
මහනුවර දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් 15,000 ක් සඳහා ස්පුට්නික් V එන්නත ලබාදීමට නියමිතව තිබුණත් හදිසියේ එය අත්හිටුවනු ලැබ තිබේ.
මේ හේතුවෙන් එන්නත් ලබාගැනීමට පැමිණි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් පත්වූයේ දැඩි අපහසුතාවකටය.
මේ සම්බන්ධයෙන් අද දහවල් පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කළේ, “එන්නත් සියල්ල මහනුවරට ගෙනැවිත් තිබෙන්නේ. නමුත් ඊයේ හවස වනවිට නැවත වසංගත රෝග අංශයෙන් දැනුම්දීමක් කරලා තිබුණා මේ බෙහෙත් තොගයේ සහතික පත්‍රය, ඒකේ වොරන්ටිය මේක ජනතාවට ලබාදීම සුදුසුයි කියන කඩදාසිය සෞඛ්‍ය අමාත්‍යාංශයට ලැබිලා නැහැ කියන පණිවිඩය ලබාදුන්නා. ඉතින් අපිට සෞඛ්‍ය උපදෙස් අනුවයි කටයුතු කරන්න වෙන්නේ ඒ නිසා හදිසියේ අද වැඩසටහන අත්හිටුවන්න සිදුවුණා.
නමුත් අඟහරුවාදා සිට එන්නත්කරණය අරඹන්න හැකිවේවි“ යනුවෙනි.
Comments
Post a Comment
Your comment will be visible after approval