kundasale-mahamewuna-covid19

කුණ්ඩසාලේ මහමෙවුනා අසපුව කොවිඩ් 19 අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වශයෙන් ‍සංවර්ධනය කර සෞඛ්‍ය අංශ වෙත භාර දීම අද (12) සිදු විය.


 මාස් හෝල්ඩින්ග් පෞද්ගලික ආයතනයේ සහායද සහිතව කුණ්ඩසාල මහමෙව්නා අසපුවේ විහාරාධිකාරී පූජ්‍ය නාලන්දේ පවර ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් මෙම කටයුත්ත සිදුවිය.
ඒ අනුව රෝගීන් දහසකට එකවර නේවාසිකව ප්‍රතිකාර ගැනීම සදහා අවශ්‍ය සියලු පහසුකම් ස්ථාපිත කර සංවර්ධනය කර ඇති මෙම ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී වශයෙන් වෛද්‍ය චමින්ද ඒකනායක මහතා කටයුතු කරන අතර, මාස් හෝල්ඩින් පෞද්ගලික ආයතනයේ සහ මධ්‍යම පළාත් සභාවේ මූල්‍ය ප්‍රතිපාදන මේ සදහා භාවිතා කර ඇත.
මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ  අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, අමාත්‍ය ලොහාන් රත්වත්තේ, අමාත්‍ය දිලුම් අමුණුගම යන අය සහ නිලධාරීහු ඊට එක් වූහ.