karu-jayasuriya-speaks

හිටපු කතානායක කරු ජයසූරිය මැතිතුමන් මෑතක කළ මාධ්‍ය අදහස් දැක්වීමක් මේ සමග පළවේ.

හුදු විවේචන සහ දෝෂාරෝපණ සිදු කිරීම අපේ අරමුණ නොවුනත් පවතින යථාර්ථය තේරුම් ගනිමින් ඒය පෙන්වා දීම අපේ සතු වගකීමක්. රටේ වර්තමාන තත්වය අපි සුළුවෙන් තැකිය යුතු නැහැ. අද අපි ඉතාමත් භයානක තත්වයක ඉන්නේ . රට ගිනි ගැනීම් තිබෙන අවස්ථාවක .ෙලා්ක සෞඛ්‍ය සංවිධානයෙන් පවා මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය දැනුවත් කරලා තියෙනවා, උපදෙස් දීලා තියෙනවා .ඒ නිසා රටක් වශයෙන් අපි කතා කළොත් අපි කතා කරන්න ඉතාමත් වගකීමකින් යුතුව සහ කාර්යක්ෂමව කටයුතු කළ යුතු වකවානුවක. නමුත් එවැනි පරිසරයක් මේ රටේ දකින්නට තිබෙනවා ද?  වසංගතේ ඇති අති බිහිසුණු බව හා එමගින් ඇති කරන ප්‍රතිවිපාක පිළිබඳව අවබෝධයක් මේ රටේ ජනතාව තුළ එහෙම නැත්නම් බහුතරයක් තුළ තිබෙනවා ද? ඒ වගේම අද වන විට අපි මේ මුහුණ දෙමින් සිටින මේ අවාසනාවන්ත තත්ත්වයට ගොදුරු නොවී මේ වසංගතය සාර්ථකව මර්දනය කිරීමට අපිට ඉඩකඩ නොතිබුනත් ඇත්ත වශයෙන්ම අපි ඒ ගැන අපෙන්ම ඇසිය යුතු ප්‍රශ්නයක් .පසුගිය වැරදි ගැන විතරක් කතා කිරීමෙන් මේ අනතුර ජයගැනීමට නොහැකි වුණත් ඒවා තේරුම් නොගෙන ඒවාගෙන් පාඩම් ඉගෙන නොගෙන අපිට යථාර්ථයට මුහුණ දෙන්නට බෑ. මේ නිසා සිදුවෙමින් පවතින මේ විනාසය දැන්වත් තේරුම් ගනිමින් හෙට දවස හෝ මීට වඩා යහපත් කිරීම සඳහා අප සියලු දෙනාම පෙරට ආ යුතුයි. අපිට උපදෙස් දෙමින් අප  දිරිමත් කරන දේශීය සහ විදේශීය ශ්‍රී ලාංකික විද්වතුන්ගේ මතය වූයේ රට අවම වශයෙන් සති දෙහෙකට හෝ වැසිය යුතු බවයි. අපිත් ඒ මත ඉන්නවා වගේම, රජයටත් ඒ අවවාදය බොහෝ තැන්වලින් ලැබුනා.

නමුත් ඒ අවස්ථාවේදී රජය බලධාරීන් මේ සම්බන්ධයෙන් අවධානය යොමු කළේ නැහැ. නමුත් දැන් ජනාධිපතිවරයා සහ රජය මේ කරුණ ගැන එකඟ වෙලා එක මතයකට පැමිණීම  ඉතාමත් වැදගත් ප්‍රවණතාවයක් විදිහට දකිනවා. අනාගතය විද්වතුන් සහ බලධාරීන් පොදු ජාතික ප්‍රශ්නවලදී එකඟත්වයට පැමිණිලා සමගියෙන් එකමුතුව එකගත්තෙන් කටයුතු කරන්න පුළුවන් නම් මම හිතන්නේ අපිට ඕනම අභියෝගයකට මුහුණ දෙන්න පුළුවන් .පහුගිය අප්‍රේල් මාසයේ මට මතකයි අපේ බුද්ධි මණ්ඩලය විසින් වැදගත් කරුණු කිහිපයක් බලධාරීන්ට යෝජනා කළාප


පළමුවෙන්ම අපි කිව්වේ වැඩිම pcr පරීක්ෂණ කරන්න කියලා. රටේ යථාර්ථය මේකෙන් තමයි තේරුම් ගන්න පුළුවන් .ඒ වගේම ලෝකයේ සමහර රටවල් බුද්ධිමත්ව ඒ වගේම දීර්ඝ කාලීනව කටයුතු කළා වගේ වැඩසටහනක් දියත් කළා වගේ අපි කිව්වා අවුරුදු 10 ට වැඩි සෑම පුද්ගලයෙකුටම දෙසැම්බර් 31 වනදාට පෙර එන්නත් ලබාදීමේ වැඩසටහනක් ආරම්භ කරන්න කියලා. අද එංගලන්තෙ අවුරුදු 10 ට වැඩි සෑම කෙනෙකුටම මේ අනුව ක්‍රියා කරනවා. මේක තමයි අනාගතය දිහා බලන විදිය.  ලබන අවුරුද්ද වෙනකොට කුඩා පාසල් දරුවෝ පවා මේවට මුහුණ දෙන්න පුළුවන් ශක්තියක් ඇති කරගන්නවා. සමහර රටවල් එක අවුරුදු දහතුනක් කරලා තියනවා ,සමහර රටවල් 15 කරල තියනවා. ශ්‍රි ලංකාව මම හිතන්නෙ බුද්ධිමත්ව හිතලා අපි මේක අවුරුදු 10 ක කලත් අපහසුතාවක් වෙන්නේ නෑ.  ඒ සඳහා අවශ්‍ය වෙන්නේ එන්නත් මිලියන 30 යි.ඒක අපිට ලේසියෙන්ම ලබාගන්න පුළුවන්. දැනටමත් අපි එන්නත් මිලියන චීනනෙන් ඒන්නත් මිලියන පහළොවක්  ඇනවුම් කරලා තියනවා. රුසියාවෙන් එන්නත් මිලියන පහළොවක් ඇනවුම් කරල තියනවා. ඒ වගේම convex global ව්‍යාප්තිය තුළ අපිට තවත් මිලියන 1.2 ක් හම්බ වෙනවා. අමතරව චීන සමාගමක් ලංකාවේ මේ ඖෂධ හදන්න පටන් අරගෙන තියෙනවා .එනිසා කිසිම බයක් සැකක් නැතුව අපිට මේ වැඩසටහන දියත් කරන්න පුළුවන්. ඒ නිසා මේ අවස්ථාවේ මා නැවතත් රජයට ඉතාමත් වගකීමෙන් හැඟීමෙන් යුතුව ඉල්ලීමක් කරනවා මේ  ප්‍රතිපත්ති අනුගමනය කරන්න.  මේක ඕගොල්ලන්ට නැත්නම් රජයට වරදින්නේ නෑ. මේක තමයි බුද්ධිමත්ව අපිට කරන්න පුලුවන් එකම දේ .


මේ සඳහා අවශ්‍ය සම්පූර්ණ මුදල අද අපි ගාව තියෙනවා .කිසිම ප්‍රශ්නයක් නෑ .මිලියන තුන් හාර සියයක් යයි. ඒ මුදල් රජයට ලැබිලා තියෙනවා. astrazeneca එන්නත් මිලියන 1.2650 ක් ලැබිලා තියෙනවා .ස්පුට්නික් වී ලැබිලා තියෙනවා එන්නත් පනස්දාහක්. sinopharm එන්නත් හත් ලක්ෂ තිස් නවදහස් තුන්සිය අනුහයක් ලැබිලා තියෙනවා .ඒ වගේම ඉදිරි දින කිහිපය තුළ sinopharm සහ sputnik විශාල සංඛ්‍යාවක් මිලියන තුනක් ,හතරක් පමණ ඉදිරි දින දහය තුළ ලැබීමට නියමිතව තිබෙනවා. එනිසා අපිට කිසිම බයක් නැතිව සැකයක් නැතුව නිර්භීතව අපෙ එන්නත් වැඩසටහන කරන්න පුළුවන් .ඒකට අවශ්‍ය වෙන්නේ සැලැස්මක් ඒකට අවශ්‍ය වෙන්නේ දැක්ම සහ කැපවීමක් .මෙතනට දේශපාලනය ආවොත් ඔක්කොම අවුල්  වනවා. අපේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විශාල හැකියාවක් තියෙන දෙපාර්තමේන්තුවක්. විශේෂයෙන්ම බිම් මට්ටමින් ඒ ශක්තිය අපිට තියෙනවා.ඒ  නිසා අපි ඕන කෙනෙක්ට කතා කළොත් කියන්නේ දිනකට එන්නත් ලක්ෂයක් ලබා දීම ඒ අයට ප්‍රශ්නයක් නෙමේ කියලා .

අද උදෙත් මේ ගැන ප්‍රශ්න විමසුවා විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් ඒ අය කියන්නේ කැපවීමක් තියෙනවා නම් අපිට එක ලබාගන්න පුළුවන් කියලා. ඒ නිසා විශ්වාසයෙන් යුතුව දීර්ඝකාලීන සැලැස්මක් ඇතිව 2021 දෙසැම්බර් මාසය වන විට සෑම පුරවැසියෙකුටම එන්නත් ලබාදීමේ වැඩසටහනක් සම්බන්ධයෙන් අපිට ජාතික එකඟතාවයකට එන්න පුළුවන්නම් මෙතන ආණ්ඩුවට ,විපක්ෂයට, විද්වතුන්ට සෑම දෙනකුටම එකඟ වෙන්න පුළුවන්.  ලෝකයේ සෑම රටක්ම මේ තීරණය අරගෙන නෑ. නමුත් අපි දැකලා තියෙනවා මේ ගත්ත තීරණය ගත්ත රටවල් අද බොහොම සැහැල්ලුවෙන් ජීවත් වෙනවා .ඒ වගේම අපි දැක්කා lockdown කාලය ජූනි 14 දක්වා දීර්ඝ කළා. ඒකත් අපි කියන්නේ හොඳ ප්‍රවණතාවක්. මෙතනදි මේක දේශපාලන තීරණයක් නෙමෙයි කියලා අපි විශ්වාස කරනවා.


 මේක විද්වතුන්ගේ අවවාද ,අනුශාසනා, උපදෙස් අරන් ගත්ත තීරණයක් .මේකෙන් විශේෂයෙන්ම අඩු ආදායම්ලාභීන්ට, දවස් පඩි ගන්නා අයට ,විශාල දුෂ්කරතා ඇති වෙනවා. ඒ නිසා රජය යුතුකමක් තියෙනවා මේ අයට පහසුකම් ලබාදීමට. ඒවා ගැන අපි සියලු දෙනාම කැප වුනොත් අපිට ඉතුරු දින කිහිපයක් ඉවර කරාට පස්සේ දාහතර වැනිදායින් පස්සේ අපිට යම්කිසි විදිහක සැනසෙන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා .නමුත් මෙතනදි තව කරුණක් කියන්න ඕන විටෙන් විට මේක සදහන් කලා .අපි තාමත් උපයෝගී  කරන්නේ සතියක් පමණ පැරණි දත්ත .සතියක් විතර පැරණි දත් අරන් අපි තීරණ ගන්නවා නම් විද්‍යාත්මක තීරණ ගන්නවා නම් අපි දකින විදියට එක ඵල රහිතයි .ඒ නිසා හැකි ඉක්මනින් අපිට කාලානුරූප දත්ත ලබා ගැනීමට කල් නොයවා දත්ත ලබා ගැනීමට හැකි ක්‍රමවේදයක් ෙසෟඛ්‍ය දෙපාර්තමේන්තුව ආරම්භ කිරීම ඉතාම වැදගත් වෙනවා.


ඒ වගේම අපි ඊයෙ පෙරේදා ද මාධ්‍ය හරහා දැක්කා නුවර ප්‍රදේශයේ sputnik එන්නත සම්බන්ධයෙන් මත දෙකක් ඒක රජයක් තුළ මත දෙකක් ප්‍රකාශ වෙලා තියෙනවා .රජයක් තුළ මතයන් දෙකක් ප්‍රකාශ වෙනවා නම් එක එක අතකින් මහජනතාව නොමඟ යනවා. අනිත් අතින් රජයේ ආධිපත්‍යටත් හානියක් ඒක රජයට අපහාසයක්. එනිසා අපි විශ්වාස කරනවා අද වෙනකොට මේ සම්බන්ධයෙන් නිවරදි යථාර්ථය ජනතාවට පැහැදිළි කරයි කියලා. අපි දන්නවා මහජනතාව බොහෝ දෙනෙක් මේ සම්බන්ධයෙන් විමතියට පත් වෙලා තිබෙනවා. ඒ නිසා මේ නිවැරදි කළ යුතුයි .දැන් කටයුතු ඔක්කොම ඉවර උනාට පස්සේ අපි විශ්වාස කරනවා විශේෂයෙන්ම අපේ විද්වතුන් ලෝකෙම ඉන්න ශ්‍රී ලාංකික විද්වතුන් විශ්වාස කරනවා අවුරුදු 10 ට වැඩි සෑම පුද්ගලයෙකුටම දෙසැම්බර් 31 වැනිදාට පෙර ඒන්නත ලබා දීමටත් ඒ අනුව සැලැස්මක් ඇති කිරීමටත් ක්‍රියා කිරීම ඉතාම යෝග්‍යයයි කියලා. ඒ වගේම බුද්ධිමත් රාජ්‍යයක් ඒ වගේම බුද්ධිමත් රාජ්‍ය නායකයින් මෙන්න මේ තීරණ අරන් අද ඒ රටවල් වල කිසිම මරණයක් නැතිව ඒ ජනතාව ඉතාමත්ම පහසුවෙන් තමන්ගේ ජීවිතය ගත කරනවා. රජයටත් මෙම අවවාද ලබා දෙන්න සාමාන්‍ය පුද්ගලයෝ නෙමෙයි. රටට ආදරේ කරන බුද්ධිමතුන්, රටට ආදරේ කරන විශේෂඥයින් ඒ නිසා මොන පදවියක් දැරුවත් නැතත් මේ අයගේ හඬට කන්  දීම රජයේ යුතුකම කියලා මම හිතනවා.