
අද (9) දින පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත්ගෙන් ලබන 14 වනදායින් පසු නැවත රට විවෘත කරාවිද දීර්ඝ කෙරේද යන්න විමසීමේදී කියා සිටියේ තමා ඒ ගැන තීරණයක් දීමට දන්නේ නැති බවයි.
සෞඛ්‍ය අංශ හැටියට දිගටම රට වසා තැබීමට හැකි නම් තව දිගු කලක් රට වසා තබා තත්වය යහපත් අතට ගැනීමට තමන් කැමති නමුත් එය ප්‍රායෝගික නැති බව දැනට පෙනී ගොස් ඇති නිසා රට වසින අරින තීරණය දේශපාලකයින් සතු බව නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් කියා සිටියේය.
මේ අතර කොරෝනා එන්නත් ගාල්ලේදී කොළඹ පිරිසකට ලබාදීම ගැන විමසීමේදී වෛද්‍ය හේමන්ත හේරත් පැවසුවේ තමාට එතැන සිදුවුනේ වරදක් ලෙස තවම නම් කරන්නට බැරි බවයි. ඒ ගැන විමර්ශනය සිදුවන බවත් එය අවසන් වනතුරු කිසිවක් කිව නොහැකි බවයි.
රට ලබන 14 වනදායින් පසු විවෘත කරන්නේ රටේ බරපතල තත්වයක් නැතැයි සෞඛ්‍ය විශේෂඥයින් තහවුරු කළහොත් පමණක් බව මීට පෙර හමුදාපති ෂවේන්ද්‍ර සිල්වා දන්වා සිටි අයුරු පෙර ලිපිය මෙතැනින්
Comments
Post a Comment
Your comment will be visible after approval