✪ පොළොවේ පය ගහලා ජීවත් වන ආදරවන්තයා ජයසේකර අපොන්සු.. අපි සුප්‍රසිද්ධ චරිතයක අප්‍රසිද්ධ කතා තමයි අහන්න ආසයි.. 1971 නුවරඑළිය ඉඳලා කොළඹ ආපු බව මම අහලා තියනවා. ඔය නුවරඑළියෙන් කොළඹට ආපු වෙලාවෙදි මුහුණ දීපු හිතාගන්න බැරි සිදුවීමක් ඇහුවොත් මොකක්ද මතක් වෙන්නේ?
මම ඇත්තටම නළුවෙක් වෙන පිපාසෙන් නළුවෙක් වෙන්න ආසාවෙන් තමයි ආවෙ.. ඒ කාලේ නළුවා කියන්නේ මම හිතන්නේ එතකොට විජය කුමාරතුංග හන්තානෙ කථාවේන් ඇවිල්ලා එක චිත්‍රපටය රඟපාන කොට චිත්‍රපට විසි ගානක් හම්බ වෙලා.. මොකද ඒ තරම් ලස්සන ,කඩවසම් ඇත්තටම හරිම ලස්සන මනුස්සයෙක්.. දැන් මට ඊට හාත්පසින්ම වෙනස්.. කෙසඟ සිරුරක්. මේක කමිසය ඉස්සුවාම එහෙම කවකටු පෙට්ටියක් වගේ.. මූණ යට ගිහිල්ලා.. හැබැයි රංගනය දක්ෂකම තියෙනවා කියලා මම තක්සේරු කරගෙන හිටියේ.. ඇත්තටම අපි ඉන්දියාවේ ගත්තොත් එහෙම ධනුෂ් කියලා ඉන්නේ නළුවෙක්.. ඔය ඒ ස්වරූපයක් තමයි මට තිබුනේ. මොකද දැන් මට සාස්තරකාරයෝ හතරදෙනක්.. එක්කෙනෙක් තමයි අපේ ගාමිණී ෆොන්සේකා.. ගමිණී ෆොන්සේකා කිව්වෙ තමුසේ ඕයි ඉන්දියාවේ ඉපදිච්ච ජනප්‍රිය කකුලක් කියලා ඉස්සර කිව්වා..
✪ එහෙම කිව්වේ මේ විහිළුවටද?
නෑ නෑ නෑ.. මේ එයා කිව්වේ එයාට හස්තරේඛා පුළුවන් හොඳට.. එතකොට දැන් සම්මුඛ පරීක්ෂණ වලට යනකොට මට තේරෙනවා අර handsome සිරුර සහ ඒක අඩු එකෙන් චිත්‍රපටවලට මාව කොල්ලට නම් ගැනෙන්නේ නෑ කියලා මට හිතුනා.. වයසක තාත්තගේ එකත් බෑ.. යසත් නෑ.. මම හිතුවා දැන් ලේසියෙන්ම මේ තිරයට රිංගන්න පුළුවන් විහිළුකාරයෙක් වුනොත් කියලා.. මම ඊළඟට පුරුදු වුණා චරිත ගණනාවක් ඉංග්‍රීසි නළුවෝ හිටපු ඇන්තනි කුයින්, දෙමළ නළුවෝ, හින්දි නළුවෝ දෙබස් කියමින් පොඩි අයිටම් එකක් ඒහෙම ගිහිල්ලා මම අධ්යක්ෂවරු හම්බෙලා කරලා පෙන්නනවා.. මේක කිංස්ලි රාජපක්ෂ ඉස්සරහ කරලා තමයි සිනාවයි ඉනාවයි ගැන චිත්‍රපටයට මම ගත්තේ.
ඊට පස්සේ කොහොම හරි අපි බෝඩිමකට ගියා කොටා රෝඩ් ..එකේ සොමී රත්නායක රංජිත් සුරංග ප්‍රේමසිරි කල්පගේ ,නිමල් ලක්ෂපතිආරච්චි ඉඳලා හිටලා එනවා.. දැන් නාට්‍යයෙන් තමයි මම ජීවත් වෙන්නේ. සුමිත් එහෙමයි රංජිත් එහෙමයි .අපි ඉතින් දර්ශනයකින් මට රුපියල් සීයක් හම්බවෙනවා. බෝඩිං කාමරේට රුපියල් 20යි. බත් පාර්සලය සත 50 එළවළු.. චිකන් සත හැත්තැපහයි. එදා හරි බඩගිනියි අපිට. එකෙක් අතේවත් සල්ලි නෑ.. දැන් කල්පනා කරනවා කොහොමද කන්නේ.. බඩගින්න එනවා දැන්.. මට බඩගිනියි එනකොට පොඩ්ඩක් වෙව්ලන්න එනවා. කොටා රෝඩ් එකේ රේල් පාරට උඩින් තියෙනවා කඩයක්.. මුදලාලි මාත් එක්ක හොඳට යාලුයි.. මොනද මහත්තයා අලුත් චිත්‍රපට එහෙම අලුත් නාට්‍ය කියලා අහනවා.. අද කනවා..
කාලා එකවුන්ට් එකක් අරිනවා. මුදලාලි මෙහෙමයි අපි මාස් පතා ගෙවන්නම් ඕක තමයි අපේ ප්ලෑන් එක..ක සොමි රංජිත් යමු දැන් කමු.. සොමි මගෙන් ඇහුවා උඹ ගාව ඒ සල්ලි තියෙනවද.. මං කිව්ව තියනවා ප්‍රශ්නයක් නෑ කාපන්.. දැන් කනවා කියන්නේ රුපියල් දහයයි බිල.මල ජූලියයි.. දැන් මම අරක කියන්න මුදලාලිට යන්න ඉන්නේ... තාම කෑවා විතරයි ණයට කන්න කියලා මුදලාලිට කිව්වේ නෑ.. ඒක මගෙ තියන සංවිධානාත්මකකම.. ඊට පස්සේ දැන් මේ වෙනකොට ආනන්ද වික්‍රමගේ අපේ කාමරේට නිතරම එනවා.. ආනන්ද සල්ලිකාරයා.. මිනිහව ඇවිල්ලා කාමරේ බලලා දන්නවා කන්න තමයි ගිහිල්ලා ඇති කියලා ආවා හෝටලයට.. මම කිව්වා ආනන්ද පොඩි වැඩක් තියෙනවා මෙහෙමයි මෙහෙමයි කියලා කිව්වා... හා මං ගෙවන්නම් කියලා ගෙව්වා.. ගෙව්වට පස්සෙ ඒක ගෙවන ගමන් මුදලාලිට මම අරකත් කිව්වා.. මුදලාලි හැමදාම මේක කරන්න හරි අමාරුයි.. සල්ලි තියෙනවා.. නමුත් අර අපි මාසික ගෙවන්නම් කියලා account එකක් හදා ගත්තා ..හැබැයි ගානට ගෙවනවා..
✪ අපි දැන් වෙන පැත්තකට එනවා ජීවිත අත්දැකීම් එක්ක.. ඒ තමයි දැන් කලාවෙන් අයියා හම්බ කරගත්ත දේද උනේ නැත්නම් තිබ්බ සකල සබ්බ සකල මනා වත් කලාව හින්ද වියදම් වෙච්ච එකද?
දැන් කල්පනා කරනකොට ඒකත් හැබැයි මම එහෙත් එහෙම කල්පනා කරන්නෙත් නෑ.. මොකද රෑ රූ චිත්‍රපටය මම කළා.. ඒ රෑ රූ චිත්‍රපටය කරද්දි මම වේදිකාවෙන් හම්බකරපු තටු නාට්‍යය, ඉරි නාට්‍යයෙන් ඒ හැම නාට්‍යයක්ම සම්බන්ධව මම පර්චස් 20 ක ලස්සන ගෙයක් හැදුවා තට්ටු දෙකට... තාප්පෙ මගේ උස උස.. උඩ තට්ටුව හැදුවෙ නෑ.. අන්තිමට ඒක ඇපේට මහජන බැංකුවට තියල තමයි චිත්‍රපටය කළේ.. කරලා පෝලිමේ ඉන්නවා දැන් චිත්‍රපටය.. ඊට පස්සේ ප්‍රංශය චන්ද්‍රරතන හාමුදුරුවො ආවා ලංකාවට අධාරයට චිත්‍රපටයක් ගෙනියන්න.. ශ්‍රියානි අමරසේන මහත්මිය අපොන්සු අර ඔයාගේ චිත්‍රපටය පෙන්වන්න හාමුදුරුවන්ට කිව්වා.. මම ඔය mini theater එක බුක් කරල ඒගොල්ලො ආවා දහදෙනෙක් විතර බලන්න.. ඉවර වෙච්ච ගමන් කිව්වේ ආ මේක හරි ෂෝක් මේක ගෙනියමු කිව්වා.. මහත්තයා රට ගිහින් තියෙනවද. මම කිව්ව අනේ ඉන්දියාවටවත් ගිහිල්ලා නෑ .
එහෙනම් ටක් ගාලා පාස්පෝර්ට් හදලා සුමාන දෙකෙන් වගේ Visa හම්බුනා.. එතකොටම ඇමරිකාවේනුත් කතාකළා උපරථන හාමුදුරුවෝ..ඔක වොෂින්ටන් පන්සලෙත් පෙන්නමු..අර හාමුදුරුවන්ගේ කනෙක්ෂන්.. ආ එව්වා American visa ..ඔන්න කැනඩාවෙන් කතා කළා.. ඒත් මේ connection. තව තව රටවල් වලට යන්න හොලිවුඩ් යන්නත් එනවා එහෙන්.. එතකොට මෙහෙන් ශිවගුරුනාදන් ටෙලිෆෝන් කරනවා ඒයි කැසට් ඉවරයි නෝනාවරුනි මහත්වරුනි වරෙන් වරෙන්.. ආවා.. ඊට පස්සේ ආයිත් පෝලිමේ චිත්‍රපටය. අනූ නමයේ මේක පෙන්නන්න කිව්වා.
ගාමිණී වේරගම එතකොට ක්‍රියාකාරි අධ්යක්ෂ. මං කිව්වා වීරගම දැන් පෙන්නුවොත් මට බෙල්ල වැලදා ගන්න වෙන්නේ ගේදොර තියලා මං මේක කරේ.. මොකද සෙනග යන්නෙ නෑ හෝල් වලට.regal hall එකට විතරයි යන්නේ මේක සම්භාවනීය මණ්ඩලය. රීගල් එකට මගේ එකත් දාන්න එහෙනම්.. මම රීගල් දෙනවනං දාන්නම්.. ඒකට මිනිස් මණ්ඩලයක් එනවා තෝරන්න.. රුපියල් පන්දහක් බඳින්න ඕනේ. එතකොට හිටපු වයිෆ්ගෙ රත්තරන් බඩු තමයි තිබ්බේ.. ගෑනු යන්නැද්ද නේද..
ඔන්න ඉතින් දැන් පන්දහක් බැඳලා මං කිව්වා හැන්දෑවට මටත් එන්න බැරිද විනිශ්චය මණ්ඩලේ බලන්න.. ඔයාට බෑ එන්න හෙට උදෙන්ම එන්නකෝ.. ගියා. මිනිහා හරි කණගාටුවෙන් අයියා මේ ආපු කට්ටිය ගොඩ දෙනෙක් කැමති වුණා වැඩේට.. ෆිල්ම් එක හොඳයි කිව්වා.. එක්කෙනෙක් බෑ කිව්වා එයාගෙ විනිශ්ච හින්ද මේක ෆේල් කිව්වා. අර judge board එකෙ ඉඳන් බැහැ බැහැ කියල කිව්වෙ කවුද ජයන්ත චන්ද්‍රසිරි.. මගේ වෛරයක් තරහක් නැහැ.. නමුත් ඒ එක දෙයින් අන්තිමට ෆිල්ම් එක දිවුවෙ නෑ.. පාඩු වෙලා අන්තිමට ලියුම් එනවා මහජන බැංකුවේ මට ඉතින් මේක හරි වාතයක් මම බැලුවා වික්ක ගෙදර.. හැරල් විජේසිංහ ගත්තේ. අඩුවට තමයි දුන්නෙ.
✪ විකුණලා ඊට පස්සේ කොහෙද හිටියේ ?
එදා සිට අද වන තුරු මා කුලී නිවාස වල සිටිමි.. අනූ නමයේ සිට කුලි නිවාස වල සිටිමි.. සමහරු කියනවා මැදවච්චිය නිවසක් තියෙනවා කියලා ඒක මගේ නෙවෙයි..
✪ කලාකරුවෙක්ට කලාවෙන් විතරක් යහතින් ජීවත් වෙන්න පුළුවන්ද?
මම කාගෙවත් නම් කියලා එහෙම මේවා කරන්න මම කැමති නැහැ.. නමුත් කලාකරුවෙක් වශයෙන් අර ගරු මෛත්‍රී පාල සිරිසේන මැතිතුමත් එක්ක කරපු සාකච්ඡාවත් මං බැලුවා.. ඒක හරිම ෂෝක්.. එකේදි ඒතුමා කිව්වා මං කොතැනට ගියත් බත්මුල එනවයි කියලා මගේ පස්සෙන්.. මට එහෙම මගේ කලාව එක්ක මගේ ප්‍රථම විවාහය බත්මුල ගෙනාවනම් අදටත් බත්මුල ගෙනාවනම් අද මම හරි ජයග්රාහිකයි .මොකවත් නෙමේ කලාකරුවා කියන්නේ හම්බ කරා.. ෙව්දිකා නාට්‍යයක් කරාම ඔක්කෝටම ගෙවලා මට හොඳ ගානක් තියෙනවා.. බොරු කියන්න ඕනේ නෑ. ඒ ගාන show දහයක් විතර මාසෙට ගියොත් එහෙම මට වෙන මොකවත් ඕන්නෑ.. මම අර ටෙලිනාට්‍යයක් ඩිමන්ඩ් කරගෙන හිටියා තිස්දාහක් දෙනවනම් එනවා මට නැත්නම් බෑ කියලා.. මට කවුරුවත් කතා කරේ නෑ.. ඒ ඩිමන්ඩ් එකේ ඉන්න අරවා තිබුනානෙ බඩු වේදිකාවෙ.. ඉතින් දැන් ඒවා අගහිගකම් දැන් එනකොට ආදරේ පැනලා දුවයි පෑලදොරින් කියන එකට හැබැයි මම බනින්නේ නෑ...
ඒ කියන්නේ කලාකරුවෙක් කියලා අපි හම්බ කරගත්ත දේ කුට්ටි ගහලා මෙහෙම කෝටි ගණන් තිබුණනම් මට අද... නමුත් සල්ලි තියෙන්න ඕනේ..
✪ අයියා ඔය කියන කාරණාවෙන් සමාජයට හිතන්න පුළුවන් කෙනෙක්ට දෙයක් ගන්න පුළුවන්නම් විතරක් උත්තරයක් දෙන්න.. එක තැනකදි කිව්වා බිරිඳගෙ රත්තරං බඩු උකස් කරලා තමයි රුපියල් පන්දාහක් ෙගව්වෙ.. ඉතින් ගෑනු නොයා ඉඳීද කියලා..දැන් කිව්වා මෛත්‍රීපාල මහත්තයට වගේ බත්මුල ඔතලා දෙන්න කෙනෙක් හිටියා නම් මට මේ කිසි දෙයක් අගහිඟ කමක් දැන් ඒකක් නැහැ කියලා මොකක්ද මේ කාරණාවලින් කියන්න උත්සාහ කරන්නේ?
මම ප්‍රාර්ථනා කරනවා ලබන ආත්මේ හොඳ නළුවෙක් මේ වගේම හොඳ නළුවෙක් වෙලා මට මෙහෙමයි අනුන් දිහා බලලා සන්තෝස වෙන්න ගොඩක් අය ඉන්නවා.. ඔයාගේ program බලද්දී හැම කෙනෙක්ම කිව්වේ ඒගොල්ලොන්ගෙ පවුල් ජීවිතයේ තියෙන රසවත්භාවය.. ඒක සමහර විට මගෙත් හරි වැරදි තියනවා.. මම ක්‍රමවත්ව සැලසුම් කරන්නැතුව හුඟක් දේවල් කරලා තියෙනවා.. ක්‍රමවත්ව සැලසුම් කරලා යමක් ඉතුරු කරලා එහෙම තිබ්බනං අද මට මෙහෙම ගැටළුවක් වෙන්නේ නෑ.. මම පිටරටවල ගියා ඇමරිකාවේ මම ගිහිල්ලා තියනවා ,ඕස්ට්‍රේලියා හතර පාරක් ගිහිල්ලා තියෙනවා. ඇමරිකාවේ සමහරු මට කිව්වා මෙහෙ නවතින්න මේ රැකියාවක් කරන්න...මම නෑ නෑ මගේ කලාව ,මගේ භූමිය කියලා මම මෙහෙ ආවේ..
හැබැයි එතන මම සන්තෝසෙන් ඉන්නවා.. අදටත් මම බත්මුල ආවෙ නෑ කියලා මම රසට උයා ගන්නවා.. බත්මුල හදනකෙනාට කලාකරුවෙක් එක්ක ඉන්නවා කියන එක මම හිතන්නේ මම දන්නෙ නෑ මම ගෑනියෙක් නම් මටත් ඉන්න බෑ... මම බිරිදක් කියන්නකො.. ජයසේකර අපොන්සුත් එක්ක මට ඉන්න බැරි වෙයි.. ඒ කියන්නේ අර මම කිව්වේ සේනා නාට්‍ය.. සේනා නාට්‍ය දර්ශන විසි අටක් වෙන්වෙලා තිබුණා. මේ දර්ශන 28 කොරෝනා එනවත් සමගම නැවතිලා අවලංගු වෙලා.. දර්ශන පහයි කළේ නැවතුනා. ආර්ථිකය වැහුණා.. ආධාර වලින් අරහෙන් මෙහෙන් තමයි අර සුගත් රෝහණ මැදවච්චියට ගිහිල්ලා තිබුනනෙ මෙවා එකක්.. මෙහෙම වෙනකොට මම තීරණය කළා පොඩ්ඩක් තනි වෙන්න ඕනේ. ඒ පැත්තටත් පොඩ්ඩක් තනිවෙන්නට දීලා.. මොකද දැන් රස්සාවක් කරලා හම්බ කරන්න පුළුවන්නේ.. මුදල්. මගෙත් එක්ක ඉදලා බත්මුල් බැඳ බැඳලා ඉඳලා හරි යන්නේ නෑනේ.. ඕකෙන් තේරුම් ගන්නකෝ.
✪ ඔබේ බිරිඳ දැන් කොහෙද ඉන්නේ?
එයා මැදවච්චියේ.. එයා වැදගත් හොඳ රස්සාවක් කරනවා.. මම එකට කැමති මම කැමති විතරක් නෙමෙයි එයාගෙ තියන සිහින් ඔක්කොම හරි යනවා.. එයා ලස්සන ගෙයක් හදලා තියෙනවා. ඒකට මං සතපහක්වත් දීලා නෑ..
✪ දෙන්න හිතෙන්නෙත් නැද්ද?
දෙන්න හිතුනට තියෙන්න එපැයි.. ඒව දරා සිටීම ගැන ස්තුතියි කරන්න නෙමෙයි හඳුන්කූරු පත්තු කරන්න ඕනේ.මට තවමත් telephone කරනවා. කතා කරනවා ,දුක සැප බලනවා.. ඒකත් ලොකු දෙයක්නෙ..
✪ කොච්චර කාලෙකින් මුහුණට මුහුණ දැක්කේ නැද්ද?
කොරෝනා ඡන්දෙන් පස්සෙ..
✪ ඒ කියන්නේ දැනට අවුරුද්දකින් විතර?
ඔව් කලාකරුවෙක් වශයෙන් විවාහ වෙද්දී තමන්ගේ ගමනේ තියෙන දුෂ්කරතා බලන්න ඕනේ.. මේක හරි දුෂ්කර ගමනක්.. ඒකෙදි හරි යනවා, සල්ලි හම්බ වෙනවා නැති වෙනවා.. හැබැයි ඉතින් ඒකා කාණුවට වැටුනත් ඌත් එක්ක ඉන්න දරගන්න පුළුවන් ශක්තියක් තියෙනවා නම් පමණක් තමයි විවාහයට ඇතුල් වෙන්න ඕනේ. ආදරය සෙනෙහස ඕනෙ. ඔයා පටන් ගත්තෙත් ආදරවන්තයා කියලනෙ...
✪ ඔයා සමාජයත් එක්ක ඉන්නෙ හරිම සුහදශීලීව .හරිම මිත්රශීලීව. හරි ලෙන්ගතුව ඔය මිත්‍රශීලී බව ලෙන්ගතුකම ඔබේ පෙර බිරින්දෑවරුන්ට සහ මේ නව බිරිඳටත් ඒ විදිහටම ලබා දෙනවාද?
ඔව් ඔව්.. කිත්සිරි තමයි මගේ කසාදෙටත් අත්සන් කළේ..
✪ පහුගිය දවස්වල අපි දැක්කා සමහර සමාජ මාධ්‍ය වල අයියාගේ විවාහය පිළිබඳ විවිධ අර්ථකථන එක එක අනාවැකි පළ කරලා තිබුණා සහ නව විවාහය පිළිබඳව එක එක ප්රවෘත්ති පළ කරලා තිබුණා.. ඔබ වගේ නිහඬව ඉන්න කැමතියි රටට බරක් නොවෙන්න සහ කාටවත් වදයක් නෙවි ඉන්න කෙනෙකුට ඒ වගේ ගොසිප් නිව්ස් වැරදි දේවල් දැක්කහම මොකද අයියට හිතෙන්නේ?
ගොසිප් කියන්නේ මාරයාගේ උදව්වක්.. මාරයා ගැන මම අර කිව්වේ මාරයා කියනවා එක තැනක බුදුරජාණන් වහන්සේ බුදු වෙනකොට මා පරාජය කරන කොට මම හිතුවා අපිට අපායක් නැති වෙයි කියලා.. ඒත් උන්වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ යක්ෂයාව හවුල් කරගෙන කොහොමද දුන්න ගේම් ටික.. බබා උඩට විසි කරලා කොකා ගස්සන්න තරම් හිට්ලර්ගේ ඔලුව අවුල් කලේ කවුද මේ මාරයා.. අන්තවාදී බෝම්බය ගෙනාවේ කවුද මේ මාරයා..
ඒ වගේ ගොසිප් ගෙනාවේ කවුද මාරයා.. දැන් මේ කුණු රසයට හුඟාක් අය කැමති. පාලු අඳුරු නිල් අහස මමයි සිංදුව ඒ කුණු රසය නෑනේ.. කල්‍යාණි ඔබ නෑසු කතාවක් කියන්නම් ඒ සිංදුවෙ පවා කුණුරසය නෑනෙ.. ගොසිප් කරන්නේ කිසියම් ක්ෂේත්රයක දක්ෂයෙක් නැගලා එනකොට ඒ දක්‍ෂයගෙ කකුල් වලින් අදින්න ඌට මඩ ගහන්න ,දේශපාලන කට්ටියට අර දාන එව්වා හොඳ නෑ.. එහෙම හිතෙන්න මනස මානව දයාවක් තියෙන්න ඕනේ. කෙලින්ම මාරයාගේ කට්ටිය කියලා කියන්නේ මම ඒකයි.. ඒවා ලියන්නෙ සමාජය අවුල් කරන්න දක්ෂය වට්ටන්න..
✪ බලහත්කාරයෙන් අයියා තනිකම හොයාගත්ත කෙනෙක්.. දැන් මේ දවස් වල බිරිඳට නිදහස දීලා මේ දවස්වල තනිවන ඉන්නවා කිව්වා.. ඒ තනිකම හරිම සුවදායකයි කිව්වා.. ඒ සුවදායක තනිකමින් මේ දවස්වල ගන්න වැඩ මොනවද?
මම සන්තෑසිය ලන්තෑරුම කියලා නාට්‍යයක් ලියනවා දීර්ඝ එකක්.. එතකොට සුබා කියලා ටෙලි චිත්‍රපටයක් මම උමා කියලා ටෙලි චිත්‍රපටියක් කරා එක දෙරණ යනවා.. ඊළඟට ගසා තියෙනවා තාම පරිසරය එක නම් මම හිතන්නේ අවුරුදු දෙක තුනක්වත් යයි.. ඉස්සෙල්ලම පිටපත ගිහිල්ලා අපේ මේ අගමැතිතුමාට මම පිළිගැන්වූයේ.. එතකොට කොරෝන ඇවිල්ලා නෑ.
✪ ක්ෂේත්‍ර තුනේම රඟපානකොට සිනමාවේ වේදිකාවේ ටෙලිනාට්‍ය අමතක නොවන සිදුවීම් මොනවද?
සිනමාවෙන් ගත්තොත් මම ඉස්සෙල්ලාම චිත්‍රපටයක් කරා ඒ රෑ රූ ඒ චිත්‍රපටිය. ඒකෙ ප්‍රථම දර්ශනය දිල්හානි අශෝකමාලා.. කැමරාව මෙහෙම තියලා මම නැමිලා ඉන්නවා මෙහෙම කැමරාවට පේන්නෙ මගේ පිටයි දිල්හානිගේ අතේ කිනිස්ස. දැන් පිටෙ කලා අධ්‍යක්ෂකට කියලා ලෑල්ලක් බැඳලා තියෙන්නේ.. දැන් අරයා අනිනවා.. දැන් මෙම අත් දෙක අල්ලලා මම ඇක්ෂන් කියන්නෙත් මමම තමයි නැමීගෙන.. ඇක්ෂන් කිව්වා.. ඇන්නා.. මට නිකං දැනුන මොකක් ඒකක්.. ගලවලා බලනකොට ලෑල්ල පැලිලා අරක පොඩ්ඩක් බැස්සිලා.. තව පොඩ්ඩක් බැස්සනම් රෑ රූ තමයි.
ඊට පස්සේ වේදිකාව ගැන කතා කළොත් තටු නාට්‍ය දිගන හෝල් එකක ෙපන්නවා houseful. සෙනග හැරිලාත් ගිහිල්ලා.. දැන් ඒකෙ තියෙනවා අපේ කිරිල්ලියෝ සලන තටු නේ.. ඒ සිංදුව නටාගෙන අපි යනවා කෙල්ලො ටික ඊට පස්සේ අර ඔක්කොම කෙල්ලො ටික මෙහෙම එක්කහු වෙලා ගරුතර මැතිදුනි ඔබ සැම සාදරෙන් ගෞරවයෙන් පිළිගන්නෝ කියලා.. මෙහෙම කරලා.. මෙහෙ ඉස්සෙනකොට මම දැක්කා අර යකඩ බාර් එක බැඳලා තිබුනේ මැද වේදිකාවෙ.. ලයිට් ,ලයිට් ගොඩයි. මෙහෙම මෙහෙම වුණා .මම මේ කට්ටියම අරගෙන පැන පල්ලා ඉස්සරහට කියලා ගියා.. කඩාගෙන වැටුනා... හිටියනං එතන දෙන්නෙක් තුන්දෙනෙක් මැරිල ඒ තරම් නවීන වේදිකාවල්නේ තියෙන්නෙ.
ටෙලි නාට්‍ය පැත්තෙන් ගත්තොත් මම ගිජව කියලා ටෙලිනාට්‍යයක් කරා.. ඒකෙ තියෙන්නෙත් කෙනෙක් මැරිලා ගන්ධබ්බ යන එක. ඒෙකත් අධ්‍යක්ෂක මම, නළුවත් මම.. දැන් අපි මේකෙ මේ location බලද්දි ඝන කැලෑවක් දිගටම උඩ කැලේ මෙහෙම පාර.. පාර අයින තමයි මට වෙඩි තියන දර්ශනයක් තියෙන.. පිස්තෝලෙකින් කැලේ ඉඳලා වෙඩි තියනවා.. වෙඩි තියන එක වෙනම අරගෙන මට දැන් වෙඩි වැදිලා මම මැරිලා වැටෙනවා. වැටුණම මගේ සිරුර ඇතුළෙන්ම නැගිටිනවා අර චුති සිත.. නැගිටිනකොටම මම දැක්කා අර කැලේ මෙහෙම තියනවා පල්ලෙහාට තියනවා කණ්ඩියක් වගේ ඒ කන්ඩියෙන් අර ලීලි මල් අරගෙන සීයා කෙනෙක් මෙහෙම බහිනවා.. දැක්කා.. දැක්ක ගමන් මම කට් කරපු ගමන් මම බන්දු ගමු අර සීයා ඒන ඒක.. සීය බැහැගෙන එන එක ගත්තා.. ඒතකොට නාට්‍ය හැටියට සීයා මට මල් මිට දෙනවා අර මැරිච්ච.. දීලා එයා අතුරුදහන් වෙනවා.. අපි එක කරා කරලා එයාගේ නම ගන්න ඒයාව හොයනවා හොයනවා එයා නෑ.. දැන් මල්මිට දුන්නට පස්සේ අර මනුස්සය නෑ ..ඒ අවට මිනිස්සු ඇවිල්ල හිටියනේ. ඒගොල්ලො කිව්වා ඔතනින් උඩ ගෙයක්වත් නෑ ,පාරකුත් නෑ. දර කඩන්න ගෑනියෙක් ගියොත් ඇරෙන්න මේ වගේ සීයා කෙනෙක් යන්නේ නැහැ කිව්වා. ඒ සීයාව අදුරන්නෙත් නෑ කිව්වා..
✪ බය හිතුණේ නැද්ද?
බය හිතුණෙ නෑ ..මොකද මම අර නිර්මාණයම ගිලිලා හිටපු නිසා. ඒ දවස මම හරි බය කෙනෙක්. ඒත් දැන් නම් බය නෑ. දැන් තනියම නිදා ගන්න පුළුවන්.
✪ එතකොට අයියාගේ ජීවිතේ ලබපු හොඳම සම්මානය හරි ඇගේම හරි මොකක්ද?
1975 ඒක මරු කතාවක්.. අපි වසන්තයේ දවසක් කියලා චිත්‍රපටයක් තියෙනවනේ..ඒ චිත්‍රපටය රූගත කිරීම්වලට කුරුණෑගල ගියා.. දැන් රෙස්ට් හවුස් එකේ මමයි සෝමි එක කාමරේක.. රවින්ද්‍ර රන්දෙණිය එක කාමරේක. රවීන්ද්‍ර රන්දෙණිය තමයි ප්‍රධාන චරිතේ.. හැන්දෑවේ පොඩි මධු පැන් ටික්ක මේවා කරගෙන ඉන්න ගමන් රවින්ද්‍ර රන්දෙණිය මහත්මයා ඇහුවා අපොන්සු නැද්ද මේ festival එකේ.. මම කිව්ව ඉන්නවා. මොකේද ..මම කිව්වා මේ පරපුටුයි රන් ලන්තැලුම කියලා.. ආ final ..දැන් මම කිව්වා ෆයිනල් පෙන්නුවා..
රියසල් ?මම කව්වා මම නං රියසල් දවස් පහයි ගියේ.. ඊට පස්සේ රවින්ද්‍ර රන්දෙණිය ඒ ආර් ආර් සමරකෝන්ගේ ඉඩම නාට්‍ය ප්‍රධාන චරිත ඒ දෙබස් ඛණ්ඩයක් කිවුවා කියලා කියලා කියලා කියලා කොහොමද ඇහුවා..
මම නැගිටලා අතට අත දීලා කිව්වා හොඳම නළුවා best actor වෙනම ඔයා.. මේ රාජ්‍ය වේදිකා නාට්‍ය උළෙල ගැන කියන්නේ. දැන් අන්තිම දවසේ final අන්තිමට ඉඩම තමයි පෙන්නුවෙ.. කියනවා නිවේදක ඇවිල්ලා විශිෂ්ට කුසලතා ඉස්සෙල්ලම.. රවින්ද්‍ර රන්දෙණිය ඉඩම නාට්‍ය.. ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා දැන් හොඳම නිළිය ආර් ආර් සමරකෝන්ගේ ඉඩම නාට්‍යයේ චන්ද්‍රා කළුආරච්චි.. මම එවෙලෙ සෝමියාට කිව්වා සෝමියා ඔන්න බලහන් රවීන්ද්‍ර රන්දෙණිය best actor කියලා.. ඔන්න මෙන්න දැන් අර නිවේදනය කරන්නේ නිකං රේල්පාරක, දුම්රිය මාර්ගයක ලන්තෑරුමක් එල්ලාගත් මගේ චරිතේ.. හේතුපාඨය කියනවා.. හොඳම නළුවෝ ජයසේකර අපොන්සු වුනා.. අපේ සුදර්ශගේ කොල්ලො මාව කරඋඩින් ගෙනිච්චා. ඉතින් ඒ එක.. ඊළඟට 84 පාතාලේ සොල්දාදුවෝ සම්මාන දහතුනයි. රචකයා, අධ්‍යක්ෂක ,නලුවා, උළෙලේ හොඳම නාට්‍ය. ඒ හතර මට.
✪ ජීවිතේ මතු බලාපොරොත්තු මොනවාද?
මම දැන් තරු ස්වභා කියලා චිත්‍රපටයක් කරලා තියෙනවා.. මේ චිත්‍රපටය තිරගත කරන්න මම හරි ආසාවෙන් බලාපොරොත්තුවෙන් ඉන්නවා.. හැබැයි කියන්න බෑ.. මොකද අපේ ජයලත් මනෝරත්න ගැහැනු චරිතයක් කරානෙ ලස්සන දක්ෂ විදියට කළා ඒක.. නමුත් ඒක බලන්න යන්න එයාට බැරි වුණා.. ඒ වගේ මගේ තරුස්වභා ගැන මම හිතන් ඉන්නවා.. මොනවා වෙයිද දන්නේ නෑ. .හැබැයි ඉතින් මම නැතිවුනත් තරු ස්වභා නග්ගල ගන්න කියලා මම කියනවා..
ආයිත් අනිත් එක මගේ රංගන පන්තියක් තියෙනවා ඕක කට්ටිය දාලා හොඳ වේදිකා නාට්‍යයක් කරන්න මම බලාපොරොත්තු වෙනවා.. ඒව තමයි ඉතින් වැඩි ලොකු බලාපොරොත්තුවක් නෑ ..ආයි පොඩි ගෙයක් එහෙම හදාගන්න ආසයි.. මොකවත් නෙමෙයි ඉතින් මැරිලා යනකොට කෞතුකාගාරයටවත් ඉතුරු වෙයි නේ..
✪ ඊළඟ ආත්මේ ගැන තියන බලාපොරොත්තුව මොකක්ද?
ඔය නිවන් සැප ලැබේවා කිව්වට මම නිවන් යන්නේ නම් නැති වෙයි... අමෘර්තෙ එහෙම තියනවානේ.. පොඩ්ඩක් ගිහිල්ලා රහ බලන්න වෙයි වගේ.. එතකොටජයලත්ලා එහෙමත් ඉඳී.. ටෙනිසන්.. මම ඇත්තටම මෙහෙමයි corona කියනවා මම ඒවා ගැන මම මෙහෙමයි උනු වතුර බොනවා, වාෂ්ප අල්ලනවා.. ඒවත් කරනවා.. ඒ බයට නෙමෙයි.
✪ ගොඩක් අය කිව්වනේ ඉන්දියාවේ ඉපදිලා තියෙනවා කියලා සහ කලාවෙන් තොර වෙන මොකවත් හිතෙන්නෙත් නැහැ කියලා කිව්වනේ.. දැන් චුති සිත නම් බලපාන්නේ අවසානයේදී කලාව ගැනම හිත හිතා හිටියොත් එහෙම ඊළඟ ආත්මේ ඉන්දියාවේ ඉපදෙනවට කැමතිද?
අප්පා නියමයි.. එක්කෝ බොලිවුඩ් හොලිවුඩ් නැත්නම් අඩු ගානේ ටැමිල් හරි කමක් නෑ..
සාකච්ඡාව - හරින්ද්‍ර ජයලාල්
0 Comments