ඉන්දියාවේ පවතින දැඩි කොරෝනා අවදානම හේතුවෙන් ඉන් බේරිමට මුහුදු මාර්ග ඔස්සේ පැමිණ මන්නාරමට ඇතුළුවීමට උත්සාහ දැරු ඉන්දීය ජාතිකයින් 40 දෙනකු රැගත් යාත්රා 4ක් පෙරේදා (30) ආපසු ඉන්දියාවට යැවීමට නාවික හමුදාව විසින් පියවර ගත්තේය.
ඉන්දියාවේ පවතින කොරෝනා අවදානම හේතුවෙන් ඉන්දියාවෙන් පිරිස් මෙරටට පැමිණීම වැළැක්වීමට උතුරුමැද නාවික විධානය විසින් සිදු කරන ලද සෝදිසි මුර සංචාරයන් අතරතුර දී ධීවරයන් ලෙසින් පැමිණි පුද්ගලයන් 40 දෙනකු මන්නාරමට ඇතුල්වීමට ගත් උත්සාහය මෙසේ නවතා දැමීමට නාවික හමුදාව පියවර ගෙන ඇත.
මන්නාරම් මුහුදු සීමාවේ දී නාවික හමුදා භාරයට පත් ඉන්දීය ජාතිකයන් පිළිබඳව ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයට සහ ඉන්දීය වෙරළාරක්ෂක බළකායට දැනුම් දී ආපසු යැවීමට පියවර ගත් බවට නාවික හමුදාව වැඩිදුරටත් පැවසීය. නාවික හමුදාව පැය 24 පුරාම උතුරු මුහුදේ ආරක කටයුතුවල නිරත වේ.
-රොමේෂ් මධුෂංඛ-
0 Comments