
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවේ දී වෙළෙද නාවික
ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජෙනරාල් අජිත් සෙනෙවිරත්න මහතා පවසා සිටියේ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ඇතිවූ ගින්න හේතුවෙන් මෙරට සමුද්‍රයට හා වෙරළ තීරයට සිදු වූ හානිය
ගණනය කර නීතිපතිවරයා හරහා අදාළ රක්ෂණ සමාගමට හා සිංගප්පූරු නැව් සමාගමට යොමු කිරීමට
බලාපොරොත්තු වන බවත්,
එම වන්දි මුදල් ගෙවීමට එම නැව් සමාගම බැදී සිටින අතරම ඔවුන් මේ වනවිටත් වන්දි ගෙවීමට කැමැත්ත පළ කර ඇති බවත්ය.
මෙම ගින්න හේතුවෙන් මෙරට සමුද්‍රයට හා වෙරළ තීරයට සිදුව ඇති හානිය ගණනය කර, ඒ පිළිබදව
වාර්තාවක් ලබාදෙන ලෙස අදාළ නැව් සමාගම විසින් දැනුම් දී ඇති බවත්, ඔවුන් එම මිල දැනගත් පසු වන්දි මුදල්
ලබාදීමට සූදානම් බව ප්‍රකාශ කර ඇති බවත් ඔහු කීය.මෙම නැවේ සිදු වූ සියලු සංවාද සහිත වීඩීආර්
යන්ත්‍රය සෙවීමේ මෙහෙයුමක්ද ක්‍රියාත්මක බව ඔහු දැන්වීය.
Comments
Post a Comment
Your comment will be visible after approval