුස්ම ප්‍රමාණය පාලනය කරගන්න කියන කියන කාරණාව එතකොට හඬ නිකුත් වන තැන් කීපයක් තියෙනවා බඩෙන්,පපුවෙන්,උගුරෙන්,හිස් මොලයෙන් සහ නාසයෙන් කියන තැන්...ගොඩක් වෙලාවට අපි වේදිකා නාට්‍ය වල රඟ පානකොට සීතලා ජාතිබොනව අඩුයි...නිවේදනයට,සංගීතය කියන සියලු දේට මේ හුස්ම පාලනය කියන දේ බලපානවා...දරුවන්ට රංගනය පුරුදු කරනවට වඩ මම හිතනව ඉදිරි අනාගතය මේ රට බාරගන්න ඉන්න දරුවන් ඔවුන්ටමේ රට ආරක්ෂා කරන්න අවශ්‍ය කරන මානසික මට්ටම ළඟා කරගත යුතු වන්නේ...''

                     දුලීකා - ''ඉස්සරහට අපිට එන්නේ digital ලෝකයක්නේ...ඉස්සරහට එන්නේ tab ,lap top වල හිරවෙච්ච ලෝකයක් එන්නේ ඒක දෙමව්පියන්ටත් ආක්ලාදයක් වෙන්න පුළුවන් වර්තමානයේ...හැබැයි මේක නැති වෙන්නෙ තමන්ගේ දරුවා දරුවෙක් නෙවෙයි තව දුරටත් මේක ඇවිල්ලා machine එකක් දැනෙන දවසට ඉස්සෙල්ලාම අපිට ළමුන්ට නාට්‍ය හා රංග කලාවට කලින් මනුස්සකම තමයි උගන්නන වෙන්නේ...හිතන්න හැම වෙලේම ගන්න හැම පියවරක්ම තමන් ගැන තමන්ගේ පවුල ගැන හිතන්න පියවර ගන්න රටට ආදරේ කරන්න,පරිසරයට ආදරේ කරන්න ඒක තමයි වටින්නේ මේ මොහොතේ ...''

(සියත ටීවී)