ගෑස් සමාගම් රුපියල් 500කට වඩා වැඩි මිලකින් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ඉහළ දැමිය යුතු බවට
ඉල්ලීම් ඉදිරිපත් කර තිබු අතර ගෑස් මිල සංශෝධනයට කිරීමට පසුගිය දා වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන අමාත්‍ය මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කරන ලදි. අනතුරුව ඒ සම්බන්ධයෙන් තවදුරටත්
අධ්‍යයනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනු කමිටුවක් පත් කරන ලදි.
ඒ සඳහා පත් කළ පංච පුද්ගල අමාත්‍ය අනු කමිටුව වර්තමානයේ රට තුළ පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් මේ මොහොතේ ගෑස් මිල වැඩි නොකිරීමට තීරණය කරන ලදැයි කමිටුවේ සාමාජික ඇමති මහින්ද අමරවීර දන්වා සිටියේය.
අමාත්‍යවරුන් වන බන්දුල ගුණවර්ධන, මහින්ද අමරවීර, වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිළ සහ
කෙහෙලිය රඹුක්වැල්ලගෙන් සැදුම්ලත් මෙම කමිටුව මීට පෙර අවස්ථා කිහිපයකදී රැස්වී ගෑස් මිල ඉහළ
දැමීම සඳහා ගෑස් සමාගම් කර තිබූ ඉල්ලීම් සලකා බලා ඇති අතර අවසන් සාකච්ඡාවේදී තීරණය වී ඇත්තේ රට තුළ පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් ගෑස් මිල ඉහළ නොදැමීමටයි.
‘අපි මිල වැඩි නොකර සමාගම් වෙත විකල්ප යෝජනා ඉදිරිපත් කළා. අවසන් නිගමනය අද කැබිනට් රැස්වීමේදි ගනිවි.‘
ඇමති මහින්ද අමරවීර දන්වා සිටියේය.
0 Comments