නිරෝධායන නීති උල්ලංඝණය කරමින් කටුගස්තොට රණවණ පාරේ පවත්වාගෙන ගිය පෞද්ගලික අධ්‍යාපන ආයතනය තුළ නිරෝධානයට ලක්කර සිටි 58 දෙනකුගෙන් 31 දෙනකු කොරෝනා ආසාදිතයන් බවට හෙළිවී ඇතැයි කටුගස්තොට පොලීසිය පවසයි. නිරෝධායනයට ලක් කර සිටි එම පෞද්ගලික අධ්‍යාපන ආයතනයේ ගුරුවරුන් ඇතුළු සිසු සිසුවියන් 58 දෙනකු සඳහා කරන ලද පී.සී.ආර්. පරික්ෂණයේ ප්‍රතිඵල අනුව ඉන් 31 දෙනකු කොරෝනා ආසාදිතයන් බවට සෞඛ්‍ය අංශ විසින් තහවුරු කරගත් බව ද පොලිසිය සඳහන් කරයි.
නිරෝධායන නිතී උල්ලංඝණය කරමින් මැදවල රණවන පාරේ නිවසක් තුළ අධ්‍යාපන කඳවුරක් පවත්වාගෙන යන බවට පොලිසියට ලද තොරතුරකට අනුව ඉකුත් 03 වැනිදා කටුගස්තොට පොලීසියේ පරිසර අංශයේ ස්ථාධිපති උප පොලිස් පරික්ෂක අබේසිංහ මහතා ඇතුළු නිලධාරිහු මෙම ස්ථානය වැටලූහ. අපොස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සිසු සිසුවියන් සඳහා පවත්වන ලද න්වාසික පුහුණු කඳවුරක් ලෙසින් පවත්වාගෙන යමින් තිබූ මෙම කඳවුරේ වැටලීම් සිදුවන අවස්ථාවේ දී ශිෂ්‍යාවන් 52 දෙදෙනකු සහ කාර්ය මණ්ඩලය 06 දෙනකු සිට තිබිණි. එහි අධ්‍යාපනය හැදෑරූ එක් ශිෂ්‍යාවකට කෝවිඩ් ආසාදනය වී ඇති බවට පොලීසියට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුව ඇති අතර එහිදී එම සිසුවිය රෝහල් ගත කර ඇති බවද පොලිසිය සඳහන් කළේය.
ඒ අනුව, එම ස්ථානයේ සිටි ගුරුවරු ඇතුළු ශිෂ්‍ය ශිෂ්‍යාවන් 58 දෙනකු එම අධ්‍යාපන ආයතනය තුළම නිරෝධායනය කිරිමට සෞඛ්‍ය බලධාරින් කටයුතු කර තිබූ අතර එහි දී සිදුකළ පී.සී.ආර්. පරික්ෂණයක දී ඉන් 31 දෙනකුට කොවිඩ් ආසාදනය වී ඇති බවට ඊයේ (15) තහවුරු වූ බව සඳහන් වෙයි. කොවිඩ් ආසාදිත පිරික්සන් රෝහල්ගත කළ යුතු පිරිස සම්බන්ධයෙන් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරීන් එම ස්ථානයට ගොස් පරික්ෂාවක් සිදු කළ බවද පොලිසිය සඳහන් කරයි.
-නිමන්ති රණසිංහ-
0 Comments