
කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සාමාජිකයන් හත් දෙනෙක් ඊයේ (31) පත්කරනු ලැබිණි.
ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා සභාපතිත්වය දරන එම කොමිෂන් සභාවේ සෙසු සාමාජිකයන් ලෙස පත් කරනු ලැබ ඇත්තේ මහා භාණ්ඩාගාරයේ ලේකම් එස්. ආර්. ආටිගල, ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ආචාරිය ප්‍රියත් බන්දු වික්‍රම, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ හිටපු සභාපති සාලිය වික්‍රමසූරිය, ඕරල් කෝපර්යේෂන් සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂ කුෂාන් කොඩිතුවක්කු, මරිකන්ටයිල් ඉවෙන්ට් ඇන්ඩ් ෆිනෑන්ස් කළමනාකාර අධ්‍යක්ෂ ජෙරාඩ් ඔන්ඩච්චි සහ මැක්ලරන්ස් සමූහයේ සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂ රොහාන් ද සිල්වා යන මහත්වරුන්ය.එම සාමාජිකයන්ට පත්වීම් ලිපි ප්‍රදානය ද ඊයේ (31) සිදු කෙරිණි.කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී ඉකුත් 20 වැනිදා සමත විය. එම පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 148ක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද 59ක් පමණි.
(සුජිත් හේවාජූලිගේ)

Comments
Post a Comment
Your comment will be visible after approval