harry-meghan-announce-birth-baby

හැරී මෙගන් යුවළ ඔවුන්ගේ දෙවන දරුවා උපත ලද බව නිවේදනය කර තිබේ. ඇමරිකාවේ කැලිෆෝනියා නුවර රෝහලකදී සිකුරාදා දරුඋපත සිදුවූ අතර ඉපැදුනේ ගැහැණු දරුවෙකි. ලිලිබෙට් "ලිලී" ඩයනා මවුන්ට්බැටන්-වින්ඩ්සර් නම දියණියට තබා තිබේ.
එක්සත් රාජධානියෙන් පිටත උපත ලැබූ රැජිනගේ මුනුබුරු මිනිබිරියන්ගෙන් පළමුවැන්නා ලිලී ය.
කැලිෆෝනියාවේ සැන්ටා බාබරා හි සැන්ටා බාබරා කොටේජ් රෝහලේ වෛද්‍යවරුන්ගේ සහ කාර්ය මණ්ඩලයේ විශ්වාසනීය සත්කාර යටතේ ජුනි 4 වන සිකුරාදා පෙරවරු 11.40 ට ලිලී උපත ලැබුවාය.


මව සහ දරුවා යන දෙදෙනාම නිරෝගීව හා සෞඛ්‍ය සම්පන්නව සිටින බව වාර්තා කර ඇත.
ඇගේ මැද නම ඩයනා තෝරාගනු ලැබුවේ ඇගේ ආදරණීය අභාවප්‍රාප්ත මිත්තණිය වන වේල්ස් කුමරියට ගෞරව කිරීම සඳහා ය
මුල් නම ලිලී නම් කර ඇත්තේ ඇගේ මී මිත්තණිය වන එළිසබෙත් රැජිණගේ පවුලේ අන්වර්ථ නාමය ලිලිබෙට් සිහිපත්වන්නටය.ලිලිබෙට් මුලින්ම භාවිතා කරනු ලැබුවේ එලිසබෙත් කුමරිය කුඩා දරුවෙකු වූ කාලයේ ඇගේ නම නිසි ලෙස උච්චාරණය කිරීමට නොහැකි වූ විටය.
ඇගේ සීයා වන පස්වන ජෝර්ජ් රජු එලිසබෙත් යැයි පැවසීමට ඇය දැරූ උත්සාහය අනුකරණය කරමින් ඇයව 'ලිලිබෙට්' ලෙස ආදරයෙන් හඳුන්වනු ඇත.
හැරී මෙගන්ට මීට පෙර උපන්නේ පුතෙකි. ආර්චි නම් තබන ලද ඔහුට දැන් වයස අවුරුදු 2 කි.
2020 ජූලි මාසයේදී මෙගන්ට ගබ්සාවක් සිදු වූ බව මේගන් පසුගිය වසරේ අගභාගයේදී හෙළි කළාය.