gamini-rajapaksa-express-pearl

ගිනිගැනීමට ලක්වූ එක්සත්ප්‍රස් පර්ල් නෞකාවෙන් යම් තෙල් කාන්දුවක් සිදුවන්නේ නම් බෝගල පතලේ විශේෂ මිනිරන් වර්ගයක් උපයෝගී කරගනිමින් මෙරට මහචාර්යවරුන් තිදෙනෙකු සකස් කළ නිර්මාණයක් උපයෝගි කරන්ගෙන එම තෙල් සියල්ල එකතු කරගැනීම සඳහා සැලසුම් කර ඇතැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේත් රසායන විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ගාමිණී රාජපක්ෂ මහතා පැවසීය. 



පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි ආයතනයේ මහචාර්ය අමරසේන පිටවල, මහනුවර හන්තාන මූලික අධ්‍යයන ආයතනයේ මහචාර්ය ටී.ආර්.ඒ කුමාර හා නදීශ ගුණවර්ධන යන පිරිස දිගු කලක් තිස්සේ සිදුකළ පර්යේෂණ ඔස්සේ මෙම සොයා ගැනීම සිදුකර තිබෙන බව මහාචාර්යවරයා පැවසීය.

මිනිරන් ග්‍රෑම් එකකට තෙල් ග්‍රෑම් 120ක් උරාගැනීමට හැකි අතර, මෙම මිනිරන් විශේෂය තවත් ද්‍රව්‍ය. භාවිත කර මෙට්ටයක් ආකාරයට සකස්කර මුහුදට දැමූ විට ජලයේ ඇති තෙල් සියල්ලට උරාගන්නා බවත්, මේ සඳහා ඔවුන්ට පේටන්ට් බලපත්‍රයද හිමිව ඇති බවත් ගාමිණී රාජපක්ෂ මහතා කියා සිටියේය. මෙම පේරාදෙණිය විශ්වවිද්‍යාලය, මූලික අධ්‍යයන ආයතන්නය, ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනය හා බෝගල පතල ඒකාබද්ධව මෙම නැවෙන් විසිරි යන තෙල් එකතු කිරීම සදහා අවශ්‍ය මෙට විශේෂය සකස් කරන බවත්, රට පත්ව තිබෙන අසීරුතාව සැලකිල්ලට ගෙන එහි තාක්ෂණය ඇතුළු සියලු කටයුතු කිසිදු මුදලක් අය නොකර ලබාදීමට තීරණය කර තිබෙන බවත් කී මහාචාර්යවරයා මිනිරන්වලට උරාගන්නා තෙල් ඒවායින් පිටතට ගෙන යළි ප්‍රයෝජනයට ගත හැකි බවද පැවසුවේය.



නැවේ ඉතිරි වී තිබෙන තෙල් මුහුදට එක්වීමට නොදී තවත් නැවකට මාරු කරගැනීමට ඇති හැකියාව සම්බන්ධවද අධ්‍යයනය කරමින් සිටින බවත්, මුහුදු ජලයට එකතු වන ජලය එලෙස ඉවත් කර ගැනීමට කටයුතු කරනවිට,නැවෙන් තෙල් ඉවත් කරගැනීම සම්බන්ධයෙන් පර්යේෂණ සඳහා පැමිණ තිබෙන ඇමෙරිකානු විශේෂඥවරයෙකුගේ සහායද මෙම වැඩපිළිවෙළ සදහා ලැබී තිබෙන බවත් මහචාර්යවරයා සඳහන් කළේය. මෙම නැවේ විශාල වශයෙන් ඊයම් තිබී ඇති අතර, ඒවා ඉවත් කරගැනීම අතිශය වැදගත් කාරණයක් බවත්, මෙම නැවේ ඇති තෙල් ඉවත් කරගැනීමට නොහැකි වුවහොත් ඉන් අති විශාල පරිසර හානියක් සිදුවන බවත් කී රාජපක්ෂ මහතා, ඊයම් ටොන් එකක් ටොන් භාගයක් දක්වා ක්ෂය වීමට වසර 700ක් ගතවන බවත්, එය යළි අඩක් වීමට තවත් වසර 700ක් ගතවන බවත් සඳහන් කළේය. මෙම මේවා ජලයට එකතු වීමෙන් සිදුවන හානිය පරම්පරා ගණනාවකට බලපාන බවද රාජපක්ෂ මහතා අවධාරණය කළේය.

 (චමිල් රූපසිංහ)