india-mourns-as-flying-sikh-milkha-singh-dies-of-covid

සිව් වතාවක් ආසියානු මළල ක්‍රීඩා රන් පදක්කම් ලාභියෙකු වූ “පියාඹන සික්” ලෙස නම් කර ඇති ඉන්දීය මළල ක්‍රීඩා තාරකාව මිල්කා සිං කොරෝනා රෝගයට ගොදුරුවී  උතුරු ඉන්දියාවේ චන්දිගාර්හි රෝහලකදී අභාවප්‍රාප්ත විය.
1958 දී මීටර් 400 අංශයෙන් පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී රන් පදක්කමක් දිනාගත් පළමු ඉන්දීය ක්‍රීඩකයා සිං ය.
ඉන්දියාවේ ප්‍රථම ක්‍රීඩා සුපිරි තරුව සහ රටේ වඩාත්ම කීර්තිමත් මලල ක්‍රීඩකයාලෙස නම් කර තිබෙන ඔහු කුඩා කල අතිශය දුෂ්කර ජීවිතයක සිට දියුණුවට පත්ව ඉහළට ආ හැටි ගැන එරට මාධ්‍ය තුළ ප්‍රකටය.

ඔහුගේ ජීවිත කතාව
“භාග් මිල්කා භාග්” නමින් 2013දී බොලිවුඩ් චිත්‍රපටයක් සඳහාද විෂය විය.
මිල්කා සිං ජාතික වීරයෙකු ලෙස එරට සලකන අතර වයස අවුරුදු 91 දී COVID රෝගයෙන් මියගියේය.
හිටපු වොලිබෝල් ශූරියකවූ ඔහුගේ බිරිඳ නිර්මාල් කෞර් දින කිහිපයකට පෙර මෙම වෛරසයෙන්ම මිය ගොස් තිබුණ අතර මියයනවිට ඇයගේ වයස අවුරුදු 85 කි.

ක්‍රිකට් ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර්  ඉන්දියානු කාන්තා ටෙනිස් තරුවක වන සනියා මිර්සා මෙන්ම මලල ක්‍රීඩකයාගේ චරිත නිරූපණය වෙනුවෙන්  සම්මාන දිනාගත් චිත්‍රපටයේ ප්‍රධාන නළු ෆර්හාන් අක්තාර්  ඇතුළු අය පණිවුඩ නිකුත් කර ඔහුගේ විශිෂ්ටත්වය ගැන අගයා තිබේ.